..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, July 25, 2010

෴ වෙනස ෴


ගෙවී ගිය කල පිදූ සෙනෙහස
 කොයිබකද සැඟවී
මගේ පැතුමන් සිතේ හැඟුමන්
නුඹ සිතට බරකී

සදා මා සිත තුරුල් කර ගෙන
පෑ සෙනෙහෙ සිහිවී
මුදා හරිනෙමි කඳුළ මුසු කර
නුඹ ඇයට පුද දී

නුඹට හිමි ලොව ඇයම පමණක්
සිටිනු ඇත ළංවී
අහිමි දේ නොව හිමිවු පෙම ගැන
සිතම් දුක් නොම වී

ඇය සොයා පියඹන්න අවසර
මම නතර වෙන්නම්
මඟ වැරදුනොත් සොයා එනු මැන
මම මෙතන ඉන්නම්

හිමි නැති දේ ගැන හිත හිත දුක් වෙනවද. අහිම් බව දැන ගෙන යන්න ඉඩ දෙනවද....

If you love something, Set it free… If it comes back, it’s yours, If it doesn’t, it never was yours….

නුඹව මිටින් මුදා හළ
මම
෴ වත් ෴

4 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

කවුරුන්ද නිවැරදි
නොමැත වැටහෙන්නේ..
නොපිලිගත්තත් සැරද
එකම සිතිවිල්ලක්
නැවත නැවතත්
සිතට වද දෙන්නේ....

wath said...

සැමදා සැමවිට
ආදර කෙරුමට
නොහැකිය මා හට
කාගේ වරදද
අහිමි දෙයම නැවතත් සිදු වන විට
තුරුලු කරන් හිද කුමන පලද සිත
තැලුන හදවතට දුකම උරුම වෙත
යන්න හරිනු හැර කුමක් කරන්නද

මාරයාගේ හෝරාව said...

මට නොහැකි වූ..
නුඹට හැකි වූ..
මහා පුදුමෙකි..

sanjeewa said...

වචනයක් වචනයක් ගානේ මගෙ හිතට දැනෙනවා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...