..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, July 7, 2010

෴ ආදරය මොහොතයි ෴ ( How To Find True Love )


ආදරය කෙරුම 
එහි එක්ව වෙසුම
 ඉතා සුළු මොහොතයි
ඉන් පසුව වෙන්වෙයි

ලොවම නොපෙනී යයි
මිය ඇදී පණ එයි
පිස්සුවෙන් දොඩවයි
කඳුළු ගඟ උතුරයි

ටික කලක් ගතවෙයි
කුමන අඩුවක් ද
සිනා තොට උතුරයි
කවර අරුමයද

විටින් විට සිහිවෙයි
දුකක් නම් නොම වෙයි
ළඟින් වුන්නාදැයි
මතකවත් නොම වෙයි

නොහඬන්න මිතුර
ආදරය මෙහෙමයි
අද ඇතත් හෙට නැතත්
මම තවම මෙතනයි

If you love me, let me know, If you don't, let me go.
ආදර මෙහෙයුම අබියස
හැමදාම පරදින 
මම
෴වත්෴

13 ප්‍රතිචාර:

ෆා ද බ්ලොගී said...

හැමදාම වගේ ලස්සනයි!! නියමයි..!!

ඉලංදාරියා said...

ලස්සන් පද් අපෙලකින් ලස්සන් දුක හිතෙන ඇත්ත කතාවක්.....

මම මල් සරාට අක්කි ගැන කියලා තියෙන්නේ........

චමිල said...

ලස්සනයි....

Shadow/හේමලයා said...

"ආදරය නම් ඔහොම නෑ....
නමුත් ආදරය කරෙන අපි ඔහොමයි.......
ඇත්තට ආදරය කියන සංකල්පය සම්පූර්ණයි...
නමුත් මිනිසුන් වන අපි අසම්පූර්ණයි....
ආදරය පරාර්ථකාමී නමුත් අපි උපතින්ම ආථමර්තකාමී"....
So whom to be blamed........:(

Hasitha ජයසූරිය said...

අනේ මේකට මොන වගේ කමෙන්ට් එකක් දාන්න ඕනද කියල හිතා ගන්න බෑ අප්පා :(

Hasitha ජයසූරිය said...

ඒක නෙමේ අක්කෙ ටෙම්ප්ලේට් එකනම් ලස්සනයි

Ansh Lucky Sri Jay said...

ලස්සන ටෙම්ප්ලේට් එකක්..
ඒ වගේම ලස්සන නිර්මාණයක්.

සෝරෝ said...

ලස්සනයි...

කතන්දරකාරයා said...

මොනවද මේ නෙගටිව් කතා හැමදාම.

හලෝ, ආදරය සුන්දර දෙයක්. මේ ඇඬිල්ල නවත්තන්න.

හිනා යන දෙයක් ලියන්කෝ ඉඳල හිටලවත්.

දුමී said...

ඔන්න දැක්කනෙ ආදරය කරන්න ගිහිල්ල වෙලා තියෙන දේ . . . මැරෙනකන්ම දන්නෙ නෑ . . . . !

තිස්ස දොඩන්ගොඩ said...

මේ උතුරා යන සෙනෙහෙ ගඟ සයුරින් වැටෙන තැනක් නැද්ද අප්පා...!!!!

විහඟ ගීතය said...

නැසෙන සුළු ලෝකේ
එකම දේ නොවෙනස් වේ
අනෙක් සැම බොහෝ සේ
වෙනස් වේ නැතිනම් දුරස්වේ

ආදරය සුවඳයි
ලැබූ අය ඉන් සැනහෙයි
වියෝගය, කඳුළයි
නොලැබෙනා සෙනෙහසම ඉල්ලයි

කාලයෙන් වැසුනු
වැලිතලා යට ‍රැදුනූ
බොහෝ දුක් පිරුණූ
ඉකිබිදුම් වල නිමක් නොවුනූ

නමුත් හෙට එළිවෙයි
නැවුම් පැතුමක් හිනැහෙයි
දිය දහම එකමයි
අපිත් එක හීනයෙම ගුලිවෙයි

mali_89 said...

completely correct.i experienced it.
bt the thing is,if they think they are not matching,the best way is separating isn't it?otherwise they would suffer their whole life

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...