..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, July 31, 2010

෴ මගේ අලුත් සම්බන්ධය ෴

ඉස්සල්ලම් කියන්නම් මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්.මම මේ තරම් අවංකව මේ ගැන කතා කරන එක ගැන සමහරු නම් මට දොස් කියාවි. ඒත් තව දුරටත් මට මේ දේ මගේ හිතේ හිර කර ගෙන ඉන්න බැහැ..

මගේ පරණ සම්බන්ධය මම නැවැත්තුවා... ඔව් ඔවු පරණ සම්බන්ධය කියන්නේ ඉතින් දැන් අලුත් සම්බන්ධයක් තියෙන නිසා තමයි....අනික දැන් කාලේ කාටද පුලුවන් සම්බන්ධයක් නැතිව පාලුවෙන් ඉන්න. හරි හරි සමහරු ඉන්නව තමයි... ඒ සමහරු කියන ගොඩට මම අයිති නැහැ...අනික අද කාලේ හැටියට මේව හරිම සුළු දේවල් නේද.. සමහරුන්ට සම්බන්ධකම් දෙක තුන හතර තියෙද්දි මම අලුත් සම්බන්ධය පටන් ගත්තේ පරණ එක නතර කරල.. එහෙම බැලුවම මම හරි සාධාරණයි කියල මට හිතෙනව....

එක සම්බන්ධයක් හරියට නඩත්තු කර ගන්න බැරි එකේ සම්බන්ධකම් දෙක තුන හතර කොහොම අරන් යනවද කියල මට නම් හිතා ගන්න බැහැ.

පරණ සම්බන්ධය මම පටන් ගත්තේ එයාම මාව හොයාගෙන මගේ ළඟටම ආව නිසයි. අනික ඒ කාලේ හැටියට එයා හරිම හොඳයි කියලයි මගේ මේ මොළ ගෙඩියට හිතුනෙ... ඉතින් මමත් හා කීව අපි දෙන්න යාළු වුනා... ඉතින් මුල් කාලේ නම් එයා හරි හොදයි... මගේ පර්ස් එකටත් ලේසි... පස්සෙ පස්සෙ තමයි මෙයා වෙනස් වුනේ.... 

අනික මෙයා මා ළඟ ඉන්නව කියල දන්න මගේ ඔපිස් එකේ ගොඩක් අය විටින් විට මගෙන් මෙයාව ඉල්ල ගන්නේ හරියට එයාල මට මෙයාව ජෝඩු කරා වගේ මගේ ‍පුද්ගලික දෙයක් කියල සත පහකට මායිම් කරන්නේ නැහැ ඉල්ලුව වෙලාවට දුන්නෙ නැත්තම් මුණ එල්ලන් ඉන්නව. "විනාඩියකටනෙ ඉල්ලුවෙ" "විනාඩියකටවත් දෙන්න බැරි මොකද ?" කතන්දර ගොඩයි..

පස්සෙ පස්සෙ මෙයා හරියට වෙනස් වුනා... එන්න එන්න මගේ පර්ස් එකේ සල්ලි වලින් මෙයා වෙනුවෙන් වෙන් කරන කොටස වැඩි කරන්න සිද්ධ වුනා... මෙයා එවන ලවු ලෙටර්ස් ගෙදරටත් අහුවුනා.. අම්ම මට අවවාද කරා මේ සම්බන්ධය නතර කරන්න කියල... ඒත් මම හිත දැඩි කරන් උන්නා. ඒත් අන්තිමට  එයා එක්ක මට කතා කරන්න බැරි වුනා. එයාට ඕන නම් විතරයි මාත් එක්ක කතා කරේ....

පස්සෙ පස්සෙ එයාත් කතා කරන එක නතර කරා... මාත් ගනන් ගත්තෙ නැහැ... මෙන්න එයා ඊට පස්සෙ මට ලියුම් එවන්න ගත්ත. මේ සම්බන්ධය නතර කර ගන්න එපා.. කියල... පරණ වාදනය නැවත අහන්න මම කැමති වුනේ නැහැ. ඔපිස් එකේ අයත් කියන්න ගත්ත "අපරාදේ වටින සම්බන්ධයක් මීට පස්සෙ ඔය වගේ එකක් හම්බෙන්නෙත් නැහැ මේ සම්බන්ධය නතර කර ගන්න එපා "කියල.....

මම ඇහුන්නේ නැති කණ් ඇතිව සිටිය. කොටින්ම මට එයා එපා වෙලයි හිටියෙ.... මගෙ හිත කළකිරුණ... දැන් ඒ පරණ සම්බන්ධය ඉවරයි....

ඒත් සම්බන්ධයක් නැතිව දැන් කාලේ ඉන්න බැහැනේ. ඇතිවත් බැහැ නැතිවත් බැහැ... ඔන්න ඉතින් මම වෙනත් සම්බන්ධයක් පටන් ගත්ත. දැනට නම් එයා හොදයි. පස්සෙ එයත් නරක් වෙයිද දන්නේ නැහැ....

හෝව් හෝව් .. දැන් අහන්න එපා මොකක්ද අලුත් සම්බන්ධය කියල... ඒකත් විනාඩියට රුපියල් 2කේ සම්බන්ධයක් තමයි...........පරණ සම්බන්ධෙනම් විනාඩි 1000 ක් ප්‍රී .....

ඔවු අනේ ඔවු මම මේ කීවේ ජංගම දුරකතන සම්බන්ධය හෙවත් සිම් එක ගැන තමයි.............

දැන් කාලේ ඇතිවත් බැරි නැතිවත් බැරි මේ ජංගමේ නම් මට පෙන්නන්න බැහැ......

කවුද හැබෑට ජංගමේ හොයා ගත්තේ ..............................
Use of mobile phones can be addictive.
 
අළුත් සම්බන්ධයක් පටන් ගත්ත
මම
෴ වත් .෴

27 ප්‍රතිචාර:

said...

අපොයි ඔයතරම් හිසරදයක් තවත් නැතුව ඇති :-D

Shadow/හේමලයා said...

මටනම් නෑ ඔය පුරස්න...එදා ඉඳන් කාඩ්ම තමා....ඕනෑ එකෙක් කතා කොරන එකයි ඇත්තේ...මම නම් ගනී කෝල්...Incoming only....:D...

සහන් said...

අනේ මටනං මගේ එක්කෙනා හරීම හොඳා....
කිසි කරදරයක් නෑ [මුල් කාලෙ පොඩ්ඩක් කරදර කලා පස්සෙ හදාගත්ත, ඒ කාලෙ අරයට කතා කරන්න එපා, මෙයාට කතා කරන්න එපා, මල වාත]
දැං හිටු කියන තැන ඉන්නවා.. හරි හොඳා. එයා ගැන කියන්න දෙයක් නෑ ඔයාල දන්නවනෙ "එයා"

NUWAN"s lane said...

ඔව් මමත් ට්‍රයි කලා පහුගිය දවසක"ඔබ ඈමතු .....ජංගම දුරකථනය විසන්දි කොට ඈත කියලා කිව්වා.වෙන්න බෑ කියලා හිතලා ආයෙ ගත්තා.එහෙමම තමයි.අලුත් සම්බන්දයට සුභ පෑතුම්

NUWAN"s lane said...
This comment has been removed by the author.
Hasitha ජයසූරිය said...

අනේ අපරාදෙ කියන්න බෑ මගෙ පළමු පෙම නම් තාම තියෙනව....සල්ලි තියෙන වෙලාවට දානව නැත්තන් නෑ....ඒත් අනේ එයා අද වෙනකන් බබා වගේ ඉන්නව. හරි ශෝයි :ඪ්

අක්කේ අද කතාව නම් මැක්සා කියන්නෙ MaXxAම තමයි

änthräX said...

අර "කෝ? ඉන්සිඩන්ට්" ද මොකද්ද කියන්නෙ මේවට තමා. සම්බන්ධකං දෙකක් තියන් උන්න මගෙ ඒකක් අවසන් උනේ අද. මාත් එකම හිතිං එක සම්බන්ධයක් තමා තියන් ඉන්නෙ අද ඉදලා. :P

෴ හසියා ෴ said...

මුල ටික කියවද්දි හිතුනේම අක්කිගේ ලව් ස්ටෝලියක් වෙන්න ඇති කියලා..... ;-)
ඒත්, "ඉල්ලුව වෙලාවට දුන්නෙ නැත්තම් මුණ එල්ලන්........." කියවද්දි මට හිතුනා මේ කියන්නේ වෙනදෙයක් ගැන කියලා.හැබැයි හිතුනේ ජංගම දුරකතනය කියලා.
මගෙනම් සබදතා කීපයක්ම තියේ...ඒත් දැන් කරන්යන්නේ මුල්ම සබදතා දෙකයි.ඒකෙනුත් දෙවෙනි සම්බන්දෙට මම පණ ඇරල... ;-)

priyantha.ඒබී said...

ඒකට මම. මගේ පලමු සම්බන්ධය තමා තාමත් තියෙන්නේ. එත් එයා නම් එන්න එන්නම හොඳවුනා. දැන් නම් හොඳටම මාව තේරුම් ඇරන් ඉන්නේ. පර්ස් එකට තියන බරත් අඩුයි. බැලුවාම ඇත්ත තමා මේකත් ඇතුවත් බැරි, නැතුවත් බැරි සම්බන්ධයක්. නියමෙටම ඒක කතාවකට අරන් තියනවා.

හුටපටයා said...

ආයි විනාඩි 1000 ක් ෆ්‍රී සම්බන්ද දෙන්නේ නෑලු. එතකොට ආයි පරණ එක හොද වෙයිද දන්නේ නෑ.

වැප් said...

හුලං ටැල් එකක් ගත්තා නම් සම්බන්දම් 5 යි

ෆා said...

මගේ පළවෙනියත් අන්තිමයත් දෙබස තමයි. ‍ෆ්‍රී විනාඩි 1000 නිසා ගෙදරින් මට රිං කට් එකක් විතරයි දාන්නේ.එතකොට මම කෝල් එක අරන් එයාලාගේ සැප දුක අහන්න ඕන.කවදාවත් තේරෙන්නැති ලව් ලෙටර්ස් තොගේ නම් මම ළගදි විසිකලා. මට නම් හිතෙන්නේ කොයි සම්බන්දෙත් එකවගේ. පටන් ගත්ත අලුත නම් ආයේ ඒ වගේ එකක් නෑ. කල් යන කොට තමා එයාලා ගණං උස්සන්නේ.

wath said...

@ ම
ඇත්ත ඇත්ත...

@ Shadow/හේමලයා
දැන ගත්ත එක හොදයි. බැරිද ජංගම දුක මට එවන්න. හේමලයත් එක්ක පොඩ්ඩක් දොඩන්න...

@ සහන්
ආහ් "එයා" "එයාටෙල්" ද මෙයා ?

@ NUWAN"s lane
අනේ හැබෑමයි. කියන්න අමතක වුනා නේ නුවන්... මා ළඟ ඔයාගේ සම්බන්යෙ විස්තර තියෙන නිසා මම කෝල් එක්ක දෙන්නම් කෝ..

wath said...

@ Hasitha ජයසූරිය

අනේ හසී පැටියෝ... සම්බන්ධෙ අංකය කියන්න බැරිද මට...කතා කරලම ස්තූති කරන්න පුලුවන් එතකොට ..

wath said...

@ ෴ හසියා ෴
ආහ්... මම අහල තියෙන්නෙ නම් පළමු පෙම තමයි පණ ඇරල කියල...

බලන් ගියහම මෙයා දෙවෙනි පෙමට නෙ පණ ඇරල...

@ priyantha.ඒබී
වාසනාව .... වාසනාව. පෙර කළ පින් තමයි ප්‍රියන්ත... සුබ පතනව... (ඊර්ෂයත් හිතෙනව)

wath said...

@ හුටපටයා
අනේ නැහැ.පරණ ඒව ගියොත් ගියාමයි. ආයෙ මම පරණ ඒව පස්සෙන් යන්නෙ නැහැ.

@ වැප්
ආහ්... මෙච්චර ගොඩක්. කොහොමද මෙන්ටේන් කරන්නේ. බැරිද එක සම්බන්ධයක අංකයක් දෙන්න.හදිසියට ඕන වෙන මිනිස්සු නේ අනේ..

@ ෆා
ඇත්ත නංගියෝ... පටන් ගන්න කොට නම් අපි දෙන්නම් කොටි දෙන්නම් පහු පහ් වෙන කොට කොහු කොහු තමයි...

wath said...

@ änthräX
යා යා ‍ කෝ ඉන්සිඩන්ට්ම තමයි... අහඹූවක් වෙන්නත් බැහැ ... කමක් නැහැ මල්ලි.එක හිතින් සම්බන්ධ දෙකක් තිය ගන්නවට වඩා හොදයි හිත් දෙකේම එකම සම්බන්ධය කියා ගන්න එක....( මොකක් හරි වැරුද්දක් තියනව ද මන්ද මම කීව එකේ )

priyantha.ඒබී said...
This comment has been removed by the author.
priyantha.ඒබී said...

අයියෝ මොකටද ඊර්ෂ්‍ය හිතන්නේ. ඕක නැත්නම් තමා වෙන කරන්න දෙයක් නෑ. උපහාර ආපු වෙලාවෙ ඒ පැත්තට යන්නත් හිතුවා. එත් යාළුවෝ කතා කරන්නේම පරණ එකටනේ කොච්චර කිව්වත් අඩුම තරමේ ගෙදර නොම්බරේ වත් මතක තියාගන්නේ නෑ. මාරු කලා කියන්නේ යාළුවෝ ටිකත් අළුතින් හොයන්න වෙනවා. ගොඩක් කල් network එකේ හිටියම සැලකිල්ල වැඩිනේ

ජීවිතේමල් said...

අපොයි... කොයි සම්බන්දෙත් එකයි අක්කේ... ඔක්කොම ඉන්නෙ පොකැට්‍ටුව දිහා බලාගෙන.... අනාත සාගරේ....

punchisamanalee said...

සමනලී නම් දිගටම එකම සිම් එක තමයි පාවිච්චි කරන්නේ.... ඒක සමනලිට වගේම සමනලීගේ අයිතිකාරයාටත් ලේසියි වාසියි :-)

ඉතින් වත් අක්කා කොහොමද සැප සනීප? සමනලී විභාගෙන් පස්සේ මේ වත් අක්කා බලන්න පියෑඹුවේ සැහෙන කාලෙකින්....

පිස්සා පලාමල්ල said...

ඔය ගැන නම් කතා එපා.. සල්ලි තොගයක් යනවනේ ඔය මක බාවට. කවුරු හොයා ගත්තද මන්ද...

Bunny ! said...

මේ එදා මට කතා කලේ අලුත් සම්බන්දෙන් නේද ? :D

හසී said...

හ්ම්ම් මමත් මාරු උනා වෙන සම්බන්ධෙකට... නියම පෝස්ට් එක අක්කේ!

wath said...

@ priyantha.ඒබී
වැඩ කරන වෙලාවට සීට් එකේ නැහැ නේද... හරි හරි ... කොහොමත් අපිට අපේ නොම්බරේ මකත හිටින්නෙ නැහැනේ. මේ දවස් වල මම මගේ අලුත් සම්බන්ධයේ අංකය හොයා ගන්නේ ලග පාත ඉන්න දන්න කියල කෙනෙක්ට රිං කරල තමයි...

@ ජීවිතේමල්
Ya Ya .....

@ punchisamanalee
හ්ම් සමණළී හොදයි... කොහොමද විභාගේ හොදට කරාද... සමණළීගේ සම්බන්ධයට ජය වේවා..


@ පිස්සා පලාමල්ල
මෙන්න වැඩක් දැන් පිස්සන්ටත් මොබයිල් දුරකතන ...

@ Bunny !
ඔවු ඔවු හා පැ‍ටියෝ...

කොඩී said...

කතාව නම් උපරිමයි. ටිකක් වෙලා කියවනකම් නිකන් කරකවලා අත ඇරියා වගේ...

මගේ නම් මේ දෙවනි සම්බන්ධය, පලවෙනි එක තිබ්බේ මාස කීපයයි. හැබැයි එයාට වඩා නම් මෙයා හොඳයි :D

ශාකුන්තල said...

මගෙ නං මේ කීවෙනි එකද කියල මට මතක නැහ්... :S

අති දැවැන්ත බූට් එකක් දීල තමා අන්තිම සම්බන්ධෙ නතර කළේ... අප්‍රමාණ ප්‍රීතියක් දැනෙන්නේ මට ඒක මතක් වෙනකොට නං...

බූට් එක කෙසේ වෙතත් අන්තිම එකේ පිහිටෙං මං Lois and Clark කතා ටිකයි... තව පොඩි පොඩි රිච්චපටි ටිකකුයි බාගත්තා... :D

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...