..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, August 1, 2010

෴ හිස් කවිය ෴

ලියන්නට දුක හිතෙන කවියක්
අද වගේ තව කොහෙද දවසක්
වෙනස් වෙන දෙය නොවේ රහසක්
නුඹත් එතකොට රහසෙ කොටසක්

ගියත් සමු නොගෙන දුරකට
දනිමි නුඹ සමුගන්න ගිය වග
මාත් අතහැරි නුඹගේ මතකය
ඇයි ද මේ ලෙස මෙතන තනිවම

 ජීවිතය ඇයි නොදැනෙනා ලෙස
ගතක සිරවුනු වෙන කෙනෙක් ලෙස
දුකක් නැහැ සිත සතුටකුත් නැහැ
හිත මියැදිලා දෝ

නැතිව ගිය මගේ හිත අරන්
ජීවිතය එහි යළි ඔතන්
ගිහින් එන්නට අනන්තය වෙත
පාර කිව මැන ගිය කෙනෙක් මට

“Suffering is permanent, obscure and dark, And shares the nature of infinity
අනන්තයට යන පාර අහන
මම
෴ වත්෴

10 comments:

  1. මං වෙස් මාරු කරගෙන.....
    වාරු ඇරගෙන හිතට .....
    උණ්ඩි කරගෙන මතකය.....
    යන්ට යමි අනන්තයට......
    යන පාර අද්දර.....
    වැටෙන් පැන.....
    අන්ද අඳුරට....

    ReplyDelete
  2. හ්ම්....මටත් කියන්න අර පාර හම්බවුනොත් අක්කියෝ.....

    ReplyDelete
  3. @ Shadow/හේමලයා
    ඔන්න කීව ඉතින්...
    පාර දන්නව නම් කියහන් මල්ලියේ.....

    @ ෴ හසියා ෴
    මෙන්න වැඩක්.. මමත් හරි කට්ටියකගෙන් නේද පාර ඇහුවේ...

    ReplyDelete
  4. හෆ්ෆේ ඉතිං ඕකට ඔය හැටි කේන්ති ගන්න ඕනියෑ...??? ඇත්තනේ ඉතිං කීවේ...අපිත් දන්නෑ...දැනගත්තොත් කියන්නම්කෝ...

    අක්කිගේ මේ පද පෙල කියවපු ගමන් මට මතක් වුනේ විශාරද ගුණදාස කපුගේ මහතාගේ මේ සිංදුව...දැන් දාපු කමෙන්ටුව දැක්කාම ඒක කියන්නම හිතුනා......

    " මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ.....
    මං මුලාවු සමනලියකගෙනි පාර අසා තිබුනේ.... "
    :)
    (මම ගොඩාක් ආසම සිංදු වලින් එකක්....)

    ReplyDelete
  5. අනන්තයට ගිය කෙනෙක් ආයෙ නම් එන එකක් නෑ
    ඒ නිසා අනන්තයට ටිකක් මෙහා තැනකට යන පාර හෙව්වොත් නරකද?
    වෙනදා වගේම උදේම සිත නිවන පද පෙලක්. හැල හැප්පිලි මැද උදේම වැඩට එන සසලවූ අප සිත් වලට ඔබේ කවි පද රස අඳුනක්. ස්තුතියි.

    ReplyDelete
  6. සොඳුරු සිතකට සිත් තැවුල් කිම
    කරපු වරදක් නොමැති නම්
    අනන්තය වෙත පා නගනු කිම
    දිනෙක යාමට නොහැකි නම්

    දුක හිතෙන කවි ලියනු ඇයි දැන්
    සිතක සිතුවිලි බිඳී දෝ
    කලට ඉඩදෙනු එයම පමණකි
    වෙනත් ඔසුවක් තිබේදෝ

    වත් අක්කේ වෙනදා වගේ දිගට ලියන්න වෙලාවක් නැහැ. මේ කමෙන්ට් එක දැම්මෙත් යුතුකම් ඉෂ්ට කරන්න වගේ. සමාවෙන්න ඕනි.

    ReplyDelete
  7. අනේ මන්ද......මන් නම් කවදාවත් අනන්තයට යන්නෑ :D

    ReplyDelete
  8. වරද අන්තයට යාම විනා අනන්තයට යාම නොම වන බව කෙසේ පහදා දෙම්ද ඔබ හට..?

    ReplyDelete
  9. @ priyantha.ඒබී
    හ්ම්... මම හැමදාම උදේට කතන්දරගේ කතා බලන්නෙත් ඒකමයි...
    ප්‍රියන්තව අදුන ගත්තෙත් කතන්දර බ්ලොග් එකෙන් නෙව...
    ප්‍රසංසාවට ස්තූතියි.....

    @ leks' world
    අපොයි.. මම තරහ නැහැ මල්ලියෝ.... තියෙන වැඩක් කර ගන්න. ඒ දේවල් මීට වඩා වටින දේවල් කියල මම දන්නව... ඇවිල්ල යන එකත් ලොකු දෙයක් මලේ.. ස්තූතියි.

    @ Hasitha ජයසූරිය
    හා හා හා...... බයයිද හසිත පැටියෝ...

    @ මාරයාගේ හෝරාව
    මම ඔයාට කියන්නෙත් ඒකමයි....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...