..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, July 18, 2010

෴ උජාරුව ෴


ඉස්සර දවසක මම 
උජාරුවෙන් හිටිය 
නුඹේ හිසටත් ඉහලින්
සුළඟට වැනි වැනී
කවුද හිතුවෙ ඒ සුළඟම
දවසක මාව
නු‍ඹේ පය පාමුලට 
ඇද දමාවි කියල



මට සමා වෙන්න
උජාරුවෙන් හිටිය 
මම
෴  වත් ෴

10 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

නැතත් අහිතක්...
නෙතෙහි කඳුලක්
නොමැත නොකිලිටි
සතුටු හැඟුමක්....
තවම මිනිසත් බවෙහි
නටබුන්.....
මමත්වය හා මුසුව
කෙලෙසුන්...

``` Outsider``` said...

ඉහළ රැඳුණු හැමදේම වගේ පොළොවට පතිත වෙන මොහොතක් එනව.

dinesh said...

පරන වෙනකොට ඔහොම තමා.

ඉන්දික උපශාන්ත said...

ඕක තමයි කාට කාටත් පොදු දහම.

sampathjt said...

සොබාදහමෙන් කියන්නෙත් අපේ ගොඩක් අයගේ ජීවිතවලට වෙන දේ තමා...සමහරුන්ට කලක් යද්දී උන් හිටි තැන් අමතකවෙනවා...ඊට පස්සෙ අඩි ගාණක් උඩින් යන්නෙ.සමහරු ඉගිල්ලෙනවා..ඒ ගොඩක් අයට වෙන්නෙ ඔය සෙතේ තමා..ලස්සන නිර්මාණයක්..
ජයවේවා!!!

Ansh Lucky Sri Jay said...

ලස්සන අදහසක් වත් අක්කෙ.

දිල් said...

සංවේදී පදටිකක්

බිඟුවා...! said...

හොඳ වැඩේ..
සාදු බුද්දං

මාරයාගේ හෝරාව said...

අපොයි..එක තැන කඩා වැටෙනවනේ...

හැම දේටම සමාව ඉල්ලන කෙනා මොන වගේ කෙනෙක්ද?

වැප් said...

කාටත් පොදු සත්‍යක්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...