..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, July 16, 2010

෴ ගැහැණු සහ පිරිමි ෴


ලස්සනත් එක්කම එකට ගැටගැහුන වචනයක් තමයි ගැහැණිය.... ඔවු සැබැවින්ම දෙවියන් ලෝකය මැවුවා නම් දෙවියන් මවපු ලස්සනම දේ තමයි ගැහැණිය.... හැම ගැහැණියක්ම මොන විදිහකට හරි ලස්සනයි ලු... ඒත් ගැහැණියට තමා කොච්චර ලස්සන වුනත් මදි. ඒකනේ කොස්මටික් වලට මෙච්චර ඉල්ලුම තියෙන්නේ......

ඒත් දැන් දැන් ලස්සන වෙන්න පිරිමි අයත් හරිම උනන්දුවක් දක්වනව කියල මට හිතෙනව... පිරිමින්ට අපි ලස්සනයි කියන වචනය බාවිත කරනව හරිම අඩුයි.ඒක පිරිමින්ට කරන මදි කමක් වගේ.... හැන්ඩ්සම් ... එහෙමත් නැත්තම් කඩවසම් හාදයා කියල තමයි පිරිමින්ට කියන්නේ....

අපි ලස්සන දකින විදිහ රස විදින විදිහ අපේ වයසත් එක්කත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් එක්කත් වෙනස් වෙනව කියල මට හිතෙනව....

අපි පාසල් යන අවධියේ දැකපු ලස්සනට හාත්පසින්ම වෙනස් විදිහට ලස්සන දකින්න අපිට පුලුවන් වෙන්නේ අපි මැදිවියට ලන් වුනාම...

ගැහැණියක් විදිහට හිතුවොත් ගැහැණිය හිතන්නේ පිරිමින් තමා දෙස බලන්නේ තමන්ගෙන් සොයන්නේ ලස්සන සහ ආදරය කියායි....

ඒත් පොතේ හැටියට නම් වැඩේ මෙහෙම ලු.....
 ( මේ කරුණු නම් මම කියපුවා නෙමෙයි... පොතකින් උපුටා ගත්ත දෙයක් )

පිරිමි ගැහැණුන්ගෙන් බලාපොරොත්තු                         පිරිමි බලාපොරොත්තු වෙනවා යැයි ගැහැණිය
වන්නේ                                                                       සිතන්නේ
1පෞර්ෂය                                                                     1හොඳ පෙනුම
2හොඳ පෙනුම                                                              2හොඳ ශරීරය
3බුද්ධිය                                                                        3පියයුරු
4විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය)                                        4 තට්ටම්
5හොඳ ශරීරය                                                               5පෞර්ෂය  


 ඔන්න බලන්න ඉතින්....අපි හිතන්නේ කොඓාමද එයාල හිතන්නේ කොහොමද.... මේ පේන විදිහට නම් පිරිමියෙක් තම දිගුකාලීන සහකාරිය තේරීමේදී වැදගත් කොට සලකනු ලබන කරුණු ගැන ගැහැනුන්ට ඇත්තේ ඉතාම සුළු අවබෝධයක්....

ගැහැණු අය ඉහත පරිදි හිතන්න පුරුදුවෙලා තියෙන්නේත් පිරිමි අය ගේ හැසිරීම සහ කතා කරන දෙය ඇසීමෙන් වෙන්න පුලුවන්.

මටනම් හිතෙන්නෙ

ජීවිතේම මැජික් එකක් කියල......

මැජික්කරුවටත් හරියටම ගැලපෙන විශ්වාසවන්ත සහකාරියක් නොලැබුනොත් මැජික් රහස් ටික ඉක්මනින්ම පිට යනව... මැජික් බලන්න කට්ටිය එන්නෙ නැති වෙනව.... ඉතින් මැජික් එකක් වගේ ජීවිතේ ලස්සන පුදුමාකාර දේවල් එක්ක ඉදිරියට යන්න නම් අපි දෙගොල්ලන්ගේ නොගැලපීමේ තියෙන ලස්සන දකින්න අපි පුරුදු වෙන්න ඕනි නේද...................

ඉතින් මට නම් පිරිමි නුඹත් හරිම ලස්සනයි.....................

ජීවි‍තය නම් මැජික්කරුවා සොයන
මම
෴වත්෴

 හෙට මම කියන්නම් ගැහැණු බලනවා යැයි පිරිමින් සිතන දේවල් සහ සැබැවින්ම ගැහැණිය පිරිම්න්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියල... (ඒකේ නම් වැඩි වෙනසක් නැහැ හැබැයි )

10 comments:

  1. අනේ මන්ඳා.....ඕක හරි කියමුකො...... ගෑණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද......:)

    ReplyDelete
  2. ඔව් ඔව් කියුවා නම් බලන්න ගෑණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා දැනගන්නත් එක්ක .....

    ReplyDelete
  3. අපි ගැහැණුන්ගෙන් බලපොරොත්තු වෙන ද්වල් නම් හරි වගේ....හ්ම්....කියමුකො බලන්න අපෙන් මොනද බලපොරොත්තු වෙන්නේ කියලා.....
    එහෙම හරි කෙනෙක් හොයගන්න....... ;-)

    ReplyDelete
  4. ඊලඟ කොටහා ඔනා ......

    ReplyDelete
  5. හුම්...... බලමු ඉතුරු ටිකත් ...අපෙන් බලපොරොතු වන දේවල් මොනවද කියල....හේ.

    ReplyDelete
  6. හ්ම්ම්... බලමුකෝ ඊළඟ කොටස

    ReplyDelete
  7. හ්ම්ම්ම්... අනේ මන්දා..
    ඊගාව කොටසත් දාන්නකෝ බලන්න.
    :)

    ReplyDelete
  8. අද කිව්ව ටික නං තිතට හරි. ඉතුරු ටිකත් දාමුකො බලන්න
    කුට්ටි වසංගතේ...ආයෙත් ඇවිත්

    ReplyDelete
  9. වත් නගෝ, සමහර වෙලාවට ඔය පොත් වලින් ගත්ත දේවල් 100% හරි නොවෙන්න පුලුවං. උදාහරණයකට මම ගෑනියෙක්ගෙන් බලාපොරොත්තු වෙච්ච ගුනාංග ඔය ලිස්ට් එකේ නෑ. අණිවාර්යයෙන්ම පෙනුම නම් වැදගත් සහ ඒත් එක්කම මම බලාපොරුත්තු වෙන්නෙ ගෑණියෙක්ගෙ තියෙන්න ඕනෙ කරුණාව.

    මම ලංකාවට ආපු වෙලාවෙ මගේ ගුරුතුමෙක් වෙන "කුමුදු පින්තු" (http://kumudupinto@wordpress.com) සර් එක්ක කතා කර කර ඉන්න වෙලාවෙ ගෑනියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දෙයක් ගැන කිව්වා. ඒ තමයි, ගැහැණිය හැම තිස්සෙම වැලක් වගේ. එයාට එතෙන්න ශක්තිමත් ගහක් තමයි ඒ වැල හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගෙම ජීවිත කාලෙටම ආරක්ෂාව සහ රැකවරණය අර ගහ යට තියෙනවනම් වැලකට ඊට වඩා දෙයක් අවශ්‍ය වෙන්නෙ නැහැ.

    ඔයත් ගැහැනියක්නෙ, හිතට තට්ටු කරල බලන්න.

    ReplyDelete
  10. හැබෑටම ඕක ඔහොමද?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...