..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 3, 2010

෴ ආදර හසුන ෴


ආදරණිය මගේම ඔයාට......

ඉතින් කොහොමද ඔයාට.බලන්න ඔයා ගොඩ දවසකින් මට කතා කරේ නැහැ. දකින්න බැරි වුනත් කතා කරනව නම් හිතට සතුටුයි.... ඔන්න මම දන්නෙ නැහැ දැන් දැන් මට ඔයාව අමතක වේගෙන යනව වගේ..ඔවු ඇත්තම තමයි.ඔයා මට ලියන්නේ නැහැ. කතා කරන්නේ නැහැ.ඉන්නෙත් ගොඩක් දුර නිසා අමතක වෙනව. ඔන්න පස්සෙ මට දොස් කියනව එහෙම නෙමෙයි හොඳද.....

ඔයාව මතක් වුනාම මම ඔයත් එක්ක ගියපු හැම තැනම ඇවිදින්න යනව. මුහුදු වෙරළ, පන්සල,අර කවුරුත් එන්නැති කවුරුත් යන්නැති පාළු මල් පාර දිගේ මම තනියම ඇවිදින් යනව.ඔයා නැති වුනාට ඒ පාරවල් දිගේ ඒ ගස් වැල් වල පිපෙන මල් වල ඔයාගේ මතකය රැදිල තියෙනව.. 

එක දවසක් හරි වැඩක් වුනා එහෙම ඇවිදන් යද්දි... කොහේද යන රස්තියාදු කාරයෙක් පාළු පාරේ මා පස්සෙන් ආවා... අනේ ඉතින් මම මතක අතර සැරි සරන එක පැත්තක තියල කකුල් දෙකට මුළු වීරිය දාලා දුවනව වගේ ඇවිදන් ඇවිත් මහ පාරටම ඇවිත් තමයි පස්ස බැලුවෙ... පස්ස බැලින්නම් මෙන්න අර රස්තියාදුකාරයා පන්තියන පුංචි කෙල්ලෙකුත් අතේ දවටන් යනව... 

ඉතින් ඔයා වැඩ ගොඩකට යට වෙලා ඉන්නව කියල මේ දැන් ලැබුන විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනුම් දීමක් ආවා.කමක් නැහැ එවරස්ට් කන්ද තරම් උස විශාල වැඩ ගොඩක් ළඟ ඉන්න ඔයාට මම ගැන හිතන්න වෙලා වක් සමහර විට නැතිව ඇති.මුල් කාලේදී නම් මොන වැඩ තිබ්බත් කතා කරන ලියන ඔයාට දැන් වෙලාවක් නැහැ කියල හිතන්න කැමති නැහැ මම. හ්ම්...... ඔන්න මටත් ඔයාව අමතක වෙයි. දන්නවනේ මමත් පෘතග්ජන කෙල්ලක්....

ඉන්න තැනක පරිස්සමින් ඉන්න. වැඩ වැඩ කියල හරියන්නේ නැහැ.වෙලාවට කන්න ඕන හරිද.අර පාට වතුර බොන්න නම් එපා .


ගොඩාක් වැඩ කරන අතරේ එක පුංචි මොහොතක් මා ගැන හිතන්න.ඔයාගේ පුටුවට හොදට පිට දීලා,කණ්නාඩිය ගලවල අතට අරන් ඔලුව පොඩ්ඩක් පිටි පස්සට බර කරල ඇස් දෙක මොහොතකට පියවන් හොඳ හුස්මක් අරන් මා ගැන මොහොතක් හිතන්න.ඊට පස්සේ දිග හුස්මක් පිට කරන්න. ඒ සුසුම සුළඟ දිගේ ඇවිත් මට කියාවි ඔයා මාව මතක් කරා කියල...

ඉතින් මම තරහයි.ඔවු ගොඩක් තරහයි ඔයත් එක්ක.... පරිස්සමින් ඉන්න.බුදුසරණයි...මගේ ඔයාට...

I am a little pencil in the hand of a writing God who is sending a love letter to the world.

ඔයත් එක්ක තරහම තරහ
මම
෴ වත්෴

23 ප්‍රතිචාර:

priyantha.ඒබී said...

තරහින් ඉන්න කොටත් බුදු සරණයි කියනවද?..
ඒ කියන්නේ ඇත්තටම තරහා නෑ කියල නේද?..
අමතක වෙලත් නෑ කියල නේද?..
මොකක් වුනත් හොඳ අදහසක්.

wath said...

@ priyantha.ඒබී
ගැහැණු ළමයි ගොඩක් ආදරෙයි කියන තවත් ක්‍රමයක් ලු.."මම ඔයත් එක්ක තරහයි" කියන එක....

priyantha.ඒබී said...
This comment has been removed by the author.
priyantha.ඒබී said...

මොකද "ලු" අර බ්ලොග් ගඩොල් වගේ

wath said...

ඔවු ඔවු ඔයා තමයි පලමු කොමෙන්ටුව.... "ලු" කියල කීවේ ඒක මගේ අදහසක් නෙමෙයි නිසා. හවසට වැඩ කරන හැටි නේද ඔය ආහ්...

Ansh Lucky Sri Jay said...

නියමයි මේ සටහන

෴ හසියා ෴ said...

හරිම ලස්සනයි....හුරතල් බස් ටිකක් අහන්න ලැබුණා ගොඩකාලෙකට පස්සේ....හික්ස්...ඒ මදිවට පරණ මතකයන් ගොඩකුත් ඇවිස්සුනා...

තරහනම් කොරහක් බැදගෙන ළිදට පනින්න. ;)
එහෙම කියලා තව පොඩ්ඩක් ‍තරහ ගස්සන්නේ, තරහගියහම ගෑණු දැරිවි ලස්සනයි කියන නිසා වෙන්න ඇති නේද.... ;)

හසී said...

බලන්නකෝ වත් අක්කේ.. තරහනම් කොරහක් බැදගෙන ළිදට පනින්නලු...
තරහා ගස්සන්නමයි ලැස්ති වෙලා ඉන්නේ..
මෙයාලාට අපිව නැතුවත් බෑ. හික්ස්....
අපුරු සටහනක් අක්කේ!

Hasitha ජයසූරිය said...

අප්පේ අදමයි මන් මේ ලව් ලටර් එකක් දැක්කෙ :O

Hasitha ජයසූරිය said...

ඒත් මේක මාරයිනෙ අක්කෙ....හි හි...නියමෙට ලියල තියෙනව

Shadow/හේමලයා said...

අපූරු ලියමනක්.....

තිස්ස දොඩන්ගොඩ said...

"දකින්න බැරි වුනත් කතා කරනව නම් හිතට සතුටුයි" පොච්චියේ මොකට කියනවද...?

ගීත් (සහෘදයා) said...

අච්චි ෙකාච්චි මිරිස් කොච්චි ආයෙ නම් ඔයත් එක්ක කථා කරන්නේ නැහැ නැහැ නෑ මයි....තරහම තරහම තරහම තරහයි....

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

මම නම් ජීවිතේට ඕවා ලියලත් නෑ... කියවලත් නෑ.. මේක කියවද්දිත් ටිකක් ලැජ්ජයි වගේ.....

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

"ගැහැණු ළමයි ගොඩක් ආදරෙයි කියන තවත් ක්‍රමයක් ලු.."මම ඔයත් එක්ක තරහයි" කියන එක.... "

හෆොයි කවුද මේවා දන්නේ ..........ඕක ඇත්තක් ද? සීරියස් අහන්නේ ??

Dinush said...

හරිම සරලයි.
හරිම සොදුරුයි.
ආදරය පිරිල.
ඔය තරහ ගිය වචන වලින් පිටවෙලා තියෙන්නෙ දරාගන්න බැරි ආදරයයි.ඕක ලබන කෙනා මම උනානම් මම කියන්නෙ,,

මහ වරුසාවට පසුව නැගෙන සද
වෙනදාටත් වැඩියෙන් එලියයි..
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එලියට වැදියෙන් ඒලියයි....
[සින්,සෝමතිලක ජයමහ]

ඉලංදාරියා said...

මගේ හිතත් මොහොතකට පෙම් හසුන් අස්සේ හිර උනා වගේ හිත වෙගයෙන් අතිතයට ගියාවගේ දැනෙනවා.....

ආදර අසිපත් අමොරා
යුධ වදින්නට එන්න
කාලය හරහා පියබා ඇවිත්
මට සිතලට ගුලිවෙන්න දෙන්න....

මකන්නට බැරි තැනක
එකනමක් ගුලිවෙලා
හිතේ උපන් සුසුම් මැද
ඉකි බිදින්නට දේන්න....

සල්ලි කොලේ ගනකමින්
එපා ආදරේ මනින්න
නුබට දැනෙන සෙනෙහසේ බරින්
මගේ ආදරේ මනින්න....

හිතපුරා ගල් ගැසුන දුක් කදුලු වැස්ස
සෙනේහසේ උනුසුමින් දියකරන්නට දේන්න
මතක පොතේ පි‍ටු පෙරලුනොත්
නුබ ආයේමත එන්න......


ලසනම ලස්සන සොදුරු හැගිමක්......ගැහැනු ඉත් හැමවෙලේම බලන්නේ අයිතිකරගන්නමනේ.......

දුමී said...

මදැයි, ඉඳල ඉඳල ඇවිල්ල කියවන්න උනේ අනුන්ගේ ලව් ලෙටර් එකක්. ඒකෙත් ආතල් එකක් තියෙනව තමයි. දැන් කාලෙ ඉතින් මෙහෙමවත් ලව් ලෙටර් එකක් ලියවෙන එක කොච්චර හොඳයිද. අපි ලව් කරන කාලෙ වගේ නෙව්යිනෙ දැන්. ඔක්කොම ඉතින් එස්.එම්.එස් එකෙන් තමයි. අපි ලව් කරන කාලෙ නම් තිබුනෙ අර ගඩොල් බාගෙ සෙල් ටෙල්. ඒවයෙ එස්.එම්.එස් තිබුනෙත් නැහැ මයෙ හිතේ.

මොනව උනත් සිරා සෙනෙහෙ කොලේ වත් නගෝ !

Free Adds Org said...

බ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/

wath said...

@ දුමී
ස්නෙහෙ කොළෞ බොළඳ වැඩී ද අයියා...

@ ඉලංදාරියා
ගැහැණු කොච්චර වයසට ගියත් බොළඳයි. ඒකනේ මේ නාකි මමත් ඉස්කෝල යන පොඩ් කෙල්ලක් වගේ ආදර හසුනක් ලීවේ.

@ Dinush
දිනූෂ්.... අලුත් බ්ලොග් එකක් ලියනව නේද.. බොළඳ බවේ සුන්දරත්වයට පිරිමි අය කැමති වගේ.

@

wath said...

@ Confiuzd ප්‍රෝග්‍රැමර්
ඇත්තයි සත්තයි.මම දැනන් වුන්නෙත් නැහැ මම තරහම තරහයි කියන්නේ ඇයිකියල. එයා තමයි කීවේ ඔයා තරහම තරහයි කියන්නේ ගොඩක් ආදරෙයි කියන තවත් ක්‍රමයක් කියල.

ඇත්තටම මාත් හිතල බැලුව.. ඇත්ත තමයි. ගොඩක් ආදරෙයි කියනවට වඩා.. මට එයාගේ ආදරේ ගොඩක් ඕන කියල කියන තවත් ක්‍රමයක් කියල මට හිතෙනව.

wath said...

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ආහ් හැබෑට...

@ ගීත් (සහෘදයා)
ආහ්... සෙල්ලම් බත් උයන කාලේ වගේ...උපන් දනේ දවසෙ තරහ වෙන්න හොද නැහැ හරිද.

@ තිස්ස දොඩන්ගොඩ
හා හා හා... අත්දැකීමෙන් නේද කියන්නේ තිස්ස අයියා..

wath said...

@ Shadow/හේමලයා
ස්තූතියි

@ හසී
හසී ගනන් ගන්න එපා දරුවෝ...

@ ෴ හසියා ෴
හසී පැමිලි එකම ලවු ලෙටර් එක බලන්න ඇවිත .. මේ මේ රණ්ඩු බැහැ හරිද...

@ Hasitha ජයසූරිය
හසීයෝ.........ස්තූතියි

@ Ansh Lucky Sri Jay
ස්තූතියි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...