..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, July 5, 2010

෴ ඔබේ කඳුළැළි සෙමින් පිස ලන්නම් ෴


ගඟක් සේ ඔබ ගලා ඒ නම් 
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම් 
පවන් රළ වී ඔබව සිප ගන්නම්

පළා පැහැයෙන් දිදුල කඳුඑලියේ 
අතුල පිනි වතුරේ 
සඳක් සේ මා ඔබට දැල් වෙන්නම්
ඔබේ කඳුළැළි සෙමින් පිස ලන්නම්


දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුළේ
අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
මිරිගු දිය මැද කෙම් බිමක් වෙන්නම්


සින්දුව ඇහුව
මම
෴වත්෴

10 ප්‍රතිචාර:

freedom said...

මේ ටික මෙහෙම වෙනස් වෙන්න ඕනෙ නේද?
"පළා පැහැයෙන් දිදුළ කඳුවලියේ
අතුල පිණි මතුයේ
....
ඔබේ කඳුළැලි පෙමින් පිසලන්නම්"

'මට උවමනා විදියට ඔබ ඉන්න' නොවේ 'ඔබ ඉන්නා විදියට මම ගැළපෙන්නම්'. අන්න හරි දේ!

වැම්පයර් said...

‍ෆ්‍රීඩම් හරි!

හරිම ලස්සන සින්දුවක්. මාත් ඕක පෝස්ට් කලා මීට ඉස්සර. මීට පස්සෙ අපිට දීපිකා දිවුල්ගනේ යුවලගේ තවත් සින්දු අහන්න වෙන එකක් නෑ. ඒක ප්‍රසිද්ධ රහසක් නොවැ.

ජය!

දුමී said...

වත් නගෝ, මම කැමතිම සින්දුවක් මේක . බොහෝම ස්තුතියි ඒ මතකය අළුත් කලාට. ඉස්සර මගේ පෙම්වතීට ලියපු සෙනෙහෙ කොල වල මේ සින්දුව ලියුව කියල මතකයි . . . . දැන් ඇය මගේ ආදර බිරිඳ . . . !

දුමී said...
This comment has been removed by the author.
මැණික් said...

ලස්සන ගීතයක් ස්තුතියි වත්.
මැණික්(සුළඟ)

ඉලංදාරියා said...

ලසන සින්දුවක් මම පදවැල විතරයි කියවවුවේ....

ස්තුතියි ඔයාට..

Ansh Lucky Sri Jay said...

ෆ්‍රීඩම් හරි..
මම ආසම ගීතයක්..
සංගීතය, පද මාලාව ආදී හැමදෙයක්ම සුපිරි..
:)

ලංකා වන් ට පිළිතුරු said...

good blog, keep it up

lets answer those who tarnish Buddhism

බුදුදහමට නිගරු කරන්නන්ට නිසි පිළිතුරු දෙමු , ඔබගේ අදහස් මෙහි පලකරන්න

http://lanka1-answers.blogspot.com/

කතන්දරකාරයා said...

අතුල පිනි වතුරේ කිව්වහම මං හිතුවේ මේක සමිතා කියන සින්දුවක් කියලා.

කතන්දරකාරයා said...

ප්‍රතිඥා

මගේ සුසුමක උණුසුමින් ඔබෙ
නෙතේ කඳුලැළි වියලවන්නම්
ඔබේ දුක් සදහට මැකේ නම්
මගේ කඳුලින් මා හඩන්නම්

බවේ කල පින් මදිව දෙලොවක
මෙදා අප වෙන් වෙලා සිටියට
සදා මේ බැමි අතර සිරවී
මෙලෙස අප දුක් විඳිනු කුමකට

සදා ඉඩදෙමි ඔබට මා හද
පුදා මා ආදරේ ඔබ හට
අතීතයෙ නටඹුන් විතැත් කර
අනාගතයක් මවමු අප හෙට

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...