..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, August 8, 2010

෴ රාමුව ෴




නුඹ මගේ ලෝකයම ගෙන ගියත් ඒ දිහා
මා ඉන්නේ කොටු වෙලා රාමුවට හිර වෙලා
රාමුවට කොටු වෙලා හිටිය ඇති දුක දරා
පැමිණ මා ගෙන යන්න නුඹ හිදින ලොව දිහා

අනන්තය පුරා යන ආදරය සිත දරා
 කොටු වෙන්න බැහැ නේද පුංචි ලෝකෙට  වෙලා
නුඹ බයයි. මම දනිමි මට ආදරේ නිසා
 එබී නුඹ මගෙ ලොවට හැර යන්න නම් එපා

වසන්තය අග සිටින නුඹේ සිත අරුම දැක
වසන්තය මුල පිපුන සුවඳ අඩු සුදු නෙළුම
රාමුවෙන් පිට වෙන්න කාලයයි දැන් එයට
එන්න විත් රැගෙන ගොස් සුවඳ රස විඳ ගන්න


රාමුවට කොටු වී සිටින 
මම
෴ වත් ෴

9 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

මම නම් පෙට්ටියෙන්/රාමුවෙන් ඔලුව එළියට දාගත්තයි කියමුකො....ඒත් හෙල්මට් එකක් ගන්න අමතක වුනා නෙව........

විහඟ ගීතය said...

රාමුවෙන් පිටව රාමුවකට යන්න
සීරුවෙන් ගමනකට හැඩවැඩ වෙන්න
වාරුවෙන් හබල් ගා ඉවුරට වෙන්න
පාරුවෙන් ආවා ගඟ පහලට එන්න

wath said...

@ Shadow/හේමලයා
අප්පොයි හිස බේර ගෙන කරන දෙයක්......

wath said...

@ විහඟ ගීතය

උඩු ගන් බලා පීනන්නට පිලිවන් නම්
සවියක් වෙලා ලග ඉන්නත් පිලිවන් නම්
හබලයි පාරුවයි ඉවුරට ආවා නම්
තව කල් බලනු ඇයි දැන්මම යන් එහෙනම්

෴ පුදුම හදිස්සියක් නේ මේ සොඳුරු සිතකට ෴

මාරයාගේ හෝරාව said...

රාමුවට කොටු වෙලා හිටිය කාලය පුරා..
හුරුව ගිය සෑම දෙය අත්හරින්නට වෙලා..
නෑ සියන් මිතුරු කැල සෑම දේනැති වෙලා..
යනු ඇතත් ඇය සිතයි යන්න ඉන් වෙන් වෙලා..

යනෙනා ගමන මග දැනගෙන යන්න සොඳා..
කරනා සියළු දේ දැනගෙන කරනු හොඳා..
සිතනා ලෙසින් සිතු දේ ලැබ ගන්න සොඳා..
පතනා සියළු පැතුමන් ඉටු වන්න සොඳා..

ඔඛෙ සැප පතන මම
෴මාරයා...෴

wath said...

@ මාරයාගේ හෝරාව
නුඹේ පලවෙනි කවියේ
පද ගැලපීම s කැලයේ
සුබ පැතුම් ඔබගේ
බාර ගන්නම් තුටින් මිතුරේ

රවා said...

කාලෙකට පස්සෙ අක්කාව මතක් වුණා, මම මෙතන බැනලා සටහනක් දාන්න හැදුවෙ. එත් එකට දැන් හිත දෙන්නෙ නැහැ. ඇවිල්ලා කවිටික බලලා යන්න, මට කවි ගොඩක් කියවන්න බැහැ,

හැබැයි අක්කෙ මම එක දෙයක් අවංකව කියන්න ඔනා,

මම කවි කිපයක් බැලුවා.
එ එකක් වත්

"මගෙ සමණලයා " තරම් මට ලස්සන නැහැ.
හැබැයි ඔයා දැන් එ කවිය වෙනස් කරලා. ලගදි ඔයා එක වෙනස් කරලා, මම අදහස් කරෙ තීම් එක නෙමෙ හරි, අපි ආස කවි අපිට හොරෙන් වෙනස් කරනවාට අපි තරහයි. අයෙ එන්නෙ නැහැ මෙ පැත්තට..

priyantha.ඒබී said...

රාමුවෙම හිරවෙලා උන්නත් තනිවෙලා..
රාමුවෙන් පිටවෙන්න දැන් කාලේ ලංවෙලා...
රාමුවෙන් පැමිනෙන්න සංතොසින් හිනැහිලා..
රාමුවෙන් එපිට ලොව බලා ඇති සැරසිලා..

අලි ඉන්නෙත් රාමුවලට කොටුවෙලා තමා

priyantha.ඒබී said...

අලි නොවේ
අපි ඉන්නෙත් රාමුවලට කොටුවෙලා තමා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...