..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, August 2, 2010

෴ දක්ෂ සිත්තරෙකු වුවමනා කර ඇත ෴


දක්ෂ සිත්තරෙක් ඉන්නව නම් තියනව ලොකු රාජකාරියක් බාර දෙන්න. 
හොදා පාළු වෙච්ච , තීන්ත බොඳ වෙච්ච හිතක් තියෙනව  පාට කරන්න.
දැනට අවුරුදු තුන හතරකට කලින් ලස්සනට තිබ්බ හිතක්... පෙර විදිහටම සිත්තම් කරන්න බැරි වුනත් කමක් නැහැ... පෑරුණ තැන් පිරියම් කරල යථා තත්ත්වයට අරන් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්...
තීන්ත, පින්සල්, පාට කූරු .තෙල් සායම් සියල්ල සපයනව.....
ආහ්.. කෑම බීමත් සපයනවා..
ස්තරම්ව වැඩේ නිම කරල දෙන්නයි ඕනි.



දන්න කියන කෙනෙක් ඉන්නව නම් සොයල දෙන්න....
හැබැයි පාට කරන්න කියල ඇවිත් හිත තවත් ඔද්දල් කරොත් නම් දඩුවමක් ලැබෙනව රාජ අණින් හරිද...

“Painting is poetry that is seen rather than felt, and poetry is painting that is felt rather than seen”

සිත්තරෙක් සොයන
මම
෴ වත්෴

26 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

තීන්ත බොදවුණු සිතක් නැවතත් වර්ණ ගන්වන්න පුළුවන් වර්ණවත් සිතක් තියෙන සිත්තරෙකුට පමණමයි.එහෙම නැතිවුණොත් දැන් තියෙන බොදවුණු වර්ණ ටිකත් නැත්තටම නැතිකරල සිතේ ලස්සන නැතිවෙන්න පුළුහන්...
ඒ හින්ද ඕන් පරිස්සමින්.....
අත්දැකීමෙන් කියන්නේ ඔන්න.... ;)
හොයන සිත්තරා සිතන විදිහටම හම්බවෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

මාරයාගේ හෝරාව said...

මවන්නට රටා නෙක සිතුවම් අතර..
සොයන්නට හැකිද සිත්තරු ලොව අනග..

සිත්තරෙක් කරන්නේ අළුතින්ම අදින එකයි.
ඔබට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ශිල්පියෙකු නොවෙද..?
අපිනම් දන්නේ තියෙන චිත්‍ර ඔක්කෝම මැකිලා යන්න පාට උලන එක නෙව..
බීමත් දෙනවා කිවුවාද..?

wath said...

@ ෴ හසියා ෴
අත්දැකීමෙන් කියන නිසා පිළිගන්නම් හසී පැටියෝ.

@ මාරයාගේ හෝරාව
බීම මොන බීමද. පැණි බීම තමයි ඉතින්...

මාරයාගේ හෝරාව said...

ඒ කිවුවෙ..මල්පැන්..?

Shadow/හේමලයා said...

හප්පච්චියේ......ලේසිපාසු වැඩක් නම් නෙමෙයි වාගෙ........පිකාසෝ කෙනෙක්වම හොයාගන්න වෙයි.....

wath said...

@ මාරයාගේ හෝරාව
මේකා වගේ හාමුදුරැනමක් ඇත්තටම... කොහෙන් ගියත් කැරකිලා එන්නේ පැණි හොයන් තමයි... මෙහෙමත් යාළුවො මට ඉන්නව නෙව හැබෑට..කෝ දැන් නිකමට ඇහුවද "වත් උඹට සිත්තරෙක් හම්බ වුනාද?" කියල.. අහනේනෙම බීම...

wath said...

@ Shadow/හේමලයා
ඒකනේන්නම් හේමලයෝ.. පිකාසොත් මැරිලා ගියා.. මගේ වෙලාව තමයි...

මාරයාගේ හෝරාව said...

තම තම නැණ පමණින් නෙව..?

යකෝ දැන් කොහෙන්ද හාමුදුරු කෑල්ලක්.
ඉතින් "වත්" බොට තීන්ත බාස් කෙනෙක් මුලිච්චි උනැයි..?

Siribiris said...

චෑ කව්ද කලිං හිටිය සිත්තර බාස්. ඔක්කොම අනලනෙ. ම්..ම්...ම් සෑහෙන්න බරපතල ජොබ් එකක්, මාරය හරි, බොන්නම ඕන ප්‍රශ්ණයක්.

පැනි බීම තමයි. එව්වට මල් පැනි කියලත් කියනවා, අර පොල්ගහයට කොටිය ඉන්න එක.

wath said...

@ මාරයාගේ හෝරාව
@ Siribiris
අනේ හැබෑට මට ඉන්නෙම බේබදු යාලුවො නෙව...

ඒකනෙමෙයි මොකක්ද අර "පොල් ගහ යට කොටිය" ඉන්න කතාව...

priyantha.ඒබී said...

පාට කරන්න ගිහින් රාජ අණින් දඬුවම් විඳින්න බයයි බයයි වගේ. ඒ දවස්වල ඇඳපු පින්සල් දිය සායම් ගෙදර තිබුනා වගේ මතකයි. ගෙදර ගිහින් හොයලම ඇවිත් කියන්නම්. ඉතිරිය හෙට උදේට. අදට එහෙනම් ගියා ඕන්.

Siribiris said...

කලිං වතාවක ඔහොම ජොබ් එකක් බාරදීලා, ගජමං නෝන නං කිව්වෙ මෙහෙමයි.

එකක් කරදර වසාගන්නට ගොසිං ම වූ කාරියා
දෙකක් කරදර සදා දුන්නයි කම්මලේ ආචරියා...

ඒකනිසා පරිස්සමිං නගේ...

Siribiris said...

එකමත් එක කාලෙක පොල් ගහෙන් පෙරන පැණි බීම බෝතලේ, මූඩියේ හිටියා පොල්ගහක් යට දෙකක් දාලා ෂපාන් එකේ ඇලට් එකක් දාගෙන ඉන්න කොටියෙක්. දැං නං කොටියා තහනං වචනෙ නිසා උගේ ජොබ් එක ගහලා ගිහිල්ලා ඇති, මයෙ හිතේ. මාරයාගෙන්ම තමා අහන්න ඕනෙ.

@මාරයා
උඹට කියන්න මාරයියේ, පොල් බෝතලයක් දැක්ක කාලයක් මතක නෑ බං. මේ හිමේ කොහෙදෑ පොල්...
අම්මපා දැක්කොත් බදාගන්නවා , තාත්තව වගේ..

මාරයාගේ හෝරාව said...

සුරාව රැගත් බඳුනෙහි මුව විට රන්දා..
පාළුව තනිය හැරදා දුරකට කැන්දා..
ජීවය පණ පොවා සවිමත් කොට බන්දා..
නුඹ වත් නොදන්නා ලොවකට යයි කැන්දා..

හරි හරි අපි ඛෙබාලා...ඒකට කමක් නැහැ.

@ Siribiris...

පොල් ගහ යට කොටියා තාමත් ඉන්නවා මගේ හිතේ..
අපි නං ඉතින් පොලට නෙවෙයි තනිකරම ගලට බර කට්ටියනේ.. (නෑ නෑ ඒ ක නෙවෙයි..)

ගීත් (සහෘදයා) said...

දැන් සිත්තර බුවාල නැහැ නේ. ඔන්න ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හෙව්වොත් නම් ප්‍රථිඵලදායි වෙයි.

:D

ඉලංදාරියා said...

අනේ මටබැනේ ඔය අදිනවැඩ.හපොයි............
කවුරුහරි හම්බ උනොත් කියන්නම්කෝ...
සිතරෙක්ව....
ඔය හිත ලස්සන කරන්න....

ලස්සන හිතක් ලස්සන කරන්නනේ කොහොමැයි.........?

ඉලංදාරියා said...

ලස්සන් හිතක් නෙක පාටින් එලිය වැටි
කොහොමද අනේ බොදවීගිය පාට සකී
සිරියම් කරන්නට සුදුහුනු තවරන්න
කෙනෙක් ලැබුනොතින් මම කියනවා ඔන්න

තිස්ස දොඩන්ගොඩ said...

@සිරිබිරිස්: අයියේ උඹ ඔය මාරයට අයිය කිව්වහම මං උඹට මොකද්ද කියන්නේ...? මොකද අපේ ගෙවල් පැත්තේ නේන්නේ...?

හෙළයා said...

ඒක නම් සෑහෙන භයානක ගේම් එකක් වගේ

Bunny ! said...

අක්කංඩී බිය නොවන්න අදිනා සැටි මමද පෙන්වමි...!! :P

පොටොශොප් හරි ගිම්ප් හරි පාවිච්චි කරලා ඕක එඩිට් කරමු ? :D

ජීවිතේමල් said...

අක්කන්ඩි...
ලස්සන සිතුවිල්ල... අනේ මන්දා දැන් කාලේ හැදෙන සිත්තරු හරි දුරුවලයි අප්ප සිතුවම් අඳින්න... ඇන්දොත් බලියක්.. අපූරුවට තිබ්බ හිත වනසනව! කෝලම් කරනව... සිත්තරුන් හොයද්දි ඉතිං හරි පරිස්සමෙන් අක්කෙ...

ජීවිතේමල් said...

අක්කන්ඩි...
ලස්සන සිතුවිල්ල... අනේ මන්දා දැන් කාලේ හැදෙන සිත්තරු හරි දුරුවලයි අප්ප සිතුවම් අඳින්න... ඇන්දොත් බලියක්.. අපූරුවට තිබ්බ හිත වනසනව! කෝලම් කරනව... සිත්තරුන් හොයද්දි ඉතිං හරි පරිස්සමෙන් අක්කෙ...

ඇටමැස්සා said...

වත්,
මේක නම් සිත්තරාටත් කෙලවෙන කෙලියක්.

හොදා පාළු වෙච්ච , තීන්ත බොඳ වෙච්ච කැන්වස් එකක අඳිනවා කියන්නෙ චිත්‍රෙත් කැතවෙලා කැන්වස් එක තවත් වැනසෙන සම්භාවිතාව බොහොම ඉහල දෙයක්.

නියම සිත්තරා එන වෙලාවට ඒවි. සමහරවිට අවුරුද්දක් දෙකක් හරි කැන්වසය දිහා අනිමිස ලෝචනය කරාවි. ඊට පස්සෙ කැන්වසයයි සිත්තරයි දෙන්නම එකතුවෙලා ලස්සන චිත්‍රයක් තනාවි. අන්න එදාට තව සටහනක් දාන්නකෝ.

ඔය ජාතියෙ චිත්‍ර ඉක්මනින් අඳින්නත් බෑ, සිත්තරාට විතරක් අදින්නත් බෑ වත්!

එහෙම ඈන්දොත් හුඟක් වෙලාවට ඒක චිත්‍රයක් නෙවෙයි බලියක්.

විහඟ ගීතය said...

ඇරන් පාට හැඩ දා නෙතු සිතු මූන
කරන්නට ඇවිත් පිළියම් හැඩ දාන
බලන්නට බැරිව කැත වූවොත්, නහින
දෙයක් වෙයි කියා මට නිකමට සිතින

Hasitha ජයසූරිය said...

හප්පේ තාම සිත්තරෙක් හම්බුන් නැද්ද අක්කෙ

Ansh Lucky Sri Jay said...

සිත්තරා හොයා ගත්තාද?
දැන් කොන්තරාත්තුවත් බාර දීලා ඉවර ඇති නේද?
:)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...