..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, July 16, 2010

෴ තුරු සෙවන ෴


ගිනි ගහන ජීවිතේ
සිසිල දී නුඹ සිතේ
රදවන්න සනසන්න
සුවඳ දී ආදරේ

විසල් නුග රුක නුඹයි
 වෙලී ඇති වැල මමයි
නුඹ නොමැති දිනක මගෙ
පැවැත්මත් නැති හැඩයි 

සිත පුරා මුල් ඇද්ද
ගත පුරා අතු පතර
වනස්පති නුඹ මගේ
හැඩකරන දිවි අරණ

-------------------------------------------------------------------------------

දුමී අයිය කීව හරි..... ගහයි වැලයි වගේ තමයි ගැහැණියයි පිරිමියයි ඉන්න ඕන................

දුමී අයියගේ වචන වලින් කීවොත්

ගැහැණිය හැම තිස්සෙම වැලක් වගේ. එයාට එතෙන්න ශක්තිමත් ගහක් තමයි ඒ වැල හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගෙම ජීවිත කාලෙටම ආරක්ෂාව සහ රැකවරණය අර ගහ යට තියෙනවනම් වැලකට ඊට වඩා දෙයක් අවශ්‍ය වෙන්නෙ නැහැ.
-----------------------------------------------------------------------------

ලතාවක් සේ වෙලී සියොලග පතමි රෑකවරණය ඔබෙන්..... කියල ගීතයකුත් තියෙනව නෙ නේද...........

මගේ නුග රැක නම් මේ දවස් වල ගොඩක් දුර ඉන්නේ......

නුග රැක මුල තනි රකින 
මම
෴වත්෴

7 ප්‍රතිචාර:

Hasitha said...

සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ :)

දුමී said...

නංගී, හරිම ලස්සනට අදහස කවියට පෙරලලා . . . බොහොමත්ම ස්තුතියි ! ඇත්තටම මේ වචන මගේ උනාට මේ අදහස අපේ පින්තු සර්ගෙ ,
(http://kumudupinto.wordpress.com)

වත් නගෝ, නුඹේ ආදර නුග රුකට සහ එහි එතෙන්නට පතා ඉන්න නුඹට සදා ජය !

Shadow/හේමලයා said...

ඇත්තටම ලස්සන පද පෙළක්......හැබැයි ගැහැනිය කියන්නේ නිකන්ම නිකම් වැලක් නෙවෙයි.....කැලේ තියෙන ශක්තිමත්ම ගොඟටු වැලයි...පිරිමි අපි කොයිතරම් තද ගති පෙන්නුවත් ඇත්තටම අපේ හිත් ළාමකයි....නමුත් ගැහැණිය හැඟුම්බර වුනාට ඇගේ හිත් අපිට වඩ දහස්වාරය්ක් ශක්තිමත්.....

පහල දැක්වෙන ගීත කොටසින් ගැහැනිය ගැන කියැවෙනදේ කොයිතරම් දුරට ඇත්තද?...මට හිතෙනවා මේක හැම පිරිමියෙකුම්ටම හැඟෙන ඒත් අපි එළිපිට කීමට පැකිලෙන අදහසක් කියල.....

"So amazing how this world was made. I wonder if GOD is a woman. The gift of life astounds me till this day. I give it up for the woman. She's the constant wind that fills my sail. Oh that woman...With her smile and her style. She'll protect like a child. That's a
woman'.(Strength of a women)...comes from the most unlikely singer...but yet these lines speaks for themselves.......

ඉලංදාරියා said...

තමන් ආදරයකරන කෙනා ඉතින් හැමවෙලෑම තමන් ලග දැවටි දැවටී ඉන්න්වට කවුරුද අකමැතී ඉතින්..නේද අනේ එහෙමවාසනවක්.....

ඉන්දික උපශාන්ත said...

අගේ ඇති පද පෙළ. අපූරු උපමාව.
මම ඔය කතාවට එකඟයි ,එකඟ නෑ.
ඔයා ගහක්, පිරිමියෙක් විදියට හිතල බලන්න. එත්කොට මං කියන දේ පැහැදිලි වෙයි.
(කියන්න තීන දේ මූණටම දමල ගහන එකත් මානසික රෝගයක් කියලයි අරුණි ගෙ ලිපියක තිබ්බෙ. ඒ නිසා හිත රිදෝ ගන්න එපා පිස්සො කියන දේවලට )

හසී said...

මම නම් එකඟයි.. ලස්සන පද වැලක් අක්කේ..

wath said...

@ Hasitha
සුවඳවත් ජීවිතයක්.....

@ දුමී
ස්තූතියි දුමී අයියා....

@ Shadow/හේමලයා
ස්තූතියි හේමලයෝ... නොකියන ගොඩක් දේවල් ඒ වචන වල තියෙනව.

@ ඉන්දික උපශාන්ත
මට අමාරුම දේ තමයි පිරිමියෙක් වගේ හිතන එක.

@ හසී
ස්තූතියි හසී...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...