..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, July 19, 2010

෴ සබඳ නුඹට ෴



නෙතට නෙත එඹි නුඹ තුල මා දකින
අතට අත රැදී වෙරළේ පිය මනින
සිතට සිත පුදා කල් ගිය ද අද
සබඳ කෙදිනදෝ හැබහින් නෙත ගැටෙන

නුඹට හිමි විසල් ලොව තුල මටද ඉඩ
සාදා දී සෙවන සෙනෙහස සමඟ සිත
උදා වන හිරු ලෙසින් නව දින රැගෙන මට
විගහින් වඩිනු සබ‍දේ මම තනිව ඇත

ගෙවී ගිය අදුරු දිවි මඟ එළිය කර
දල්වන්නම් පහන් සිළුවක් නුඹගෙ සිත
වියළි ගිය කතර අතර පිපි කුසුම ලෙස
සෙනෙහේ සිසිල් දිය ඉසිනෙමි සිතට මම 



කතරට වසන්තය ගෙන එන
මම
෴  වත් ෴

7 ප්‍රතිචාර:

Ansh Lucky Sri Jay said...

ලස්සන පද වැළක්.

wath said...

ස්තූතියි නංගා

Shadow/හේමලයා said...

නුඹෙ නෙතින්
මම
මගෙ රුව දකින්නට.......
නුඹේ ස්පර්ශයෙන්
මගෙ උණුහුම මනින්නට...
නුඹේ සිතින්
මම
මගෙ හිත මෙනෙහි කරන්නට.....
පෙරුම් පුරමි
නුඹ හැබැහින් දකින්නට.....

ඉලංදාරියා said...

කාලයෙන් ඉඩක් ගෙන..
හදවතේ ඉඩ පිරෙන්නට..
හෙට නැගෙන හිරු සමග
ඔහු එවි ඔබලගට...

හිතපුරා සිත් වියම්නේ
රු රටා පාටින් පෙනේ
හදවතේ ඒ සොදුරු තැන හිද
ඔබේ තුරුකට ඔහු එතේ

සිතින් සිත අද වෙලී ඇතිමුත්
සිතුම් පානා හදවතේ
දැගිලෙන් දැගිලි පැටලෙවා
සෙනෙහසේ සොදුරු මන්දිරේ

මාරයාගේ හෝරාව said...

සසල සිතින් නෙතු අග කඳුළැල් නංවා..
නිතොර සිත දවා හදවත ගිණි දල්වා..
කතර දුර ගෙවා ආ මග නොමැත නිමා..
වෙන්ව යනු ළඳේ සිහිනය අතැර දමා..

charmi said...

අදයි මේ පැත්තට ආවෙ. කවි කාරයො/කාරියො බෝමයි. මට නං කවි ලියවෙන්නෙ නෑ.(එච්චර සංවේදී නැතිව ඇති) කොහොමත් ඔයාලගේ ඒවා කියවනවා.

Hasitha ජයසූරිය said...

අනේ ඇයි අප්ප මට කවි ලියන්න බැරි :(

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...