..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, August 9, 2010

෴ පවුල ෴


සුමුදු සුදු මුදු රැල්ල 
දොවන විට පා මගේ
මතකයන් පෙල ගැසෙයි 
රළ සයුර සේ සිතේ

මගේ පුංචි දෝණි දන්නවද... ඉස්සර දෝණිගේ තාත්තයි මමයි මේ වගේම ඉර බහින හැන්දෑවට අත අල්ලගෙන අර ඈත පේන තරම් දුර ඇවිදන් යනව......

ඉස්සර දෝණිගේ තාත්තටයි මටයි හරියට බාධක තිබුන.... ඒ බාධක හැම එකක්ම අපි දෙන්නට ජය ගන්න පුලුවන් වුනේ ඇත්තටම අපි දෙන්නගේ හිත් වල තිබ්බ සැබෑ ආදරය නිසයි .

අද පුංචි දෝණි මේ විදිහට අපි ලග ඉන්නෙත් අපි තුන් දෙනා මේ තරම් සතුටින් ඉන්නෙත් අන්න ඒනිසයි...

මගෙ දෝණිට ඉගෙන ගන්න තව ගොඩක් දේවල් මේ ලෝකේ පිරිල තියනව. අර පේන ඈත අනන්තය අල්ලන්න යන්නෙ නැතිව ලෝකේ තියන පුංචි පුංචි දේවල් වලින් හිතේ සතුට පුරව ගන්නේ කොහොමද කියල මම මගේ දෝණිට කියල දෙන්නම්.....

හැබැයි ඒ ඔක්කටම කලින් දෝණි ඉගෙන ගන්න ඕනි තමන්ගේ කකුල් වලින් ඇවිදින්න. එතකොට තමයි මුහුදු රළේ තියන සැබෑ ස්වරූපය විද ගන්න පුලුවන්....

හ්ම් හ්ම් ... දැන් හොඳ ළමය වගේ බිමට බහින්න.......

දෝණි වඩන් හිටිය 
මම
෴ වත් ෴

17 ප්‍රතිචාර:

priyantha.ඒබී said...

තොටිල්ලේනි වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති..
තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇති..
කියන්න දෙයක් නෑ. කවදත් වගේ ලස්සනයි.

wath said...

@ ප්‍රියන්ත ඒ බී සි ඩී
පදිංචිය ජංජාලෙම වගෙයි නේද.... හා හා හා ස්තූතීයි ස්තූතියි....

priyantha.ඒබී said...

මේක මාර වැඩක්නේ මගෙ උප්පැන්නෙ වත් නැති අකුරු කොහෙන්ද මෙතෙන්ට ආවේ.
අනේ මම පදිංචි ඔය මොකේද එකේ නේවේ. නුවර. නුවර කිව්වට පේරාදෙණියේ ඒ කිව්වට ඊට ටිකක් උඩින්.

nish said...

ලස්සනයි...........


නිශ්

Shadow/හේමලයා said...

ලස්සනම ලස්සනයි සිතුවිල්ල.....

හරී said...

මේ මගෙත් කතාවයි,, ලස්සන අදහස් වැල..

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...
සැබෑ වුන සුභ සිහිනයයි....

Hasitha ජයසූරිය said...

අනේ මන්ද

දුමී said...

පුංචි පුංචි අඩි හරි තියල වැටෙන්නෙ නැතුව ඇවිදින්න පුළුවන්නම්, ඈත අනන්තයේ තියෙන දේවල් උනත් අල්ලගන්න එක මහ අමාරු දෙයක් නෙවෙයි කියල චූටි දෝණිට කියල දෙන්න වත් නගෝ !

ඉලංදාරියා said...

හරිම ලස්සන හැගීමක් අක්කේ හරිම ලස්ස්නයි...

හෙළයා said...

අන්තිමට කියලා තියන කතාව බොහොම වැදගත්, ඒ වගේම මුළු කතාවමත් හරි අගෙයි.

wath said...

@ nish
ස්තූතියි නිශ්.

@ Shadow/හේමලයා
ස්කූතියි ෂැඩෝ....

@ හරී
හෝ හෝ... හරීට දෝණි කෙනෙක් ඉන්නව වගේ.මගේ සුබ පැතුම් දෝණිට..

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
දෝණි කෙනෙක් ඉන්නවද අභීත...

wath said...

@ Hasitha ජයසූරිය
මේ වගේ කතාවක් ලියන්න පටන් ගන්න කොටම මම දන්නව අපේ හසී පැටිය අතරමං වෙන විත්තිය..

පලමුව පාසල...

wath said...

@ දුමී
මට තාම දෝණි කෙනෙක් නැහැ අයිය. ඒත් කවද හරි දෝණී කෙනෙක් ඉන්නව නම් ආසයි....

දෝණි ලට දුර යන්න දෙන්න බයයි නේද අයියා.. අනේ මන්ද මට නම් හරි බයක් හිතෙනව යන්න ඇරල අත හරින්න...

@ ඉලංදාරියා
ආහ්... ඉලංදාරියා.... ස්තූතියි මල්ලියෝ....

වැප් said...

අපූරුයි

දිනුෂ් said...

දෙපයින් හිට ගන්න වගේම දෝණිට වෙරල ගැනයි රැල්ල ගැනයි එහෙමත් කියල දෙන්න අමතක කරන්නෙපා.එතකොට තමයි දෝණිට බයක් නැතුව වෙරලෙ ඇවිදින්න පුලුවන්,,

වෙනද වගේමයි...සරලයි....සොදුරුයි...

sansarasidu said...

අපූරු අදහසක් !

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...