..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, July 22, 2010

෴ නුඹ තාම නැහැ ෴


හිරුත් බැස ගොසින් පැය දෙක ගෙවීයයි
සියොත් විහඟ ගී නිවෙනා වෙලාවයි
මගේ හදේ නුඹ ගැන කල්පනාවයි
නාවේ මොකද තාමත්, මා  සිත විඩාවයි

උදෑසනම නුඹ පිටවී යන විටදී
සිප සනසා නුඹ හට සමු දෙන විටදී
"රත්තරනේ පරිස්සමින්" කී විටදී
"විගහින් එන්නෙමි'' යි සවනට මීවිතකී

අතර මගදි කරදරයක් නොම වේවා
 වෙනත් ළඳක් වෙත හදවත නොඇරේවා
සිතත් ගතත් සතපන්නට නුඹ ගාවා
කියු ලෙසම නුඹ විඟහින් පැමිණේවා

"It's so hard livin' here on my own
So please, come home soon"


"කෝ මෙයා, තාම නැහැ නේ"
මඟ බලන් ඉන්නා 
මම
෴ වත් ෴

10 comments:

  1. මගබලාන.........ලස්සනයි පද වැල.......:)

    ReplyDelete
  2. අහ් බස් වල සෙනග ඇති‍‍....පාපුවරුවේ ඇවිත් අමාරුවේ වැටෙන්න බැරිනිසා සෙනග අඩුවෙනකම් ඉන්නවා ඇති.අනිත්එක අක්කි ආස මොනාද ගෙන්න කඩේකට යන්නත් ඕනි කිව්වා.බය නැතිව ඉන්න දැන් දැන්ම එයි.එතකං නරකද තේ බොන්න වතුර ටිකක් රත් කරලා කන්නත් පොඩි දෙයක් හැදුවනම්....

    හික්ස්...... :DDDDDDD

    ReplyDelete
  3. @ Shadow/හේමලයා
    ස්තූතියි හේමලයෝ.... මේ පැත්තේ හැමදාම ඇවිත් යනව නේද හෙවනැල්ල වගේ...

    @ ෴ හසියා ෴
    ආහ්...අයිස් ක්‍රීම් ගේන්නද දන්නෙ නැහැ ගියේ..
    වතුර දැන් කීපාරක් වුනු කරාද... ආවම තේ එකක් හදල දෙනව...
    කන්න හැදුව හැලප ... හොදා ද..
    මේ මේ හසී පැටිය ඔයත් ඒවිද දන්නෙ නැහැ එයත් එක්ක....
    ස්තූතියි හසී

    ReplyDelete
  4. ෂහ්...!!!
    මට අනාදිමත් කාලෙක සිද්ධියක් මතක් උනා මේක කියෙව්වම.
    පොඩි හිනාවකුත් මතු උනා නොදැනිම. මේ ටිකේ හිනා වෙනවා බොහොම අඩුයි නෙව.

    ලස්සනයි..!!

    ReplyDelete
  5. @ Ansh Lucky Sri Jay
    අප්‍රමාණ සංතෝශයි අපේ අන්ශ් නඟාගේ මුවගට සිනාවක් ආව කීවම...

    මොකද මේ දවස් වල නොරොක් වෙලාද කාත් එක්ක හරි...

    ආහ් නගෝ කෙලින්ම කොපි කරන්න බැරි වුනාට මේක වෙන විදිහට කොපි කරන්න පුලුවන්..

    නංගා හිනා වෙලා හිටින් කෙල්ලේ...

    ReplyDelete
  6. ම්ම්ම්....වෙන්න ඇති...හැබැයි එනකොට දියා වලො අයිස් ක්‍රීම් කන්න නෙවේ බොන්න වෙයිද දන්නෑ...
    ඔය පැත්තේ ආවනම් පාඩුවක් වෙන එකක් නෑ වගේ...ප්‍රථමයෙන් අයිස් ක්‍රීම්...දෙවනුව සසම සස හැලප...තෙවනුව උණු උණු තේ...නරක නෑ...
    තව වෙන මොනාද...???
    එහෙනම් අපිත් එන්නම්කෝ ඔය පැත්තේ....
    :D

    ReplyDelete
  7. අන්න ඇවිල්ලා........දොර අරින්ඩෝ.... :D

    ReplyDelete
  8. "මග බල බලා ඇතිය මගේ සුදා" කියා මුමුණමින් ලඟම එනවා ඇති. බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන එලිපත්ත මත සිට බලා ඉන්න. අඳුරත් සමග බලාපොරොත්තු පුරවමින් ඔහු එනවා ඈතින්.
    ඔබට පෙනෙනවාද?.

    ReplyDelete
  9. ලාස්සන පද වැල අක්කේ... හරි ලස්සනට චිත්ත රූප මැවෙනව,,, ආයෙ කතාවක් ලියන්නෙ කවද්ද ?

    ReplyDelete
  10. සිතත් ගතත් සතපන්නට නුඹ ගාවා
    ඇවිත් ඔන්න කුමරා දොරකඩ ගාවා
    මැණික්(සුළඟ)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...