..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, July 30, 2010

෴ ආදායම් බලපත්‍රය ෴

ස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්

වේලාව ප.ව 3 පසුවී විනාඩි 20 ක් පමණ

ඉහින් කණින් දහඩිය බේරා ගෙන දඩි බිඩියේ කාර්යාලය තුලට එන මිනිසෙකි... කාර්යාලයට පිවිසෙන පිළිගැනීමේ කවුන්ටරය අසල නතර වෙන ඔහු

"මිස් මේ ආදායම් බලපත්‍රයක් ගන්න ඕනි මට"

"දැන් නම් වෙලාව ඉවරයි. උදේ 8.30ඉදල හවස 3.00 වෙනකම් විතරයි ආදායම් බල පත්‍ර නිකුත් කරන්නේ"

"එහෙම කියල කොහොමද මිස්. අපි ආවේ ගොඩක් දුර ඉදල."

"හරි හරි එහෙනම් කෙලින්ම ගිහින් දෙවෙනියට තියන කවුනටෙර්ට යන්න."

තරමක් කේන්ති ගිය මිනිසා කවුන්ටර් වල සඳහන් නම් කියවමින් ගොස් දෙවෙනි කවුන්ටරය අබියස නතර වෙයි.



"කවුන්ටරයේ සේවයේ නියුතු සේවිකාව  මුදල් ගනිමින් සිට රිසිට් එකක එය සදහන් කරයි. අසල ඇති පරිගනක මුද්‍රණ යන්ත්‍රයේ හඩ නංවමින් යමක් මුද්‍රණය වෙයි..."

" මිස් "

" ඔවු මොකක්ද දැන ගන්න ඕන"

"මිස් මේ අපි ආවේ ගොඩක් දුර ඉදල. "

"ඔවු ඉතින්."

"මට මේ ආදායම් බල පත්‍රය ගන්න ඕන මගේ වාහනේට... දැන් කාලෙත් ඉවරයි..."

"ආහ් කොහෙ ඉදලද ආවේ... හැබැයි දැන් නම් ආදායම් බලපත්‍ර නිකුත් කරන වෙලාව පහු වෙලා. සල්ලි ගනන් ලියල රිසිට් එකතු කඩල රිපෝට් එකත් අරන් ඉවරයි"

"එහෙම කියල පුලුවන්ද මේව මහජන ආයතන නේද. අපිට ඕන වෙලාවය වැඩක් කර ගන්න බැරි නම් වැඩක් නැහැ නේ මේවයින්...."

"ඒක හරි.. මේව මහජන ආයතන  තමයි...හවස 3 වෙනකම් ගනු දෙනු කරල ඉතිරි වෙලාව දීල තියෙන්නේ ඒ දෙවල් වල හරි වැරදි බලල පොත් පත් වල ඇතුල් කරල ඉදිරි කටයුතු කරන්න.."

" කමක් නැහැ කෝ දෙන්න බලන්න...."

"කෝ මේ වාහනේ දුම් සහතිකේ.."

"ඒ මොකක්ද එහෙම එකක් කලින් ගෙනාවේ නැහැ නේ...."

"මේකයි වසර තුනකට වැඩිය පරණ වාහන වලට දුම් පරීක්ෂණය කරල සමත් වුනා කියල සහතිකයක් ගේන්න  ඕනි... තව වාහනයේ පොතේ මුල් පිටපත ගේන්න ඕනි. ගිය අවුරුද්දේ ආදායම් බලපත්‍රයත් ගේනවනම් ගොඩක් හොදයි. ඒ වගේම වලංගු රක්ෂණ සහතිකය ඕන කරනව."

"ඉතින් මේ වාහනය ගත්තේ බෑන්ක් ලෝන් එකකට."

"එහෙනම් ඒ බැන්කුවෙන් ගේන්න ඕනි සහතික කරපු පොතේ පිටපතක්...."

"මේ ඔක්කම ටික කරගෙන වෙලාවට ආවොත් ඔයාලටත් ලේසි අපිටත් ලේසි.පරිගණකගත කරපු වැඩසටහනක් නිසා වැඩි වෙලාවක් ගත වෙන්නෙත් නැහැ නේ.තරහ ගන්න දෙයක් නැහැ."

"එතකොට දඩ මුදල්?"

"ආදායම් බල පත්‍රය අවලංගු වෙන දවසෙ ඉදන් දවස් 03ක් යනකම් දඩ අය කරන්නේ නැහැ.ඒත් දවස් තුන පහු වුනාම මුදලෙන් 10%ක දඩයක් ගන්නව.දැන් හිතන්න මේ මහත්තයගේ වාහනේ ත්‍රී විල් එකක් නේද... දඩ මුදල වෙන්නේ 275/=න් 10% ඒ කියන්නේ 27.50යි... ඔක්කම 302.50යි‍"
"මාස 06ක් පහු වුනොත් 20%ක් වෙනව. අවුරුද්දක් නම් 30%යි."

" එහෙනම් හෙට මේ ඔක්කම අඩුපාඩු සම්පූර්ණ කරන් 3ට කලින් එන්න බලන්න."

"තව මේ සම්බන්ධව ගැටළු තියනම් මගෙන් අහන්න කෝ... "

ආදායම් බල පත්‍ර කවුළුවේ ඉන්න
මම
෴ වත්෴

24 ප්‍රතිචාර:

Hasitha ජයසූරිය said...

දැනට නම් ඉතින් වැඩක් නෑ අක්කෙ...වාහනයක් ගත්ත දවසකටවත් බැරියැන්:D

Shadow/හේමලයා said...

රෝද වලින් යනදාක තමා වැදගත් වෙන්නේ විස්තර ටික...එතකං ඉතින් රේඩියො ලයිසම තමා ඕං.......

සහන් said...

අපිනං අහල තියෙන්නේ ඕකෙ අනිත් පැත්ත... හී හී

Uditha Umesh said...

ෂා මරුනේ.. මම ඇහුවමයි රජයේ ආයතනයක සේවකයෙක්, හුදී ජනයාට "සේවයක්" සපයනවා. හරි හමන් විදියට. :)

Chanaka Aruna Munasinghe said...

නරියාටත් කපටිකම් පුරුදු කළ
මම
෴ වත්෴

Sujeewa de Silva said...

බොහොම ස්තුතියි මේ විස්තර ඔක්කොම එක්රැස් කරල දුන්නට.

වැප් said...

අහන්නත් සතුටුයි මෙහෙම රාජ්‍ය සේවයක් ගැන


[ හැබැයි දැන් දැන් ටිකක් විතර හොඳයි වගේ කියලා හිතෙනවා ....]

wath said...

@ Hasitha ජයසූරිය
වාහන ගන්න කලින් කරන්න දේවල් නම් කොච්චර තියද මල්ලියෝ... මටත් තාම වාහනයක් නැහැ නෙව... කාර් වල මිල අඩු කරාට මොකද තාම බැරි වුනා වාහනයක් ගන්න....

wath said...

@ Shadow/හේමලයා
රේඩියෝ ලයිසන්... ඉස්සර රූපවාහිනි වලටත් ලයිසන් එකක් ගන්න ඕනි නේද.. දැනට අවුරුදු 25 කට විතර කලින් වගේ මයෙ හිතේ.

wath said...

@ සහන්
මම දන්නව.. ඔයා අහල ඇත්තේ .. කස්ටමර් ඉස් ‍නොදකින් වෙන්න ඇති...

දැන් ඉතින් කස්ටර්මර් ඉස් ද කින් ම තමයි.

wath said...

@ Uditha Umesh
එහෙම කියන්න එපා හැමෝම එක වගේ නැහැ නේ නේද..

wath said...

@ Chanaka Aruna Munasinghe
ෂට් අප් මකරෝ.. ෂට්අප්...

wath said...

@ Sujeewa de Silva
බොහොම ස්තූතියි අපේ ඉංග්‍රීසි සර්ට මේ පැත්තේ ආවට..
සර්ට නම් වාහනයක් තියෙනව වගේ...කාර් වලට නම් ගාන වැඩියි සර්...

wath said...

@ වැප්
තිබ්බට වැඩිය නම් ගොඩක් හොදයි දැන්...

Donald Gaminitillake said...

Government needs the funds
Why cant they issue the revenue license.

Since they are using computers why you need to produce old revenue license and copy of the registration.

The checking part can be done by the police authorities. That is their job.

Donald Gaminitillake

sampathjt said...

අප්පේ මෙහෙම කථා අහන්නත් සංතෝසයි..
ජයවේවා!!!

කොඩී said...

මේ රාජ්‍ය ආයතනයක වෙච්ච දෙයක් ද???
පුදුමයි-සතුටුයි...

පිස්සා පලාමල්ල said...

ඇත්තටම ඔය ඩුම් සහතිකේ කියන්නෙ මොකක්ද ?? සමා වෙන්න නොදැනුවත් කමට. වසර 3 කට පරන වාහන කියන්නේ 2007 ට පරන ඔක්කොටම අලුතින් ලයිසන් කරන්න ඒ සහතිකේ ඕනිද ??

රජයේ ආයතනයකින් ඔය වගේ කාරුනික සේවයක් ලැබීම කලාතුරකින් වෙන්නේ... ඔබ ගැන ආඩම්බරයි

Hero said...

apo ara mahatha kalu dosar eka oyada?

෴ හසියා ෴ said...

හෆ්ෆේ....ඕක ගන්න ගිහින් කාලා තියෙන කටු මතක් කලාට ගොඩාක් පිං............
මොනාවුනත් නිර්මාණත්මක ලිපියක්.‍‍‍‍....

NUWAN"s lane said...

ගොඩාක් විස්තර දෑනගත්තා ඔබෙන් .ස්තුතියි ඔබට

Unknown_User/හිඟන්නා said...

මේ ඇත්තටද , බොරුවටද ???/

Bunny ! said...

හැබැටම ඔහොම කරනවද ? මට එදා බොරුවට හරි අහන්න තිබ්බෙ :P

Samantha Senaratne said...

බොහොම ස්තූතියි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...