..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, July 17, 2010

෴ හදුනාගන්න ඇය ඇය ලෙසින් ෴




මගේ ෴ ගැහැණු සහ පිරිමි ෴ කියන ලිපියේ ඉතිරි ටික තමයි මේ.........................

ගැහැණු අපිට පිරිමි අය ගැහැණු අයගෙන් දකින්න කැමති දේ හිතාගන්න අමාරු වුනාට... පිරිමි අය නම් ගැහැණු අපි පිරිමි ගැන හිතන විදිහ හරියට තේරුම් අරන් කියල ඒ පොතේ තිබ්බ.....

ඒ පොතේ විදිහට නම්

ගැහැණුන් පිරිමි සහකරුවෙක් ගෙන් සොයන්නේ මේවායි

01) පෞර්ෂත්වය
02) විනෝදකාම් බව ( හාස්‍ය ප්‍රිය )
03) සංවේදී බව
04) බුද්ධිමත් බව
05) හොඳ ශරීරයක්


ගැහැණු අය බලාපොරොත්තු වනවායි පිරිමි අය සිතන දේවල්
01) පෞර්ෂත්වය
02) හොඳ ශරීරයක්
03) විනෝදකාම් බව ( හාස්‍ය ප්‍රිය )
04)  සංවේදී බව
05) කඩවසම් පෙනුම

අනේ මන්ද ඉතින්.... වසර ගානක් එකට ආශ්‍රය කරත් මේ ජීවිත කතරේ තේරුම් ගන්න බැරි හිත් නම් අනන්තයි අප්‍රමාණයි.....

අඩු ගණනේ ... ජීවිත කාලයක් එකට අත්වැල අල්ලන් යන්න ඉන්න තැනැත්තා හෝ තැනැත්තියවත් වත් හරියට තේරුම් ගන්න පුලුවන් නම් ඒක අපේ වාසනාව නේද......

වෙස් මුහුණු පැලදගෙන ජීවත් වෙනවට වඩා සමීපතම සහකරු/සහකාරියටවත් මුලු හිතින්ම විවෘත වෙනව නම් කොයි තරම් හොඳද.......

ගතින් නිරුවත් කරනවට වඩා කෙනෙක් සිතින් නිරුවත් කරන්න හරිම අමාරුයි නේද......

ගැහැණියකගේ නියම ලස්සන දකින්න පුලුවන් ගැහැණියක් සිතින් නිරුවත් වුනහම කියල මම අහල තියෙනව.... ඒ කියන්නේ ඇය සිතන පතන විදිහ ඇගේ හැගීම් වගේ දේවල් නියම විදිහටම දැන ගන්න පුලුවන් නම් ලු.... නැත්තම් හිත කියන්නේ රහස් ගුහාවල්.... 

“A closed mind is like a closed book; just a block of wood”


නුඹේ සිත් ගත් සතුටු විල මැද
සුපිපෙන්න නෙළුමක් ලෙසින්
මගේ හදවත දිනාගත් නුඹ
හැඳින ගනු මා නිසි ලෙසින්

හඳුනා ගන්න
මම
෴වත්෴

26 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

වෙස් මූණු පැලඳ ගෙන ඉන්නා තුරු ආදරයට ඉඩක් තියෙනවා ද?ඒකනම් ගොඩක්ම හිතිය යුතු ප්‍රශ්නයක්....මුලු ජීවිත කාලයක්ම ලඟින් උන්නත් තවත් කෙනෙකුව සම්පූර්ණයෙන්ම නම් තෙරුම් ගනවා බොරු....මොකද වෙලාවකට අපි අපිවමවත් හරියට තෙරුම් ගන්නවාද යන්න මට නම් සැකයි....කොහොමටත් අර කියමනක් තියනවානෙ "පිරිමියෙක් කල යුත්තේ ගැහණිය අඩුවෙන් තෙරුම් ගැනීම හා උප්‍රිමයෙන් ආදරය කිරීම කියලා.....ගැහැනිය කල යුත්තේ පිරිමියාව හොඳින් තෙරුම් ගෙන ඔහුට අඩුවෙන් ආදරය කිරීමයි"...මට හිතෙන්නේ මේක බොහෝ දුරට හරි කියලා කියලා...මොකද පිරිමි අපිට ගැහැණියකගේ හිත තෙරුම් ගැනීමට වුවමනා ඉවසීම බොහෝ විට අඩුයි කියල මට හිතෙන හින්ඳයි...................

wath said...

ඒ වුනාට හේමල‍යෝ.... තවත් කෙනෙක් තමන්ව තේරුම් ගත්තම දැනෙන හැඟීම වචන වලින් විස්තර කරන්න පුලුවන් ද?

මම දැක්ක බ්ලොග් එකක ලිපියක් තියෙනව බිලොග් එකේ නම අවාසනාවට මට මතකනැහැ...

වයසට ගිය සැමියෙක් කියනව . එයාට තේකක් බොන්න හිතුන ගමන්ම බිරිඳ තේකක් හදන් එනවලු. අනේ මන්ද ඇත්තද බොරුද කියල... ඒත් එහෙම අධ්‍යාත්මික බැඳීමක් ඇති කර ගන්න පුලුවන් දෙන්නෙක් හමුවෙන එක මොන තරම් වාසනාවක්ද...

මම ආදරේ කරන කෙනා මාව සම්පූර්ණයෙන්ම වගේ තේරුම් ගන්නවට මම නම් කැමති. ඒකට ඉතින් මම මගේ හිතේ ඇතිවෙන සිතුම් පැතුම් හරියට හෙලි කරන්න ඕනි.

Shadow/හේමලයා said...

ඇත්තටම ඒවගෙ බැඳීමක් ගැන නම් හිතා ගන්නවත් බෑ මට.....වාසනාවද අවාසනාවද මන්ඳ...ආත්මීය බැඳීමක් වෙන්න ඇති නේද.......:)

Ansh Lucky Sri Jay said...

නැත, නැත...
ඔය පොත යමක්, කොහේ හෝ වරදවා ඇත.

මේ පෝස්ට් එකට නම් ඔන්න මම සපුරා විරුද්ධත්වය ප්‍රකාශ කොරනවා.
:D :D

කෝක නමුත් ඇලඩින්ගේ පුදුම පහන හම්බ වෙච්ච දවසට තමයි ඔය කියන කාරණා පහම තියෙන සහකරුවෙක් හොයා ගන්න වෙන්නෙ.
:D

wath said...

අනේ නගෝ මම කීවේ ඒ ගුණාංග 05ම තියෙන අය සොයනව කියන එක නෙමෙයි..

අනේ ... මේ පෝස්ට් එක තේරෙන්නේ නැහැ නැහැ වගේද ..

දුමී said...

ANSH නංගියේ, ඒක අනිත් පැත්තටත් වලංගුයි නෙව,

වත් නගෝ, හොඳම දේ තමා ඔය පොත්වල තියෙන ලිස්ට් බලන්නෙ නැතුව තමන්ගෙ සහකරුවා හෝ සහකාරියගේ ගති පැවතුම් තේරුම් අරගෙන ඒවාට ආදරය කරන්න පටන් ගන්න එක තමයි. කොහොමත් ඔය කඩවසම් බව, පෞරුෂය, හොඳ ශරීරය වගේ දේවල් හරිම සාපේක්ෂයි නේද ?

අපි හිතමු ලංකාවෙ පිරිමි ගෑනුන්ගේ ලස්සන බලන්න මිනුම් දණ්ඩක් විදිහට ආශ්රය්යා රායිව වගේ මිණුම් දණ්ඩක් තෝර ගත්තොත් මොකද වෙන්නෙ ?

මාරයාගේ හෝරාව said...

01-ලස්සන( හිත විතරක් නෙවෙයි..ඇයි යකඩෝ බැඳපු දවසේ ඉඳලා මැරෙනකල්ම හැමදාම උදෙන්ම දකින්න නියමිත කෙනා ලස්සන නැත්නම්..? ජීවිතේම ..කොට උඩනේ..)

02- බුද්ධිමත්බව (තිබුනට කමක් නැහැ නිතරම පෙන්නන්නේ නැත්නම්..)

03- අනෙකාගේ හැගීම්වලට ගරු කිරීම( නැත්තං ඉතින් හැමදාම වලි පිට වලිනේ..)

04- ලද දෙයින් සතුටු වීමට හැකිවීම( මට නං වැදගත්ම දෙයක් තමයි..නැත්තං ඉර හඳ තරු ගෙනල්ලා දෙන්න ගිහිල්ලා අසරණ අපි නැහෙනවා.)

05- හොඳ ලිංගික සහකරුවකු වීම( විස්තර ඔන නැහැනේ)

ඔන්න මම මට අවංකවම හිතෙන දේවල් කිවුවා. කවුරුවත් තරහ නොවෙයි කියලා හිතනවා.

wath said...

පුච්චනවා පුච්චනාවාමයි...
ඔන්න දුමී අයියේ අද නම් පොත කැලේට... කොච්චර වුනත් කියවපු පොත පුච්චන්න බැහැනේ...කැලේට විසි කරන්නත් බැහැ... ඔන්න නොපෙනන විදිහට පොත් ‍ගොඩේ යටින්ම තිබ්බ.....

wath said...

අප්පොච්චියේ මෙන්න ‍මාරයා ඇත්තම කියනව...

නරකද පන්සල පැත්තෙ ගියොත් ආයෙත් පාරක්...

අනුරාධ said...

මමත් මාරයියගෙ කතාවට 100%ක් එකඟයි. ඔය කියපු ටික තිබ්බහම මදෑ.

මාරයාගේ හෝරාව said...

සුදුසු දේ නැති සඳ..
පන්සල හොඳයි සැම කල..

sampathjt said...

අපි බොහෝ විට අනෙකාව අඳුරගන්නේ ආදරය කරන්න ගත්තායින් පසුව තමා.ගොඩක් වෙලාවට වෙන්නේ බැඳගත්ත බෙරේ ගහන්න තමා..නැත්නම් දෙන්නගෙන් එකෙක් හරි, දෙන්නනම හරි හිත් රිදවාගෙන වෙන්වෙන්නඅනෙක සමහරුන්ගේ හිත් ඇතුලේ තියෙන ගතිගුණ එහෙම ලෙහෙසියෙන් අඳුරගන්න බැහැ..අනේ මන්දා මේ ආදරේ කියන් එක මහ පිස්සුවක්..වෙච්ච දෙයකට තවම මම දුක්විඳිනවා..අනෙක තමන්ට තමන් තේරුම් ගන්න බැරි ලෝකෙ කොහොමද අනෙකාව තේරුම්ගන්නේ..මිනිස්සුන්ගේ හිත් ඇතුලෙ අඳුරු ගතිගුණ පිරිලා..ඒවා ගොඩාක් යටපත්වෙලා තියෙන්නේ.අවස්ථාවක් ලැඹුණ ගමන් එලියට එනවා..තමා වෙන්නේ..අපි බලාපොරොත්තුවෙන දේවල් අපිට නොලැබෙනවානම්..මුලදී ඔය හැමදෙයක්ම බලලා ආදරයකරන්න පුළුවන්නම් ලොකුදෙයක්..
ජයවේවා!!!

වැම්පයර් said...

මාරයියා සමග එකඟයි.. ආයෙ දෙකක් නෑ... :).. ම්ම්.. අක්ක ලියල තියන දේවල් ගොඩක් සාපේක්ශයි. හරි කෙනා ආපු ගමන් නිකන් ඔලුව ඇතුලෙ බල්බ් එකක් පත්තු වෙලා වගේ ඒක තේරෙනව .. එච්චරයි..

මිත්‍රයා said...

gf කෙනෙක් හොයාගත්තු දවසක ඇත්තද කියලා අහලා බලන්නම් කෝ.. එතකන් print2pdf කරලා page එක save කර ගත්තට කමක්නැද්ද?

priyantha.ඒබී said...

මට හිතෙන්නේ කාලයක් ඉන්නකොට දෙන්නෙක් දෙන්නේකුට අවංකව ඉන්නකොට සිතින් ඔවුන් අතර බැඳීමක් ඇතිවෙනවා කියා. මොකද මටත් ඔයවගේ අත්දැකීම් තියනවා. අපේ ගෙදර අම්මාට තේ බොන්න හිතිල මට තේ බොමුද අහනකොට අප්පච්චිත් තේ එකක් බොමුද කියල අහනවා. සමහර විට මම සිතින් සිංදුවක් මුමුණමින් යනවිට මගේ සොයුරිය ඒකම ගයමින් යනවා ඇහෙනවා. ඔය ‍වගේ පැහැදිලි හේතුවක් දක්වන්න බැරි සිද්ධින් මට සමීපතමයන් සමඟ ඉන්න විට දැනිල තියෙන වාර ගණන අති විශාලයි. බොහෝවිට ගෙදර අය. විවාහක යුවලක් අතරත් මම හිතන විධියට එහෙම සිත්වලින් බැඳීමක් ඇතිවෙනවා ඇති. හැබැයි දෙන්නාට දෙන්නා ඒකිනෙකාට අවංකව ආදරය කරනවනම්.
ඒ වගේම බොහෝඅය තම සහකරු හෝ සහකාරියගෙන් අවංක හැසිරීමක් බලාපොරොත්තු වන නමුත් තමා ඔහුට හෝ ඇයට අවංකද කියල තමන්ම බැලුවොත් හොඳයි.
ලිපියේ දක්වා ඇති ආකාරයට ගැහැනු අය විතරක් නොවේ මම හිතන ආකාරයට පිරිමිත් තම ආදරවන්තිය හමුවේ සිතින් නිරුවත් වෙනවානම් බොහො භෞතික දේ නැතත් දෙදෙනාට ජීවිත කාලයම එකට ඉන්න ඇතිවන බැඳීම ප්‍රභල වනු ඇත. ලිපියෙන් පමණක් නොවේ comments වලිනුත් වැදගත් කරුණු රැසක් ඉගෙන ගන්න ලැබුනා. ඔබටත් comments දැමූ අයටත් තුති.

Uditha Umesh said...

+1 to මාරයා

wath said...

@ priyantha.ඒබී
ස්තූතියි. මට කියන්න වුවමනා වුනෙත් ඔන්න ඔය දේ තමයි...

You're frozen
When your heart's not open

කියල ඉංග්‍රීසි ගීතයකත් තියෙනව මම අහල තියෙනව...

wath said...

@ අනුරාධ
@ Uditha Umesh
@ වැම්පයර්
සහ මාරයාට.............

01-ලස්සන( හිත විතරක් නෙවෙයි..ඇයි යකඩෝ බැඳපු දවසේ ඉඳලා මැරෙනකල්ම හැමදාම උදෙන්ම දකින්න නියමිත කෙනා ලස්සන නැත්නම්..? ජීවිතේම ..කොට උඩනේ..)

ලස්සන හැමදාම තියෙන්නේ නැහැ නේද? ළමයි ළපටි හමුවුනාම ගැණී ලස්සන නැහැ කියල උදේම දකින කොට ලස්සන නැහැ කියල දාලා යනවද?
යක්ෂණීයක් වගේ හිතක් තියෙන ලස්සන ගැහැණියක් හැමදාම උදේට දකින්න ලැබුනොත්

02- බුද්ධිමත්බව (තිබුනට කමක් නැහැ නිතරම පෙන්නන්නේ නැත්නම්..)

ගැහුණු බුද්ධීමත් වෙනවට කැමති නැහැ වගේ...

wath said...

@ මිත්‍රයා

කමක් නැහැ මිත්‍රය....

wath said...

@ sampathjt

හැමදේම හොයන්න බැහැ. ඒක ඇත්ත තමයි දරුවෝ...

අහල ඇති නේද කියමනක්.

ආදරේ කරන්න නම් තියෙන්න ඕන හොඳම සුදුදුකම තමයි ලු ආදරේ දාලා ගියහම දරා ගන්න තියෙන හැකියාව....

ඇටමැස්සා said...

මං හිතන හැටියටනම් ආදරය කියන එක පටන් ගන්නෙම ආකර්ශණයෙන්. ඒ නිසා මාරයගෙ පලවෙනි කොන්දේසිය අනිවාර්යය සහ නිත්‍ය කොන්දේසියක් වෙනවා. (මෙතනදි ලස්සන සාපේක්ෂයි කියන එක සහ විරුද්ධ ලිංගික ආර්ශණයෙදි ලස්සන කියන්නෙ සමනල් ලස්සනකට විතරක් නෙවෙයි කියලත් මතක තියාගන්න වෙනව).

ඉතින් ඔහොම ආකර්ශණය වුණාට පස්සෙ තමන්ට එයාව නැතිවෙයි කියන බය ඈතිවෙනව. ඒ නිසා එයා වැඩියෙන්ම ආස විදිහට ඉන්න එයා කැමති දේවල් වලට කැමති වෙන්න පටන් ගන්නව. කොටින්ම අප එයා වෙනුවෙන් වෙනම වේශ නිරූපණයක් දාගෙන රඟපාන්න ගන්නව. ( මේ රඟපෑම තමන් අකමැතිම සිංදුවක් උදේ හවා අහන්න වීමෙ ඉඳන් ගෑණු ලමයෙකුට නම් තමන්ගෙ ජීවිතේම අඳුරු කරගැනීමක් දක්වා වෙන්න පුළුවන්). මෙන්න මේ කාලෙදි තමයි අපට හිතෙන්නෙ එයා නම් මටමයි මවල තියෙන්නෙ වගේ අදහස්. ඈයි අප්පා 99.999% ක්ම මැච්නේ.
මුල් කාලෙදි මේ රඟපෑම කරන්න ලේසියි. මොකද දෙන්න මුණගැහෙන ගැටෙන වෙලාව අඩුයි ඉතින් දීර්ඝ රංගනයක් ඕනෙ නැහැ. රඟපාන්න තියෙන්නෙ කඩින් කඩ.
හැබැයි බැන්දට පස්සෙ හරි බැඳපු තරම් ලඟින් ආශුය කරන්න ගත්තට පස්සෙ හරි මේ දෙක මාරු වෙනව. වැඩිකාලයක් රඟපාන්න වෙනව තමන් විදිහට ජීවත් වෙන්න වෙන්නෙ ටික වෙලාවයි.
සමහරු මේක දරාගෙන ඈතුලෙන් විඳවගෙන ඉන්නව. ඒත් බහුතරයකට මේක මානසික වදයක් වෙලා තමන්ගෙ නියම ස්වරූපෙ නොදැනුවත්ම එලියට දානව.
ඔන්න අර බේස් ක්‍රීම් වල​ට යටින් කුරුලෑ මූණ පෙනෙන්න ගන්නව. එතකොට හිතෙනව මට වැරදුනාවත්ද කියල. සොරි තමයි, එතකොට පෙරහැර ගිහින් ඉවරයි.

මේක නැතිකරගන්නෙ කොහොමද?
මටනම් හිතෙන්නෙ මුල ඉඳන්ම තමන්ව තමන් විදිහට තේරුම් ගන්න ඉඩ ඈරල එයාගෙ ප්‍රතිචාරෙ බලාගන්න පුළුවන් නම් ඒක දීර්ඝකාලීන සාර්ථක සම්බන්ධතාවයකට හේතුවක් වෙයි කියල.
හැබැයි මෙහෙම කරන්න ගිහින් තනිකඩව නාකි උනොත් මට නම් බනින්න එපා.

wath said...

@ ඇටමැස්සා;
මෙච්චර කතා කරලත් යථාර්තය නිමය විදිහට පෙන්වන්න පුලුවන් වුනේ ඇට මැස්සට තමයි.

මාත් එකඟය.

බැන්දට පස්සේ නියම ස්වරූප දකින්න පුලුවන් ( ඇයි ඉතින් නිතරම ලඟ රැදෙන නිසා )ඒ නිසා තමයි කියන්නේ .....මෙන්න මෙහෙම..

පෙම් ලොව දී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුනේ

යෝඩිත විවාහයක එක හොදක් තමයි ඒ... මොකද යෝජිත විවාහයකදි බැදගත්ත බෙරේ ගහන්න වෙනව...

හොදම ක්‍රමය තමයි තමන් කවුද කියල නියම විදිහට තේරුම් ගන්න එයාට ඉඩ අරින එක. ඉතින් කැමති නම් ඉදීවි නැත්තම් දාලා යාවි. යන්නේ ඉතින් නොගැලපෙන නිසා නේ. ඒ නිසා දුක් වෙන්න දෙයක් නැහැ. විදව විදව ඉන්නද ඕන සමු අරන් යන්නද ඕන කියන එක තමන්ට බාරයි..

ඇට මැස්සෝ ගොඩක් ස්තූතියි ෴

තිස්ස දොඩන්ගොඩ said...

ඕං ඉතින් අමණාප වෙන්නේ නැත්නම් කියන්නම් ඔහොම කෙනෙක් මා දන්නවා.. මිනිහගේ නම... P. H. S. B. බන්ඩියා...
ටිකක් පරණ තාලේ නමක් තියන කෙනෙක්...

දරුවණේ ඔය ලොකුවට කප කපා කොට කොටා හිතන්න එපා... දැන් මෙතන බැඳපු උන්දැලා කී දෙනෙක් ද මේ ගැහැණු පිරිම් ගැණ ඉවකරන්නේ... මුලින් කරන්න තියන වැඩේ ඉස්සෙල්ලා කරගෙන ඉඳිමු... මැච් එක ගහනකොටම කමෙන්ට්‍රිය අහමු... නැත්නම් ඉතින් වැඩි හරියක් බයිලා තමයි... .

෴ හසියා ෴ said...

මගේ ලිස්ට් එකනම් මෙහෙමයි.........

1.) මට අවන්කව ගොඩාක් ආදරේ කිරීම.
2.) මාව හොදට තේරුම්ගැනීම.
3.) ලස්සන. (හැබැයි ලස්සන නම් අනිවාර්ය නෑ. පිට ලස්සනට වඩා හදවතේ ලස්සනයි මටනම් වැදගත්ම.)
4.) අහින්සකකම, කරුණාවන්තකම හා ඉවසීම.
5.) බුද්ධිමත්වීම. (නැතත් මගේ අදහස් වලට ගරුකිරිම.මා වැරදිනම් නිවැරදි කිරිමට සම්පූර්ණ නිදහස ඇත.)
6.) අර මාරයා අන්තිමට කීව එක.(ලැජ්ජයි වගේ)

තියෙන එකම එක අවුල මෙහෙම කෙනෙක් හොයාගන්න එක.

වත් අක්කි කීව වගේ දෙන්නෙක් මමත් දන්නවා.ඒ දෙන්නට දෙන්න අතර තියෙන්නෙත් පුදුමකර බැදිමක්.කෙනෙක් හිතන දේ ඒවෙලාවෙම අනිත් කෙනා කියනවා.ඒවගේමයි කරනවා.හරිම පුදුමයි.ඒ වගේ කෙනෙක් ලබන්න පින් කරන්න ඔනී ඇත්තටම.

බිඟුවා...! said...

වලිය ඇදිලා ගිහිල්ලා
මරු මරු

මාරයාගේ හෝරාව said...

ඇට මැස්සාගේ කියුම් ටිකත් මරු තමයි.

මගේ ස්ථාවරය තමයි මම කිවුවෙ.
01) ලස්සන කියන එක නැති වෙනවා තමයි. නමුත් ඒ දේ වෙන්නේ එක පාරට නෙවෙයි.. අපිවත් වයසට අරන් යන ගමන්මනේ...
එතකොට කාලෙන් කාලෙට වෙන වෙනස්කම් දරා ගන්න පහසුයි.
එහෙම නැතිව තමන්ගේ හිතට අල්ලලා යන්නේ නැතිව, හිතට බොරු කර කර ජීවත් වෙන්න පුළුවන්ද..?

ලස්සන හැම ගැහැණියක්ම යකින්නක් කියලා කවුද කිවුවෙ..?

02) බුද්ධිමත් වීම අවශ්‍යයි..නමුත් ඒ බුද්ධිය ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්කරගෙන එමගින්ම බුද්ධියකින් තොර ස්වභාවය පෙන්වීම තමයි අකමැති ලක්ෂණය.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...