..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, July 29, 2010

෴ විඩාබර හසරැල්ල ෴


වෙහෙසකර දිනක අග
මතක පොත පිටු අතර
සරන සිත නතර වන
නුඹයි මගෙ සෙවන රුක

දකින නෙක නෙක මුහුණු
අතර නැති නුඹෙ මුහුණ
දකිමි නෙතු අග කොණක
දසදහස් වර දිනට
  
සිතට සුව ගෙන එන්න
 අමා මියු රස දෙන්න
නුඹෙ සිතට ලංවෙලා
සිසිල් වැසි වස්සන්න

අද මෙතන හෙට එතන
 ගෙවන දින නවතන්න
විඩාබර ජීවිතෙන්
මඳක් මට ඉඩ දෙන්න


විඩාබර හසරැල්ල නෙතු ඉමට ගෙන එන
මම
෴ වත් ෴

4 comments:

  1. විඩා බර නෙතු අගට
    සතුටු කඳුලැල් අරන්
    බලා පොරොත්තුව දිනෙක
    සපලවෙනු ඇත නුඹේ

    පහන් තරුවක් ලෙසට
    දැවටි ඉඳ හිරු ලඟින්
    ලබණූ රිසි උණුසුම් හදෙක
    තුරුළු වනු ඇත නුඹේ

    සිනා දී මුව අගට
    සුපුන් සඳ කැන් ලෙසින්
    සුවඳ දී නෙතු කොනෙක
    පිපෙනු ඇත සිත නුඹේ

    ReplyDelete
  2. ලස්සන පද පෙළක්.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...