..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, August 28, 2010

වරද (01 )



ශල්‍යාගාරයේ රතු එළිය තවමත් දැල්වුන ගමන්ය. ඒ එළියත් සමඟ මා සිතේ දැල්වෙන ගිනි දැල් මා මොහොතින් මොහොත දවා හළු කරයි.
ඇය මා සතු කර ගෙන මගේ නිවහනට ගෙන ආ දිනය අද ඊයේ සිදු වූවාක් මෙන් මගේ හදගැඹේ ගැඹුරුම තැනක සුරක්ෂිතව තැන්පත් වී ඇත.ඇය මා කරා ආ දින සිට මගේ ජීවිතයට මල් යායක සුවඳත් කුරුල්ලෙකුගේ සැහැල්ලුවත් පියාපතක උණුසුමත් ගෙන දී ඇය මා මුසපත් කළ අයුරු මට නම් පුදුමයකි.ගැහැණියකට මෙතරම් දෙයක් කිරීමට හැකි දැයි දැනුදු මට සිතා ගත නොහැක.නෙතු උනා ඇති කඳුළු දෑතින් පිස ගත් මම රෝහල් කොරිඩෝවේ තිබු පහසු හසුනකට බර දී මගේ හිස බර සැහැල්ලු කර ගැනීමට වෙර දැරුවෙමි.

 සෑම දිනකම පාහේ ‍ඇයට පොරොන්දු වූවාට වඩා පැය දෙක තුනක් පසුවී නිවසට ගොඩ වදින මම මග බලා සිටින ඇය විසින් පිළිගනු ලබන්නේ සිනා මුසු මුහුණිනි. උදයේ පැවසූ කාල වේලාවල් පිළිබඳව කිසිම නොක්කාඩුවක් නොපවසන ඇය කුඩා දරුවකු මෙන් මා අසල මොහොතක් දැවටී සිට මා වෙනුවෙන් උණු සුම් තේකෝප්පයක් සදා ගෙන එන්නීය... මා වෙනුවෙන් ඇගේ ජීවිතයම කැප කළ ඇය මෙවන් දෝහී කමක් මට සිදු කරාදැයි සිතන විට නැවතත් මගේ සිත දුක යටපත් කරෙ ගනිම්න් කෝපය පැතිරී ගන්නට වැඩි වෙලාවක් නොගනී.....

" දිවෙන් දිව ගාගෙන හිටියත් ගෑණු විස්වාස කරන්න එපා මචං" යැයි මගේ යහළුවන් පවසන විට එදා මා සිතුවේ ඔවුන් මගෙත් ඇගේත් ජීවිතයට ඊර්ෂ්‍යාවෙන් එසේ පවසන බවයි.. එහෙත් එය කෙතරම් සත්‍යයක් ද? නමුත් මා ඇයට මෙසේ දරුණු ලෙස සැලකීම කළ යුතු නොවෙන දෙයකි. සිතේ බුර බුරා නැගී කෝපය නිසා අත දිග හැර සියළු කෝපය තවරා ඇය මත පැටවූවද ඇයට මෙතරම් හානියක් කිරීමට මගේ තුන් සිතක වත් නොතිබුනි.

"මිස්ට නාකලන්ද "

කටහඩින් තිගැස්සනු මම දුටුවේ.මා අබියස සිටගෙන සිටින වෛද්‍යවරයායි....

" මිස්ට නාකලන්ද. ඔපරේශන් එක නම් සාර්ථකයි. ඒත්... හෙට වෙනකම් අපිට හරියට මුකුත් කියන්න බැහැ.මිස්ට නාකලන්දට පුලුවන් ඔනි නම් දැන් ගිහින් බලන්න. නමුත් වයිප්ට සිහිය නම් නැහැ, මට නම් හිතා ගන්න අමාරුයි පඩි පෙළකින් වැටිල කියල.. මොකද අතේ පයේ ඇගේ කිසිම සීරීමක් වෙලා නැහැ"

අත පය සීරෙන්නේ කෙසේද? ඇය මගේ පහර දරා ගත නොහැකිව විසිවී ගොස් බිත්තියේ ඇගේ හිස තදින් වැදුන බව දන්නේ ඇයත් මමත් පමණි

."කොහොමත් හෙට සිහිය ආව ගමන් පොලිසියෙන් ඇවිත් මිසිස්ගෙන් කටඋත්තරයක් ගනීවී"

ඇයව බැලීමට මා නොගියේ ඇය සමඟ තිබූ තරහව නිසාද නැතිනම් ඇය වෙත මගේ හෘදසාක්ෂිය දැක්වීමට තිබූ අකමැත්ත නිසාදැයි ම‍ම නොදනිමි. හදිසියේ සිහිවූ දෙයක් නිසා විගසින් පැමිණ වාහනයට ගොඩ වූ මම හැකි වේගයෙන් නිවස වෙත පියෑඹුවේ මෙහි සත්‍ය අසත්‍යතාවය සදහා ඇති හොදම සාක්ෂිය ඇත්තේ නිවසේ බැවිනි.....

වාහනයේ සුක්කානම කරකවන අතර තුර මගේ සිත අතීතයට ගමන් කරන්නට විය... ඇගේත් මගේත් සොඳුරු ජීවිතයට කණකොකා හඩලන්නට පටන් ගත්තේ අපේ නිවසට යාබද නිවසේ සිටි විවාහක තරුණ කාන්තාවකට පරිගණක ඉගැන්වීමට පැමීණි තරුණ පහේ ගුරුවරයා නිසාය....

මා නිවසට පැමිනෙන තෙක් මග බලා ඉන්නා දෑස ක්‍රමයෙන් හවස්වරුව ගත කිරීමට යාබද නිවස තෝරා ගෙන තිබුනි. ඇතැම් දිනෙක මා පැමිනෙන විට ඔවුන් තිදෙනා දොරකඩට වී සිනා සෙමින් අත්පොඩි තලමින් සංවාදයේ පසුවෙයි.

නමුත් මා දුටු වහා ම‍වෛත පැමිණෙන ඇය කිසිවක් නෙවුවා සේ මා සමඟද සිනාමුසුව හැසිරේ...

" මොනාද ඔයලා ඔය තරම් හිනා ෙව‍වී කතා කරන්නේ"

" අනේ සමන් .. අර මනුස්සය කියන කතා වලට කාටද හිනා නොවී ඉන්න පුලුවන්... මාත් පාලුවෙන් ඉන්න එකනෙ.ඉතින් මාත් පන්ති ඉවර වුනාම එයාල එක්ක කතා කර කර ඉන්නව"

" එහෙනම් මිනිහ කොම්පියුටර් විතරක් නෙමෙයි උගන්නන්නේ. මිනිහ ජෝකර් කෙනෙක් ද"

ඉන් එහාට කිසිම දිනක කතාව දුර දිග නොගෙනියන ඇය නිහඩව කරබා ගනී...

එක් දිනක් රාත්‍රියේ ඇය මගේ රාජකාරි ලිපි වගයක් පරිගණකගත කරමින් සිටියාය. ඇය ආ පසු මගේ සෑම වැඩක්ම ඉතාමත් පහසු වී ඇත... මා කියවන විට ඇගේ ඇගිලි පරිගනක යතුරු පුවරුව මත දිව යන්නේ මා කියවනවාටත් වඩා වැඩි වේගයෙනි... ඇය ඉතාම ආසාවෙන් සිදු කරන එම කටයුත්ත නිසා යතුරු පුවරුවද සිටින්නේ ඇගේ ඇගිලි තුඩුවල ආදරය ලගා ගැනීමට පොරකමින් බව මට සිතේ....

" සමන් ඔයත් ගන්නකෝ අලුත් ලැප් ටොප් එකක්.සදමාලිට උගන්නන්න එන සර් ගාව තියෙන ලැප්ටොප් එක නම් නියමයි" ඔයත් ගන්න ඒ වගේ එකක්.දැන් මේක පරණයි"
" ඔවු ඉතින් දැන් නේ අපිව පරණ වෙලා පේන්නේ"
" මොනාද සමන්. මම කීවේ ලැප් ටොප් එක"
" ඔහොම යද්දි මාවත් පරණ වෙලා පෙනේවි, අදට ඇති මට නිදිමතයි"
" ඇයි සමන් ඔයා කීව නේද මේ ටික අදම ඕන කියල. කො දෙන්න ඔයාට කියවන්න කම්මැලි නම් මම බලාගෙන ටයිප් කරන්නම්"
" නැහැ නැහැ ඕන නැහැ මගේ වැඩ මම කරගන්නම්. අනික මොකටද මේ පරණ කබලෙන් ඕව කරන්නේ"

දෑසේ කඳුළු පුරවා ගත් ඇය එදා රැයේ මා පපුව මත හිස තබා ගන්නට ගත් සෑම අවස්ථාවකම අනිත් පසට හැරී නිදා ගනිමින් ඇගේ සිත රිදවමින් මම අප්‍රමාණ සන්තෝසයක් වින්දෙමි....

පසු දිනයේ මා වෙනදාට වඩා වේලාසන නිවසට පැමිණියේ ඇයට නොදන්වා සිතාමතාමය.මා පැමිණෙන විට ඇය ඔහු සමග බර පතල කතාවකය.ඊයේ සිදුවූ දේවල් ඇය ඔහුට කියනවා වන්නට ඇත. ඇය ලියුම් කවරයක ඔතා දුන් යමක් ඔහු රැගෙන සාක්කුවේ දා ගනු මම ඈතදීම දුටුවෙමි. මා දුටු විගස කලබලවූ ඇය. ඔහු වෙත ක්ෂකිකව ලන්වී " හෙට උදේ හරියට වෙලාවට එන්න" යැයි පවසනු මට ඇසුනි.

කතා දෙකක් නැත ඔවුන් දෙදෙනා මේ සැරසෙන්නේ නිවසින් පැන යෑමට විය යතුය. කිසිවක් නොවූ ගානට නිවසට ගොඩ වැදුන මම ඇය හා සිනාසුනෙමි.....

පසු දින වෙනදාටත් වඩා වේලාසන කාර්යාලයට යෑමට මා සැරසුනේ යටි අරමුණක් සිතේ තබා ගෙනයි.

" ඔයා අද වේලාසන යන නිසා අද ටිකක් වේලාසන ගෙදර එන්න පුලුවන් නේද?"
" මොකද අද විශේෂ දවසක්ද?" ඇය රිදවනු අටියෙන් මම විමසුවෙමි...
" ඔවු ඔවු ...... වේලාසන එන්නකෝ. අද විශේෂම විශේෂ දවසක් තමයි"

" කාටද? ඔයාටද මටද?"

" ඇවිත් බලන්නකෝ.... ඔයාටම තේරේවි"

ඇය සිතා සිටින්නේ මා කිසිත් නොදන්නා බවයි... හොදයි අපි බලමු..........

නිවසින් පිටවූ මම ඔහේ පාරවල් කිහිපයක් ඔස්සේ අරමුණකින් තොරව රථය පදවා ගෙන ගියේ ඔහුටත් ඇයටත් අවශ්‍ය කාලය ලබා දී දෙදෙනාම අතටම හසුතර ගැනීමේ චේතනාවෙනි.....

උදෑසන 11 ට පමණ  මම නිවසට මීටර් 500ත් පමණ එහායින් රථය නවතා පයින්ම නිවස වෙත පැමිණියෙමි.... දොර අඩවල්කර ඇත. සිනා හඩ ගෙතුලින් ඇසේ.... මම අඩවල් වූ දොර අතරින් හිස පොවා බැලූවෙමි... තරමක විශාල ගමන් මළු දෙකක් ඔවුන් දෙදෙනාගේ පාද අභියස වෙයි....එක්වරම කම්පියුටර් කාරයාගේ දෑතින් අල්ලාගත් ඇය ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද? ඔයා මා වෙනුවෙන් මේ දේවල් කරාට ඔයාට ගොඩක් පින්....සමන් මට කවදාවත්.....

ඉන් එහාට කතාව ඇසුමට රිසි නොවූ මම ඔවුන් අතරට පැන මොන මොනවා කරාදැයි මට මතක නැත. මා නවතා ලීමට කම්පියුටර්කාරයා දැරූ  සියළු උත්සාහට නිශ්පල වූ අතර හොද හැටි දෙක තුන වදින විට ඔහු පලා ගියේය.... ඇයට දරා ගත නොහැකිවූ මගේ බාහු ශක්තියෙන් විසිවී ගිය ඇය අවසානයේ රෝහලට රැගෙන ගියේද මමය... ඇයට ‍මෙහෙම වෙලා මදි...........

“Do not put your trust in rivers, men who carry weapons, beasts with claws or horns, women, and members of a royal family.”

                                     රෝහල්  ගතව, සිහිසුන් නැතිව ,කල වරදට වන්දි ගෙවන 
මම
෴ වත් ෴

15 comments:

  1. හ්ම්ම්.......
    ඉක්මනට ලියමුකෝ ඉතුරු ටිකත් අක්කියෝ.......

    ReplyDelete
  2. මට නම් හිතෙන්නෙ husband ට තෑග්ගක් ගන්න කම්පියුටර් සර්ගෙ උදව් අරන් වගේ. අලුත් laptop එකක්..???

    ReplyDelete
  3. කරන දෙයක් කියල කරානං නේද හොඳ . . . හොරෙන් හොරෙන් කරපු එකෙන් වරදක් නොකලත් ඕන එක්කෙනෙක්ට සැකයක් එනවානෙ . . . !

    වත් නගෝ, නියමෙට ලියල තියෙනවා . . . !

    ReplyDelete
  4. කොහොමත් පිරිමියෙක් කැමති නෑ තමන්ගෙ සහකාරිය තව පිරිමියෙක් එක්ක ඕනෑවට වඩා ලංවෙනවට සහ අනවශ්‍ය විදිහට කතා කරනවට. මම හිතන්නෙ ගෑනුත් ඒවගේම තමයි . . . !

    ReplyDelete
  5. කතාවේ ඉතුරු ටික වෙ‍න්නේ 'ඇය පරිගණක ගුරුතුමාට ස්තූති කරන්නේ සැමියා වෙනුවෙන් අඩු මිළට නවතම ලැප්ටොප් එකක් දෙන දුන් නිසාවෙනි'...
    එහෙත් හොඳක් හෝ නරකක් හෝ තම සැමියාට හොරෙන් යමක් කිරීමේදී බිරින්ඳැවරු ප්‍රවේශම් විය යුතුය...
    සත්‍ය වශයෙන්ම සටහන් කරතොත්, පිරිමින් ගැන හරියටම දන්නේ පිරිමින් ය. ඕනෑම පිරිමියෙක් වෙනත් පිරිමින්ව මනින්නේ තමන්ගේ මිම්මෙන්ය...
    බොහෝ දුරට මෙම අනුමානය සත්‍යය වේ.
    තමන්ගේ බිරිඳ කොතරම් හොඳ වුවත්, අනෙක් පස සිටින පිරිමියා 'ඕනැම පඳුරකට සලකන බල්ලන්' මෙන් සිතෙන බැවින්, පිරිමින්ට ද තරහා යන එක සාධාරණය...
    මේ නිසා හොර වැඩක් කරන තැනකදී වෙනත් පිරිමියෙකු සම්බන්ධ නොකර ගන්නට ඔය උගත් කාන්තාවන් සිතේ තබා ගත යුතුය...
    සම්බන්ධ කරගත්තත් තමන්ගේ ස්වාමිපුරුෂයා සම්බන්ධ නොවන දෙයක් විය යුතුය.

    අනෙක් අතට අප වැනි ස්වාමිපුරුෂයන් සේ ම ඔය බිරින්ඳෑවරුන්ද යමක් තීරණය කිරීමට පෙර හොඳින් සවන් දීමට ද, සැකයක් ඇතොත් ලඟට ගොස් දැක සැක හැර ගැනීමටද, තවත් සැක කරන්නේ නම් අතින් අල්ලා බැලීමට ද සිතේ තබා ගත යුතුය..

    "ඕක ‍ඔය වදිහට වුණා නම් දෙන්න යස අගේට ලැපත් දාගෙන දෙයියනේ කියලා අපේ බ්ලොක් ගඩොල් මලයගෙන් ඉල්ල ගත්ත තුනේ බලේ එකක්වත් බල බල ජොලියේ ඉන්නවා නොවැ..."

    (හා පැටික්කී, වත් එහෙම මෙව්ව හොඳට හිතට ගන්න ඕනේ...)

    ReplyDelete
  6. හ්ම්......ඉතිරි ටිකත් දැම්මනම්....
    මම නම් මුකුත් කියන්නෑ....අපි අක්කි ලියලා තියෙනදේ කිව්වාම අක්කි වෙනස් කොරනවනේ....
    කතාවනම් මැක්සා....

    ReplyDelete
  7. අහ්..තව දෙයක්‍‍...අපේ අය ඉතිං දෙයක් දැක්ක පමණින් ඇසු පමණින් ඒ ගැන හොයන්නේ බලන්නේ නැතිව වැඩ කටයුතු කරන එකට හොද පාඩමක් මේක.වැරැද්දක් කලා හෝ නොකලා ඇත්ත නැත්ත හොයලා වැඩ කටයුතු කරනවනම් හරිනේ.ටිකක් අමාරු දෙයක්.දරාගත නොහැකිදෙයක් දුටුවහම, ඇසුවහම අපි ආවේගශීලී වෙනවා.ඒක මිනිස් ස්වභාවය.ඒක නැතිකරගන්න පුළුවන් තරම් ඉවසීමක් ගොඩනගා ගත්තනම් යම්දෙයකදි සිදුවන හානිය අවම කරගන්න පුළුවන්.
    මෙතනදි කාන්තාව අතේ වැරැද්ද තියෙන්නත් පුළුහන්.ඒත් මට හිතෙනවා ඇය නිවැරදියි කියලා.

    (මේ කතාවේ හැටියට නෙවේ..)බොහොදුරට අනියම් සබදතා වලට සම්පුර්ණ මුල දෙදෙනාට දෙදෙනා අතර ඇති සබැදියාවයි.එහෙමත් නැතිනම් අන්නෝන්‍ය සබදතාවයි.දෙදෙනා දෙදෙනාගේ සිතුම් පැතුම් තේරුම් ගන්නවනම් ඒ වගේම දෙදෙනාට දෙදෙනා කැපකීරීම් කරනවනම් මෙහෙම දේවල් වෙන්නේ නෑ.
    (හෆ්‍ෆා පෝස්ට් එකක් දැම්මනම් මීට වඩා හොදයි වගේ‍.)

    ReplyDelete
  8. ලැබී ඇති ප්‍රතිචාර වලින් පෙනී යන පරිදි කතාවේ ඉතිරි කොටස ලිවීමෙන් පලක් නැති බවයි.

    මෙවර මා අසාර්ථක කතා කියන්නියක් බවට පත්වී ඇති බව ඉන් පෙනී යයි....

    කෙසේ වුවත් ඔබගේ ප්‍රතිචාර මගේ හැකියාව හෝ නොහැකියාව මැන ගත හැකි නියම සර්ශකය වේ...

    ලියන්නනාට වඩා කියවන්නා වැදගත් වන්නේ ඔබ එබගේ සැබෑ හැගීම මෙහි ලියන බැවිනි...
    ප්‍රතිචාර දැක්වූ ඔබ සැමට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර ඉතිරි කොටසද හැකි විගස ලිවීමට ද බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  9. ලස්සනට ලියලා තියෙනවා අක්කි.

    ReplyDelete
  10. හරිම ස්වාභාවික විදිහට ලියලා තියනවා නගේ... මිනිස්සුන්ගේ යටි හිතේ තියන ආදරය ලැබීමට ඇති ආසාව, ඉරිසියාව, නොඉවසිල්ල, කේන්තිය, හැබෑ විදිහටම එලියට අරන් පෙන්නලා තියනවා... වත්ටනම් හොඳට කතා ලියන්න පුලුවනි වාගේ... වෙලා තියේනම් තරමක දිග කථාවකුත් ලියන්න පටන් ගනිමුද...?

    ReplyDelete
  11. 'ලැබී ඇති ප්‍රතිචාර වලින් පෙනී යන පරිදි කතාවේ ඉතිරි කොටස ලිවීමෙන් පලක් නැති බවයි.'
    මොකද අඩියක් පස්සට තියලා? මටනං හිතෙන්නෙ මේක හොඳ අභියෝගයක්.

    ReplyDelete
  12. කියන්න දෙයක් නෑ මට

    ReplyDelete
  13. ප්‍රතිචාරයක් දෙන්න වෙන්නෙ කතාව සම්පූර්ණයෙන් කියෙව්වට පස්සෙයි...

    ලස්සනට වියපු කතාවක් සිස්..

    අඹු සැමියන් විතරක් නෙවෙයි පෙම්වතුන් පෙම්වතියන් වුණත් නිතරම අවංකව කතා බහ කරනවනම් මේ වගේ සැකයේ වාසිය ජාගර සිතිවිලිවලට දෙන්න වෙන අවස්ථා පැන නගින එකක් නැති වෙයි..

    ReplyDelete
  14. අයියෝ අකුරු පොඩි වැඩියි. අපේ ඇස් පෙනවා අඩුයි.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...