..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, July 27, 2010

෴ නරියා , කපුටා, මිදි සහ කේජු ෴



මම පොඩි කාලේ ඉදල දන්න නරියෝ තුන් දෙනෙක් ඉන්නව. එක්කෙනෙක් තමයි අර මිදි තිත්තයි කීව නරියා. අනිත් ‍නරිය තමයි කපුට‍ගේ කේජු කෑල්ල රවටන් කෑව නරිය තුන් වෙනි නරිය තමයි අර ලබු කිරිබත් කන්න ගිහින් නාලා නතර වුන නරිය....

මට නම් හිතෙන විදිහට මේ නරි තුන්දෙනාටම රගපාල තියෙන්නේ එකම නරිය වෙන්න ඇති. ඒ ඇයි කීවොත් ඒ කතා අහන හැමවෙලේම මට මතක්වෙන්නේ එකම නරිය..... අනික මොනා වුනත් මොනා කරත් නරියගේ චරිතෙට තමයි මම ආසම. මොකද ඒ නරිය හරිම නිර්මාණශීලි නරියෙක්. කපටිකම කියන්නේ ඇත්තටම නිර්මාණශීලි දෙයක්.

අපේ තාත්ත හිටිය කාලේ නම් තාත්ත සමහර වෙලාවට මට කියනව 
," ලොකු පුතේ උඹ තමයි නරියටත් කපටිකම් පුරුදු කරන්න ඇත්තෙ " කියල.තාත්ත එහෙම කියන්නේ තරහින් නෙමෙයි හරි ආදරෙන්....
මුරණ්ඩුකම, කපටිකම කියන දේවල් හරි විදිහට දියුණු කර ගන්නව කියන්නේ හැකියාවන් නිවරදි මාවතේ යවනව කියන දේම තමයි.

කිසිදේකට බය නැති තනිවම තීරණ ගන්න පුලුවන් දරුවෙක්ට "මුරණ්ඩුකම හොඳටම වැඩි " කියල බනින්න පෙර හොඳට හිතල බලන්න..

හොඳයි එහෙනම් මම ආවේ කවියක් ලියන්න. සිද්ධ වුනේ කතාවක් ලියන්න...
.


මිදි තිත්තයි මම කන්නේ නැහැ යාලු
නරියෙක් මිදි වැලක් දැකලා කීවාලු
කේජු හොරෙන් උදුරා ගත්තට යාලු
පල දුන්නා උඹට කපුටා කීවාලු

කන්න ගියත් බඩගින්නට ඉඹුල් බත
කන්න නෙවෙයි නාගන්නට වූයේ මට
ඇයිද මන්ද මම ඉන්නා කතන්දර
 මේලෙස නිමා වන්නේ මට තමයි දුක

මිදි කන්නට ගියෙත් බඩගිනි වූ හන්දයි
 කේජු කෑල්ලත් ඉල්ලුවෙ ඒ හන්දයි
ඉඹුල් කිරිබතත් බඩපොජ්ජට නැතිවයි
නරියා නැහුනේ නරියගේ මේ බඩ හින්දයි

“If the lion was advised by the fox, he would be cunning.”
 
නරියගේ කතා වල නරියට කැමති
මම
෴ වත් ෴

හැබෑවටම නරිය මිදි ,කේජු ඉඹුල් කිරිබත් එහෙම කනවද....

38 ප්‍රතිචාර:

දුකා said...

m m mm m mm m
monawa kiyannada manda . ..

wath said...

@ දුකා

අනේ වැඩිය හිතන්න එපා. හිතුන ලීව. ගැඹුරට දකින්න හදන්න එපා.සරල දෙයක්.එච්චරයි.

Chanaka Aruna Munasinghe said...

නරි බෑණා එකේ ඉන්නෙත් ඒ නරියම තමයි. නිල් භාජනේකට වැටුනෙත් එයාමයි. තව එයා ගැන හොඳ හොඳ කතා ගොඩාරියක් තියෙනවා.

මෙන්න ඉන්නව මෑන්. මෙයාට තමයි නරියා කියන්නෙ

http://status-chanaka.blogspot.com/2009/03/blog-post_09.html

wath said...

ඔවුමයි නේන්නම්.මකරත් එහෙනම් නරියගේ යාළුවෙක්....

නරිය හොද එකා.....

ජීවිතේමල් said...

නරියගේ කතා වල නරියට කැමති
මම
෴ වත් ෴

මේ ටික තමා sweet ම...

charmi said...

ඔයාගෙ කවිය කියවපුවමයි මටත් මීටර් උනේ. මේ නරි කතා වගේම වෙනත් ළමා කතා වැඩිහරියක ඔය බඩගින්න හරි කෑම හොයාගෙන යන එක හරි තියෙනවා.
මං හිතන්නෙ දරුවන්ට තේරුම් ගන්න පුලුවන් ලේසිම දේ/හැඟීම/සංවේදනය බඩගින්න නිසා වෙන්න ඇති නේද?

දුමී said...

ගෙයකි එහි විවර වු දොරකි
ගෙයනම් මහා කලා ගාරයකි
එතුල සරනා මිනිසුන් විද
ඔවුන් කලා රසය පමණක් විඳින්නෝමය

Hasitha ජයසූරිය said...

සරලයි සුගමයි පට්ට නියමයි ! මන් දන්න තරමින් නම් නරියො කේක් ලබුකිරිබත් මිදි කන්නෑ...කතා වල හැමදාම ඉන්න නරිය තමයි ඕව කන්නෙ

කොහොම හරි බලන් ගියාම නරියත් හරි නරියෙක්නෙ :D

චේජනා said...

මරු... කවිය
පව් ඒ අහින්සක සතා හැම කතාවෙ ම දුශ්ටය වෙන...

maiyyagelokaya said...

වත් ට අමතක උන ඒත් ශුවර් එකටම කැමති නරියෙකුත් ඉන්නව..ගිනි නරියා නැතිව වත් ගේ අන්තර්ජාලේ සමූපුර්න නැති විත්තිය වත් ට අමතක වේලා

වැප් said...

මෙන්න වත්ගෙන් නරි පාඩමක් :D

wath said...

@ ජීවිතේමල්
ලස්සන පුංචි කතාවක් අහන ලස්සන පුංචි දරුවෙක් වගෙයි ඔයත්.෴ස්වීටි ෴

wath said...

@ charmi
හැබෑමයි. charmiකියන කොට තමයි මටත් ඒක තේරුනේ.පුංචි දරුවන් දන්න.. පුංචි දරුවන්ට කියා දෙන්න ලේසි බඩගින්න ගැන තමයි වගේ.

wath said...

@ දුමී
ඒකතමයි අයියා. මිනිස්සු අපි හිතනවට වඩා සුන්දරයි...

wath said...

@ Hasitha ජයසූරිය
හසී පැටියෝ... අහුවෙන්න එපා නරියට. නරියට අහුවුනොත් නරිය වගේ හිතල බලන්න.
නරිය සතුන් මරල කනව කියල ඒ කතන්දර වල තිබ්බනම් එහෙම පුංචි ළමයි නරියට වෛර කරනව. ඒත් නරියට කෑවත් නොකෑවත් මිදි හම්බුනේ නැති නිසා අපි තාමත් නරියට කැමති.

Shadow/හේමලයා said...

නියම කවිය.......හැබෑටම නරියා තමයි බොහොමයක් උපමා කතවල එන උපායශීලී දුෂ්ඨයා.....මම ඔය නරි කතා වැඩියම දැකලා තියෙන්නේ පංච තන්ත්‍රයේ......සමහර වෙලාවට අර කීවත් වාගෙ කපටිකම ඉතාම නිර්මාණශීලීව යොදගැනීම අතින නරියා ඉතාම දක්ෂයි......බොහොමයක් ආදිකල්පික කතාවල වීරයාගෙ සයිඩ් කික් එක වාගෙ ඉඳලා තියෙන්නේ නරිය නෙව.....

wath said...

@ චේජනා
චේජනා නංගියෝ .. කොහොමද ඉතින්...සමහරු දුෂ්ඨයෝ ඉන්නව පවු කියල හිතෙන. (දැන් ඔයාම කියල තියෙන්නේ පවු කියල). සමහර දුෂ්ඨයෝ මරන්න තරම් තරහක් එනව...
මම හිතන විදිහට ළමා කතා වල ඉන්න දුෂ්ඨයෝ පවු කියල හිතෙන අය. එහෙමත් නැත්තම් පස්සේ කාලෙක හොද අතට හැරෙන අය. එහෙම නොකර නම් ළමා මනසට වෛරය ඇතුළු වෙනව...

ඔයත් නරියට කැමති වගේ එහෙනම්..

wath said...

@ maiyyagelokaya
හහ් හහ් හා‍‍.... ඕක තමයි කියන්නේ අනුන්ගේ කන්දද මොකක්ද පෙවුනට තමන්ගේ ඇහේ රොඩ්ඩ පේන්නෙ නැහැ කියල. හැබෑටම මටම අමතක වුනා නේ හැමදාම මට උදවු වෙන ගිනි නරිය ගැන.ස්තූතියි මායියෝ මතක් කරල දුන්නට.
මායියයි මායියගේ නෝනයි දෙන්නත් නරිකතාවල හරියට ඉන්නව මම අහල තියෙනව...

wath said...

@ Shadow/හේමලයා
මම පැලුව කෝ මගේ හේමලයා කියල. ලියල දාලා අනිත් පැත්ත හැරෙන්න කලින් ඇවිත් යන ඔයා නම් හේමලයම තමයි.රාත්‍රියේ ලීව නිසා හේමලයා වැටෙන්නේ නැතිව ඇති.....

හාබෑව මලයෝ හැබෑව... එදත් අදත් වීරයා වීරයෙක් කරන්නෙත් නැති කරල දාන්නෙත් නරියගේ සයිඩ් සපෝට් එකේ ආනුභාවයෙන් තමයි..

තිස්ස දොඩන්ගොඩ said...

මිදි ඇඹුලයි කියලා...
කියූ කථාවේ මා තනිවුනා එදා...
චංචල ලඳක් වුනාද ඔබ මා...
ඇසුරු කරා කියලා...

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

මාත් හරියට ඔය නරියා වගේ මිදි තිත්තයි කියලා ,අනුන් ළග තියෙන කේජු කන්න ගිහින් හතර අතේ ගාගෙන ඉන්නේ ...
බලමුකෝ නරියන්ටන්ත් කවදා හරි චාන්ස් එකක් එයි නේ :D

RanDil said...

ආ වත් අමතක වුනාද? YOU JUST WAIT කියන නරියා. එයාට නම් පව් කියලා හිතෙන්නේ නැහැ නේද?

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

නරියා ගොඩ ගිය එක වෙලාවක් තියෙනවා.... ඒ තමයි අර හාවගෙයි කොහොල්ලෑ බබාගෙයි කතාව....... ඒ නරියටත් වත් කැමතිද දන්නෙ නෑ...

පුතා said...

හිකිස්.. මම නම් වැඩියෙන්ම කැමති ලබු කිරිබත් කාපු නරියට....

wath said...

@ පුතා
පුතා කැමති ඒ නරියට නෙමෙයි ලබු කිරිබත් වලට කියලයි පුතේ මට හිතෙන්නේ

wath said...

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ආහ්.... වෙන්න බැහැ.. ඒ කතාවෙත් නරිය පරාදයි අභීත...

ඇයි අන්තිමට නරිය තමයි කො‍හොල්ල ගුලියේ ඇලුනේ...

wath said...

@ RanDil
ආහ් ඒ නරියටත් මම කැමති. වූත් පවු නරියෙක් තමයි රන්දිල්....
ඒ හාවා හරි කට්ටයි....

wath said...

@ Confiuzd ප්‍රෝග්‍රැමර්
මිදි තිත්තයි තමයි අනේ ඒත් කේජු ඉල්ලන් කන්න ගියොත් අමාරුවේ තමයි වැටෙන්නේ...

wath said...

@ තිස්ස දොඩන්ගොඩ
වචනයක් කියන්න නැහැනේ.. මේ සින්දු කෝච්චියට හැම වචනයෙන්ම ලස්සන සින්දුවක් මතක් වෙනව...
ලස්සන පරණ සින්දුවක් අයියා.. තැන්ක්යූ...

wath said...

@ වැප්
මේ නරි නරි කියන්න එපා වැප්... මාව නරියෙක් කැන්දන් ගියොත් එහෙම...

කොඩී said...

"හැබෑවටම නරිය මිදි ,කේජු ඉඹුල් කිරිබත් එහෙම කනවද...."

නරියගෙන් ම තමයි අහන්න ඕන :D

priyantha.ඒබී said...

ඊයෙ එන්න බැරි වුනා මමත් නරියගේ කතා වලට ආසයි මොකද ඒව තමා අපි මුගින්ම අහපු කතා. තව නරි කතා කොච්චර තියනවද? මම හිතන්නේ කොයි කතාවේ නරියත් එකම නරියා තියලා. තිව්වත් වගේ නරියා හොඳ එකා. සමහර මිනිස්සුන්ට වඩා.

මාරයාගේ හෝරාව said...

හහ් හහ්..ඔන්න මම නම් මුකුත් කියන්නේ නැහැ.
තේරුම් ගතිමි. දන්නා දේ නොකියමි.

[තාත්තා කිවුවෙ නැද්ද තෝ නරියටම දෙනවා කියලා...]

wath said...

@ priyantha.ඒබී
උපන් දිනයක් තිබ්බ නේද...
නරි කතා ඇත්තටම ගොඩක් තියෙනව තමයි.

wath said...

@ මාරයාගේ හෝරාව
නරියා?

kumaraya said...

කපටිකම ආඩම්බරයට කාරණයක් කියල ඔයා හිතනව ඇති.
තාත්තත් කිවුවලුනේ ... නරියටත් කපටිකම් උගන්නන්න ඇත්තේ ඔයයි කියල.
අනික ඔයා හිතනව ඒක නිර්මාණශීලි දක්ෂ කමක් කියල නේද ...?
කපටිකම කියන්නෙ නිර්මානශීලි දෙයක්වත්, දක්ෂ කමක්වත්, හැකියාවන් නිවැරදි මාවතේ යැවීමක්වත් නෙවෙයි.
ඔයාට ඔය කපටිකම අපූරුවට පිහිටා තිබීම ගැන ආඩම්බර වෙනවද ...?
ඔයා කොයිතරම් දක්ෂ වුණත්, කපටි වුණත්, කොල්ල බූට් එක දීපු ගමන් අඬා වැටෙනව නේද ...?
ඒකත් ඔයාගෙ එක කපටි කමක්ද ...?

Amila said...

මටත් නරියා​ ගැන කියන කොට හිතට එන්නේ බොහොම අහිංසක සතෙක් කියන අදහස. මගේ බල්ලටත් ආදරේට නරියෝ කියල මං කියනවා.

එහෙම හිතුනේ ඇයි කියල බැලුවම මට මතක් වෙන්නේ some birds can't fly චිත්‍රපටියේ හිටපු නරියා ගැන මට තදින් ම හිතට වැදුනු එක. ඒ නරියා මගේ හිතේ තදින්ම සටහන් වෙලා තියෙන්නේ ඇත්ත නරියෙක් (කාටුන් නොවන) දැක්ක මුල් අවස්ථාව ඒක නිසා වෙන්න ඇති. නරියා බල්ලෙකුටත් වඩා පොඩි සතෙක්නේ..

wath said...

Amila
මාත් නරියට කැමති...දන්නවද ඇයි කියල..අර ඉස්සර ටීවී එකේ ගිය මපට් ෂෝ එකේ " සුදු පුංචා " එකේ හිටිය නරියා...කපටි වුනාට හොද මොලේ ...

ස්තූතිවි Amila

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...