..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, August 4, 2010

෴ බිරිඳ ෴


ඇය මගේ වූයේ නොසිතූ දිනක නොසිතූ විලස සිදුවූ හමුවීමකිනි. එය කෙසේ සිදුවුවත් ඇය දැන් මගේය.... වැඩ කන්දරාවකට යටවී ගෙවී ගිය මගේ ජීවිතය කෙතරම් නම් කර්කශ දැයි මට දැනුනේ ඇය මගේ ජීවිතයට පැමිණි දින සිටයි.

සියළු රාජකාරි නිමවී නිවසට ගොඩ වන මෙහොතේ මා පිළිගන්නට සැරසී සිටින ඇගේ දෑසට මම පෙම් කරමි. ඇතැම් දිනක මා නිවස කරා ලගා වන විට මැදියම් රැයට ඉතා ආසන්න වුවත් ඇයගේ නිදිබර දෙනුවන මා වෙනුවෙන් මග බලමින් සිටියි.

" රෑ වෙනකම් බලා ඉන්න එපා මම එනකම්. ඔයා කාලා බීලා නිදා ගන්න. මා ලග තව කී එකක් තියෙනවනේ" පැවසූවද. නිදි මරමින් මා එන පෙර මග බලා සිටින ඇය දැකීමට මගේ යටි සිත ආසා කරයි. එය දැන ගෙනදෝ මෙන් ඇය කිසි ‍දිනෙක මා පැමිණිමට පෙර නිවෙස වසා නින්දට යන්නේ නැත.

ඇය මා වෙනුවෙන් ඇය ආසා කරන බොහෝ දේ අතහැරියේ ඇයිදැයි මට සිතා ගත නොහැක. ඇයගේ රැකියාව ඒ අතරින් ප්‍රමුඛ වේ.උදෑසනම අවදිවන ඇය මුළුතැන් ගෙට රිංගාගනී.මා අවදිවන්නේ ඇගේ අතින්ම පිළියල කර ‍උණුසුම සෙනෙහස දැවටුන තේ කෝප්පයක් සමග ඇය මා වෙත පැමිණි පසුවයි.

" නැගිටින්න හොරා.. අන්න බලන්න දැන් වෙලාව.. ඔයාට හොඳටම පරක්කු වෙලා"
ඇය හමුවේ කම්මැලියෙක් වී බොරු නින්දක් ගන්නේ ඇයගේ ආදර සෙනෙහස සොයන කුඩා දරුවෙකු ලෙසිනි.

උදේ ආහාරයත් දිවා ආහාරයත් මා වෙනුවෙන්ම පිසින ඇය ඒ සියල්ල මට සූදානම් කර දෙයි.උදෑසන නිවසින් පිටවීමට යන මා පිටුපසින් පැමිණෙන ඇය දොරකඩ තෙක්ම පැමිණ මා මුහුණ දෙසම බලා සිටින්නේ යමකට පිළිතුරක් අපේක්ෂාවෙන් මෙනි. ඇගේ නලල සිබ සනහා." මම ඉක්මනින් එන්න බලන්නම් රත්තරන්" යැයි පවසන විට ඇගේ දෑස දිදුලයි. සිහින් සිනා රැල්ලක් සමග ලැජ්ජාශීලි වන ඇගේ මුහුණ බිමට නැඹුරු වන්නේ මා ඇය සිප ගත් පළමු දිනයේ මෙනි....

ඇය මා සිත නිවනා අන්දම හරිම අපූරුය. තැන නොතැන නොමැතිව තරහ යන මා සමඟ ඇය කිසිවිටක නොගැටේ.මා ඇයට තදින් බැණ වදින විට ඇය මුහුණ බිමට යොමු කරන් සිටින්නේ සියළු වැරදි ඇය අතින් සිදුවූ බවත් ඈ ඒ සියල්ලට වගකිව යුතු බවත් සිතන්නාක්මෙනි...

ඇය මා සිත නිවන සුනිල දිය දහරයි
ඇය මා ජීවිතය සුරකින්නේ බිත්තරයක් සුරකින කිකිළියක මෙනි.
මගේ ලේ නහර පුරා සතුට දල්වන්නේ ඇයයි
ඇය නැතිව මම ????????
ඇය නැතිව මම
සැබැවින්ම 
ඇය මා මාගෙන් උදුරා ගෙන ඇත.....

ඔහුගේ බිරිඳ වන
මම
෴ වත් ෴

21 ප්‍රතිචාර:

priyantha.ඒබී said...

ඔහු කොතරම් වාසනාවන්තද? නියම පවුල් ජිවිතයක් ගැන සටහනක්.

priyantha.ඒබී said...

මොකද අද කතන්දර බලන්න ඇවිත් නැත්තේ.

wath said...

අනේ අද වැඩ ගොඩයි.කතන්දරේ බැලුව. කොමෙන්ටුවක් ලියන්න බැරිවුනා.

Shadow/හේමලයා said...

ලස්සනට ලියල තියෙනවා.......

මාරයාගේ හෝරාව said...

අපෝයි..මෙලෝ රහක් නැති බිරිඳක් නෙව..
වලියක් නැති ජීවිතේ අර මොනවද නැති මොකක්ද එක වගේනේ...

wath said...

@ මාරයාගේ හෝරාව
අපොයි ඔවු. උඹයි මායි බැන්දොත් නම් හැමදාම වලි තමයි.
බේබද්දන් සමග වාසයට අකමැති මම
෴වත්෴

wath said...

@ Shadow/හේමලයා
ලස්නට ලියල විතරයි දැනට නම්.මම ආසම මේ වගේ වෙන්න. ඒත් කෝ මේ වාසනාවන්තයා තාම නැහැනේ....

මාරයාගේ හෝරාව said...

අපෝයි වැඩෙමයි...

පව්..
[දැන්වීමයි
ගෘහසේවිකාවක් අවැසි කෙනෙකුට හොඳ ගෘහසේවිකාවක් සපයා දිය හැක]

wath said...

@ මාරයාගේ හෝරාව
පුහ්...ගෘහ සේවිකාවට ද ආදරේ කරන්නේ.. හොදයි එහෙනම් වලි පිට වලි දාගෙන ඉන්න. වලන් කර මාරයාගේ කරේ තියෙන්න වැඩිකලක් යන එකක් නැහැ...
ගෘහ සේවිකාව කියන්නේ වෘත්තියක්.
බිරිද කියන්නේ සැමියගේ ආත්මය හා බද්ධ වෙන්න පුලුවන් කෙනෙක් ට...

එන්න එපා රණ්ඩුවට මාත් එක්ක...

ඉහි ඉහි ඉහි....

මාරයාගේ හෝරාව said...

ඔන්න අකමැති ඊළග අංගය..
අඩන්නී සහ වැළපෙන්නී...

අංකුර බද්ධය..? රිකිලි බද්ධයද දන්නේ නැහැ නේද..?

[කවුද කිවුවෙ ගෘහ සේවිකාවක් බිරිඳ කරගන්නවා කියලා..?]

තිස්ස දොඩන්ගොඩ said...

මේ කියා ඇත්තේ නම් මගේ ආදරණීය බිරින්දෑ ගැනමය....

෴ හසියා ෴ said...

ම්ම්ම්ම් නියමයි...
හෆ්ෆේ මේවගේ බිරිදක් ලබන්න සැමියා කොච්චර පිං කරලතියෙන්න ඕනිද...අනිත් එක මේ වගේ බිරිදක් වෙනුවෙන් සැමියෙක්ට කරන්න බැරි මොනාද..

Ansh Lucky Sri Jay said...

හ්හ්ම්ම්...
සෑහෙන්න හිතන්න ඕනේ කාරණාවක් වගේ නෙව.
අනේ මන්දා..
:D

Hasitha ජයසූරිය said...

මේ වගේ කෙනෙක් අනේ අපිටත් වාසනාවන් :D:D

wath said...

@ මාරයාගේ හෝරාව
හරි හරි කැමති විදිහට හොයා ගන්නකො. මයෙ මොකෝ. තමුන්ගේ මට්ටම් තම්මට්ටම්ලු.

wath said...

@ තිස්ස දොඩන්ගොඩ
මට මතක් වුනා අයියගේ වර්ණනාව. මම දන්නව මගත් ලියන කොටම" තිස්ස අයිය නම් අද කොමෙන්ටුවක් දානව" තමයි කියල. මගේ සිතුවිල්ල හරියටම හරි.

wath said...

@ ෴ හසියා ෴
ඔය ඉන්නේ.ඔයාට ඉහලින් කොමෙන්ටු දාපු උත්තමය ඒවගේ වාසනාවන්තයක් තමයි...

@ Hasitha ජයසූරිය
හා හා... පලමුව පාසල....

@ Ansh Lucky Sri Jay
කැමති නැහැ නේද.. එහෙම හිතනව නම් මේ වැඩේ අමාරුයි...

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

බෝඋවට කියනවා නෙමෙයි... මේ ලියලා තියෙන්නෙ මගේ බිරිද ගැන.... එක වෙනසයි.. ඇය තවමත් රැකියාවට යනවා...

charmi said...

හොඳ ලිවීමක්. හැබැයි මොකද්දෝ අමුත්තක් තියෙනවා. හරියට මේ වගේ.මේකෙ නම නැතිව වෙන කොහේහරි දාල තිබුනත් මේක පිරිමි කෙනෙක් ලියපු එකක් නෙමේ කියලා ගෙස් කරන්න පුළුවන් වගේ දෙයක්.

nish said...

niyamai.........

adika wada rajakaari mada gedara mathak una.....
samahara dewal mathak kalata pin....

Nish

විහඟ ගීතය said...

මගින් මඟ බලාගෙන පේවීඉන්න
හිතින් ගතින් නිරතුරුවම ලඟ ඉන්න
පතන්නෙක් වෙතොත් අඟනක් බැදගන්න
ඉතින් ඉක්මනින් ඇවිදින් අත ගන්න

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...