..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, July 22, 2010

෴ Copy Paste Blog කලාව ෴

නිර්මාණ කරුවෙකුට නිර්මාණයක් කියන්නේ තමන් වදාපු දරුවෙක් වගෙයි කීවොත් ඔයාල එකඟ වෙයි කියල මට හිතෙනව. නිර්මාණ කරන අය වගේම හදවතින්ම රස විදින අයත් ඒ ගැන දන්නව ඇති කියලත් උපකල්පනය කරනව...



මම නම් මහ ලොකු නිර්මාණකරුවෙක් නෙමෙයි. ඒත් මගේ සිතේ ඉපදිලා මම ලියන වචන දෙක තුනත් ඒ ගැන කියවන අය මට දක්වන ප්‍රතිචාරත් දැක්කම හිතට දැනෙන සතුට දන්නේ තවත් එවැනිම අයෙක් පමණයි....

තමන්ගේ දරුවෙක් පැහැර ගෙන ගිහින් අනුන්ගේ නමක් දාලා හාදා ගත්තොත් කොහොමද දැනෙන්නේ...

ඒ වගේ දේවල් වුන කෙනාට දැනෙන වේදනාව අද මටත් දැනුන....

මම හරිම ආසාවෙන් කියවන කතන්දර ,  හද ගී පොත, දුකාගේ බ්ලොග් එක, විහඟ ගීතය, මාරයාගේ හෝරාව , දුමී ගේ කට කහන කතා ඇතුළු සෑම දිනතම පාහේ ගොස් කියවන රස විදින බ්ලොග් පොස්ට් කෙරෙහි ම.සිතේ ඇත්තේ අපි ආදරෙන් කියවා සැමදා පරිස්සම් සහිතව තියන් ඉන්න පොතකට කියෙන ගෙරවයයි.

නොලියන නමුත් බ්ලොග් කර්වන් එක්ක සැමදා අත්වැල් බැදන් වචනයෙන් දෙකෙන් හරි ගුණ දොස් දක්වන පිරිසත් ඒහා සමානව නිර්මාණවලට ආදරයක් දක්වනව.....

පරිගණකයටත් අන්තර්ජාලයටත් පින්සිද්ධ වෙන්න  මමත් කවිකාරියෙක් කතා කාරියෙක් වුනේ නොසිතූ නොපැතූ විදිහට... ඇත්තම කියනව නම් මගේ සිතේ කැඩපතක් වගේ තමයි මගේ බ්ලොග් එක.

මගේ කියල කට පුරා කියන්න පුලුවන් තවත් වටිනා දෙයක් තමයි මගේ බ්ලොග් එක...

එහෙත් පරිගණකයේ තියෙන නරකම වචන දෙක විදිහට COPY & PASTE මම දකින්නේ ඇයි කියල මෙතනටම ගිහින් බලන්න.................

මා ඇතුළු මා ආදරය කරන බ්ලොග් කරුවන් කිහිපදෙනෙක්ම කොපි පේස්ට් වී ඇත..............


 කොපි පේස්ට් කරනයට ලක් වූ
මම
෴ වත් ෴

28 ප්‍රතිචාර:

said...

මුලින්ම මගේ බ්ලොග් එකේ ලිපියක් කොපිකරලා තියෙනවා දැක්කම මටත්මාර දුක හිතුනා ඒත් දැන් නම් ගානක් නැහැ. ඒත් අනික් හැමෝටම එහෙම නැහැ. තමන්ගේම බ්ලොග් ලියන හැමෝටම බ්ලොග් එක තමන්ගේ ජීවිතේ වගේ . මේ කොපිකරන අයට කොච්චර කිව්වත් වැඩක් නැහැ එයාලට කිසිම ගානක් නැහැ.

ලැජ්ජ නැතුව ප්‍රොෆයිල් එකට ෆොටෝ එකක් එහෙම දාගෙනම අනුන්ගේ බ්ලොග් කොපි කරනවා

said...
This comment has been removed by the author.
Ansh Lucky Sri Jay said...

ලැජජ නැති වැඩක් අක්කෙ..
තමුන්ට ලියන්න බැරි නම්, ලියන්න දෙයක් නැත්නම් නිකන් උන්නා නම් ඉවරනෙ.

wath said...

"ම"

ඔබ හරි...

" යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්න බැහැ"

අනික තවත් කෙනෙක් කොපි කරන්නේ මොකක් හරි ගත යුතු දෙයක් ඒකේ තියෙන නිසා කියල හිතන්න පුලුවන්...

ධනාත්මක චින්තනයෙන් හිතල.. ඔන්න ඔහේ අර මොනාද රයිට්ස් අයින් කරමු...

කොපි කරන්න අවසර මෙයින් ලබා දෙමි...

෴ හසියා ෴ said...

අක්කි කියන දේට 1000%ක්ම එකගයි.ඒවගේම කරලා තියෙන වැඩේ හෙලාදකිනවා.ඒවගේම කරලා තියෙන්නේ කරන්න පුළුවන් කැතම ජාතියේ වැඩක්.තමන්ගේම දෙයක් කොරගන්න බැරි කෙන්ද පණ නැති ඔලමොට්ටලයෝ.

ඒත් මොනා කරන්නද අක්කියෝ?අනෙකෙක්ගේ හැකියාවක් යොදාගෙන තමන් ප්‍රසිද්ධ වෙන්න හදන උන් ඉන්න රටක තමයි අපි ඉන්නේ.මහන්සිවෙලා තමන්හිතලා වෙලාව වෙන්කරන් දාන පෝස්ට් එක වෙන එකෙක් ගෙඩි පිටින් ලැජ්ජාවක් නැතිව කොපි කරපුවහම ඒකගේ හොම්බතලන්න තමයි හිතෙන්නේ.
අපිට ඉතිං අපේ ලිපිය හොද නිසා එයාලා කොපි කරගත්ත කියලා හිත හදාගන්න තමයි වෙන්නේ.කොපි කරන එකා කොහොමත් කොපි කරනවා.

අක්කිගේ පෝස්ට් හොරකම් කල මේකා ඉන්නවද සින්ඩි වල? ඉන්නවනම් අදාල සින්ඩි අයිතිකාර අයට කීවනම් හරි.එයාලවත් ක්‍රියා මාර්ගයක් ගනීයිනේ.අපේ රටේ මේවට නීති නෑ.ඉතිං නිර්මාණකරුවා දුක් විදල මහන්සිවෙලා නිර්මාණයක් කරල හිතේ දුක්න් ජීවත් වෙනවා.ඒකනේ අපේ රටේ හොද කලා කාරයෝ දුප්පත්.හොරු හැමදාමත් හොදින්.

මගෙත් ඉස්සර බ්ලොග් එකට ඔහොමවුනා.ඒ කොපි කලේ විද්‍යුත් සගරාවක්.මොනාකරන්නද කියලා හිත හදාගත්තා පෝස්ට් එකක් දාලා නිකං හිටියා.

දුක්වෙන්න එපා අක්කියෝ...අක්කි දන්නවා අක්කිගේ හැකියාවා.වැඩක් අනාගන්නේ නැතිව කරන්න පුළුවන් කියලා දන්නවා.යම් දෙයක් කරලා අත්දැකීම් තියෙන නිසා.කොපි කරපු මේ වගේ හොරුන්ට දවසක් ඒවී....එදාට උන් හිරවෙනවා වෙනවාමයි.ඒක තමයි ඇත්ත.

wath said...

මම ඒ බ්ලොග් එකට පබ්ලිසිටි පාරක් දුන්න වගේ නේද ........

said...

නැතුව ඔයා කලේ ඒක තම ඒක නිසා ඔන්න මාත් ඒ බ්ලොග් එකට ගියා ඒ විතරක් නෙමෙයි කමෙන්ට් එකකුත් දාලා ආවා මෙහෙම

http://sajithpramodya.blogspot.com/2010/07/blog-post_15.html?showComment=1279783155304#c8052913076961823249

හෙළයා said...

කොපි කිරීමෙන් එයාටම මිසක් ඔයාට කවදාවත් පාඩුවක් වෙන්නේ නෑ සහෝදරී. තව හොඳ දේවල් ලියන්න.
ජය !

තිළිණ මධුශංඛ said...

අලුත් කලාවක් හොයා ගත්ත මං
දියුණු වෙන්න ඕනෑ නම්..
නිකං ඉන්නෙපා කෝම කෝම හරි
කරපන් කරපන් copyකම්...

Shadow/හේමලයා said...

ඕවා ගැනනම් කියලා වැඩක් නෑ....ඒකෙ තියෙන ඔක්කොම වාගෙ අනුන්ගේ ඒවා....පින්තූරත් ඒවිදිහටම දාලා.....නියම කාබන් කොපි කාරයෙක්......

දුමී said...

වත් නගෝ, ඔබගේ හිතේ නැගෙන වේදනාව සහෝදර බ්ලොග් කරුවෙක් විදිහට මට හොඳට දැනෙනෙනවා.

හොරෙක් හොරාගන්නෙ වටින දේවල්. නොවටිනා දේවල් කවුරුවත් හොරා ගන්නෙ නැහැ. ඔබ සතුටුවෙන්න් ඔබ අතින් සැමදා එළි දැක්වෙන්නෙ නිර්මාණ එවන් මහර්ඝ මැණික් වගේ ! ඒකයි සොර සතුරන් ඒවා හොරාගෙන යන්නෙ !

හොරා මැණික් අරන් ගියත් ඔබේ දිස්නය උන්ට අරන් යන්න බැහැ !

Ansh Lucky Sri Jay said...

සමාවෙන්න ඕනේ මේක අහනවාට, මේ බ්ලොග් එකේ කොපි කරන්න බැහැ නේද?
දවසක් මම කමෙන්ට් එකක් කොටන්න කම්මැලිකමට උඩින් තිබ්බ එකක වචනයක් දෙකක් කොපි කරලා මේකේ දාන්න හදනකොට මොකද්ද මන්දා බ්ලොක් කරලා තියෙන්නෙ කියලා ආවා. ඉතින්, එහෙම්ම තිබ්බා නම් ඉවරනේ. අපරාදේ අයින් කලේ ඒක.

පබලු said...

මගේ බ්ලොග් පෝස්ට් වගයකුත් ඔය කියන බ්ලොග් එකේ තියනවා.ඒ බව මම දැනගත්තෙත් වත් අක්කගෙන්.දුක හිතුනේ බ්ලොග් පෝස්ට් එක කොපි කරාට නෙවෙයි අඩුම ගානේ ලින්ක් එක බැරි නම් ලියපු කෙනාගේ නමවත් දාන්න තිබුන නේ කියල හිතුන නිසා.
අඩුම ගානේ කොපි කරන්න කලින් අහන්න.එහෙම නැත්නම් ලින්ක් එක හරි ලියපු කෙනාගේ නම හරි දාන්න කියන එක කරුණාවෙන් ඉල්ලනවා

Hasitha ජයසූරිය said...

එයා දන්නෙ කොපි කරන්න විතරයි වගේ...සේරම අනුන්ගෙ ඒව ඒකෙ තියෙන්නෙ...අනේ මුන්ට

හරී said...

අනේ සහෝදරි ඇත්තටම දුකයි. මේ ජරා වැඩ නවත්තන්න සින්ඩිවල අයට බැරිද? ( අහිංසක කොල්ලෙක් කියල කියන්නෙ ) ගැහුවත් මදි මුන්ට.
ඔය "හදෙහි උන් සකිසඳ" කියන පෝස්ට් එක nobody's edege එකේ වසිලීස්සා ලියල තියෙන්නෙ පාසල් කාලය සිහි කරලා. වසිලීස්සයි, මමයි හිටියෙ එකම පන්තියෙ, උසස් පෙළට වෙනකම්, අනේ සජියා නම් හිටියෙ නෑ.
කොපි කරන එකට මෙයා දෙයියෙක්නේ ,,
ඇත්තටම වත් කොහෙන්ද මේක හොයා ගත්තෙ?

හසී said...

අක්කා කියන එක ඇත්ත..හරිම දුකයි, කෙනෙක් මහන්සි වෙල කරන නිර්මාණයක් මෙහෙම කොපි පේස්ට් කරන එක වැරදියි... :(

said...

ඒ බ්ලොග් එකේ යටම බලන්න
මෙන්න මෙහෙම තියෙනවා
"සජියගෙ හිතට ආපු අනුන්ගෙ සිතිවිලි(සියලුම හිමිකම් සජියා සතුය )"

දැන් බැළුවම අනික් අය තමා වැරදි මොකෝ අනික් අය ලියලා තියෙන්නේ උගේ හිතට ආපුවානේ. මන් හිතන්නේ මිනිහට අර මොකද්ද ඥාණේ තියෙනවද කොහෙද? :-D

priyantha.ඒබී said...

මගෙ අම්මෝ මූ නම් මාර දක්‍ෂයෙක්. නැත්නම් එක මාසෙට ඔහොම පෝස්ට් 80ක් දායිද? අනික මූට මාර ඉවක්නේ තියෙන්නේ.
@වත්
සමාවෙන්න මෙහෙම වචන පාවිච්චියට. මීට හොඳ වචන මුන් වෙනුවෙන් ලියන්න බෑ.
එකක් කියන්න පුළුවන්. මෙහෙම කොපි කරන්නේ ඔබේ නිර්මාණ වල වටිනාකම නිසාමයි.

nimanthi said...

ඒක නම් ඇත්ත..
ඇත්තටම මේවගෙ අයිති කාරයා මේවා දකින්නේ නැතිවෙයි කියලා හිතාගෙන මෙහෙම කොපි කරනවද මන්දා ..
කොහොම උනත් හිත රිදවා ගන්න ඕනේ නැහැ.

වැම්පයර් said...

නොදකින් කාලකන්නියා.... :( ශික් අම්මප... රෙදි ඇඳගෙනද මුන් ඉන්නෙ ඈ..

priyantha.ඒබී said...

මලා "වත්" හින්ද මේ යකාට හිට්ස් කොමෙන්ට් වැඩි වෙනවා. මේ අළුත්ම ඇඩ් ක්‍රමයක් වත්ද? සින්ඩිකේටරයක් නැතිව බ්ලොග් කරන්න.

Unknown_User/හිඟන්නා said...

අනේ අම්මපා මෙහෙමත් කොපි කැට් කෙනෙක් .... මේක ගැන කියුවට මිනිහට ගාණක් නෑ වගේ ...

wath said...

අයි අයියෝ.... කට්ටිය එහෙ ගිහින් කොමෙන්ටු දාලා බැනල නේද...


චා චා දැන් මට හිතෙනව මම කර වැඩේ නැරදී කියල... කවුද දන්නේ මොකක් හරි FBI ප්‍රොජෙක්ට් එකක් ද කියල...

said...

අයියෝ ඔයා ඕක සත පහකට ගනන් ගන්න එපා. හැබැයි ඔයා දුන්න පබ්ලිසිටිය නිසා මිනිහගේ බ්ලොග් එකට හෙනට කමෙන්ට් ආවා :-D

ඔය කොපිකරන අයට කොච්චර බැන්නත් වැඩක් නැහැ උන් සතේකට ගනන් ගන්නෙ නැහැ. අපි ඕක කලින් ටෙස්ට් කරලා බලා තියෙනවා

Lasindu Nadishan Tharuka said...

ඔයදේ මටත් උනා,ඒ කියුවෙ මගේ බ්ලොග් එකේ මම ලියපුවත් වෙන forum එකක දාල තිබුන.මටත් ඒක දැක්කම ගොඩක් දුක හිතුන.නමුත් ඒ දාපුකෙනා එම ලිපියේ අවසානයේ උපුටාගත් වෙබ් අඩවිය දාල තිබුනු නිසා මගේ ඒ දුක තුනීවුනා

මම ඔයාගෙ බ්ලොග් එක අද තමා දැක්කේ.ඇත්තටම මේක එල

Bunny ! said...

මට පෙන විදියට මූ පබ්ලිසිටි ගන්නද කොහෙද මෙ අනුන්ගෙ එවා කොපි පෙස්ට් කරන්නෙ, දැන් වත්අක්කම මෙ ගැන ලිවම කොච්චරනම් පබ්ලි සිටිද ? :D

ගනන් ගන්න එපා අක්කෙ..අපි දන්නවනෙ නිර්මාණය කාගෙද කියලා...

පිස්සා පලාමල්ල said...

මට නම් ගානක් නැහ. මොකද ඔය යක්කු කොපි කරන්නෙ අපේ ලියන ඒව හොඳ නිසානේ... කාට හරි බලන්න නෙ අපිත් ලියන්නෙ... ඒක නිසා ඕනි එකක් කරගනින් කියල මම නම් ඉන්නේ....

ඕකුන්ට ලැජ්ජ නැහ.

Anonymous said...

Wow, indeed interesting post. How can I get that RSS?

Katherine Stone
personal security gadgets

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...