..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, July 26, 2010

෴ ආදරණීය මිනී මල ෴


සොහොනේ කොනක මිය ගිය සිත් අසල පිපී
සුවඳත් හමන මූසල සුළඟට මුසුවී
බඹරුන් සමණළුන් පමණක් සුවඳ විදී
නුඹෙ මිදුලේ ඉඩක් දුන්නේ ඇයිද නිතී

සුවඳ හමන මිනිසුන් හිඟ මනුසත් උයන
සුවඳ කර පිපුන අරලිය මලයි නුඹ
හිඟ මිනිසුන් අතරට දී පරතරය
නුඹත් ඇවිත් මා නිජ බිම සැතපෙන්න

තම තම නැන පමණින් බ්ලොග් අඩවියේ හිමිකරු අපගේ නැණ පමණට කිසිසේත්ම හසුනොවනා අහඹුවක් යැයි සිතිය නොහැකි ලිපියක් ලියමින් අප අතරින් සදහටම මිලින වී ගොසිනි.

මෙය ඔහුට උපහාරයක්ම වේවා.

සොඳුරු මිනිසුන් හිඟ ලොවේ
ඇයිද නුඹ නික්මුණේ
මම
෴ වත්෴

13 comments:

  1. කුමුදු මහත්තය හම්බෙලා නෑ. ඒත් කතාකරල තියෙනව. අනේ මන්ද. හොඳ මිනිස්සුන්ට වැඩි ආයුශ නෑ.

    ReplyDelete
  2. ඇත්තටම ඒ අවසාන ලිපිය ලීවේ යමක් දැනිලාද මන්ඳ?...ඔහුට නිවන් සුව ලැබේ යැයු පතමි....

    ReplyDelete
  3. හ්ම්.....සිටිනා විට අගේ නොදැනුනත් නැතිවිට දැනේවි එතුමාගේ අගය....
    පතමි අමා මහ නිවන....

    ReplyDelete
  4. මම එතුමාගේ ශිෂ්‍යයෙක් වෙලා හිටියෙ මීට අවුරුඩු 15කට ඉස්සෙල්ල. ඇත්තම කියනවානම් මට පරිගණක තාක්ෂණය පිලිබඳ අයණු ආයණු ඉගැන්නුවේ එතුමා. අවුරුදු 15කට පස්සෙත් ඒ උගන්වපු පාඩම් ඒ විදිහටම මතකයි. අදත් මම මගේ එදිනෙදා වැඩවලදි එතුමා උගන්වපු ක්‍රම සහ විදි මම තවමත් පාවිච්චි කරනවා. එතුමා ඒ කාලෙත් අපට මනෝ විද්‍යාව පිලිබඳව හොඳ දැනුමක් ලබා දුන්න පරිගණක පන්ති අතර තුර.

    එතුමා පසු කාලීන ආරණ්‍ය වාසී ඉතා සිල්වත් භික්ෂූන් වහන්සේල හමුව නොයෙකුත් භාවනා ක්‍රම ඉගෙන ගත්තා. මම දන්න පරිදි එතුමා යම් තරමක් දුරට සිත දියුණු කල උත්තමයෙක්. මම එය සෝවාන්දැයි දන්නෙ නැහෑ. එතුමා කවදාවත් එහෙමයි කියා කියලත් නැහැ. මේ මස මුලදඊ එතුමා මුන ගැසුනු එක් සුන්දර රාත්‍රියක එතුමා පැවසුවා, "මම මේ බ්ලොග් වල දමන්නෙ කියවන අයට වටහා ගන්න පුළුවන් කියල හිතෙන දේ විතරයි. මම හැම දේම දාන්න ගියොත් මිනිස්සු පිලිගන්න එකක් නැහැ කියලා"

    ReplyDelete
  5. නොදිටිම් නුඹ වතෙහි හැඩ
    නොදනිම් නුඹ හඬෙහි රුව
    හැඳිනිම් නුඹ ලිවු වදන් වැල

    සසර දැක ඒ මෙසේ යැයි
    දිවිය දැක මේ එසේ යැයි
    පෙලින් පෙල ගැට ගැසූ සහෘදයාණනි………..,

    ඔබට නිවන් සුව.

    ReplyDelete
  6. මහා යුග පුරුෂයෙකුගේ නික්ම යාම ....... එතුමාට අමා ම්හා නිවන් සුව ලෑබෙයි වායි පතනවා !!!

    ReplyDelete
  7. අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

    අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

    කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

    ReplyDelete
  8. ආදරණීය ගුරු පියාණනි ඔබට නිවන් සුව පතනවා

    ReplyDelete
  9. මා ද පෙර ඔහු හදුනා ගෙන නැත නමුදු අද සියලු ලිපි කියවුවෙමි ඇත්තෙන්ම ඔහු වැනි අපුරු මිනිසෙකු හදුනා ගන්නට නොලැබිම ගැන මම හදවතින්ම දුක් වෙමි ඔහු ඇසුරු කල සියල්ලෝ පිනැත්තෝ වෙති

    ඔහුට නිවන් සුව පතමි

    ReplyDelete
  10. ‎"තම තම නැණ පමණින්" බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

    ReplyDelete
  11. දවසින් දවස හොඳ මිනිසුන් අප අතරින් වෙන්ව යනවා. අන්තිමට කවුරු මේ ලොකෙ ඉතුරු වෙයිද? ඔය යන ගානට හොඳ අය අළුතින් එනවාද? ප්‍රශන ගොඩක් තියනවා. උත්තර හොයන්න අමාරු. කොහොම වුනත් හොඳ බ්ලොග් සගයෙක්. දහස් ගනනකට ඇසු පෑදූ ගුරු පියෙක් අප අතරින් සමුගෙන අවසන්. ඔහුගේ අන්තිම පොස්ට් එක අනුව ඔහු තම මරණය අලින් සැනගෙන සිටියාදෝ කියලත් මට හිතෙනවා. දැන් ඉතින් සියල්ල අවසන්. එත් අපට ඔහු පෙන්වූ මාර්ගය තවමත් එලෙසම ඉතිරිව තියනවා.
    අපි ඔහුට අමා මහ නිවන් සුව පතමු.

    ReplyDelete
  12. වත් දන්නවා මාත් එතුමාගේ ලිපි නිතර කියවන කෙනෙක් කියලා..
    ඇත්තෙන්ම හිතන්න දේවල් හුගක් තිබුණා ඒ ලිපිවල.
    මම හිතනවා එතුමා බ්ලොග් වලට ආවා පරක්කු වැඩියි කියලා.
    එහෙම නොවුනනම් මෙයට වඩා එතුමාව ඇසුරු කරන්න අපට අවස්ථාව හම්බ වෙන්න තිබුණා.
    එතුමාට නිවන් සුව ලැඛෙවා..!

    ReplyDelete
  13. තම අත පමනි තමනට සෙවනට ඇත්තේ
    තම තම ණැන පමනින්ය එය දැනගත යුත්තේ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...