..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, July 14, 2010

෴ ඇය ෴





සෙමින් කැරකෙන සිවිලිං පංකාව දෙස තමා කෙතරම් වේලාවක් යොමා ගත් දෑසින් ඇතිව සිටියාදැයි ඔහුට නිච්චි නැත.ඔහුට දවස පහන් වු අවස්ථාවේ සිට දවස ගෙවී නිමවෙන තෙක්ම ඔහුගේ දෑසට අසුවන එකම රූපය එය පමණි.
වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ හඩ විටින් විට සවනත වැකුණද  ඔවුන් දෙස බැලීමට තරම් වුවමනාවක් ඔහු සිත නැත...
කොළ පැහැති මේ පුංචි කාමරයේ තමා සිරවී දැනට මාසයකට ආසන්න කාලයක් ගතවි ඇතැයි ඔහු අනුමාන කරයි...මෙහි පැමිණි මුල් දින වලදී නම් යහළු යෙහෙලියන් හිත මිතුරන් නැදැයන් සහෝදර සහෝදරියන් තමන්ගේ ඇඳ වටා රොක්වී සිටියා ඔහුට මතකය.
"සලාඃ" යන හඩින් යමක් බිදී ගියෙන් තිගැස්සුණු ඔහු එදෙස සෙමින් නෙත් යොමු කළේ වැඩි කළබලයකින් තොරවය....
"මම දැන් කි දවසක් ඇහුවද ..මේ පරවුන මල් අයින් කරන්නම් කියල.." මොන එහෙකටද මිස්ටර් මේ පර මල්... ඔන්න මම දන්නෙ නැහැ වාස් එකම බිම "
හෙදිය ඇගෙන් වූ වරද මගේ ගිණුමට බැර කළාය...
කමක් නැහැ මිසී.. මල් පොකුර තියෙන්න අරින්න. වාස් එක අයින් කරන්න..
මල් පර වුවත් එය දකිනා විට ඔහු සිත හමන මතක සුවඳ ඇයට කෙසේ නම් හැගෙයි ද?

පර මල් පොකුරේ සුවඳත් සමඟ ඔහුගේ මතකය සති කිහිපයක් එපිටට දිව ගියේය.

තමා රෝහල් ගත කර සති දෙකක් පමණ ගෙවෙන විට නොසිතු මොහොතක නොසිතූ පරිදි ඇගේ පැමිණිම සිදු වූයේ ඔහුගේ අට අනුවක් නව අනුවක් රෝග සුවපත් කරමිනි.

ඇය දුටු මොහොතේ නිහඩියාව රජ කළේ නිමේෂයකි...කතා නොකළොත් ඇය නැවතත් නොපෙනී යාදෝයි සිතූ ඔහු දහසක් වචන අතරින් ගැලපෙන වචන කිහිපයක් සොයා ගත්තේ ඉතා පරිස්සමිනි.

" සදළි, ඔයා කොහොමද දන්නේ මම ...."

"මම හදිසි වුවමනාවකට දෝණිගේ ස්කෝලෙට ගියා .එහේදී මට අනුර මුණ ගැහුණ...එයා තමයි මට කීවේ "

"ඉතින් දැන් ඔයාට කොහොමද?... සනිපද?"

සවනත වැකුණත් අපමණ සුවයක් පෙරදා ගෙන ආ ඒ වචන කිහිපය... ඔහුට අහිමි වූයේ ඇගේම වරදිනි.

"හොඳයි..."

ඔහුගේ කෙටි උත්තරයෙන් ඇය සියල්ල තේරුම්ගත් බවත් ඔහු‍ට හැඟුනේ,ඇගේන් පිටවු දීර්ඝ සුසුමත් සමඟිනි.

එදින සිට සැමදිනකම උදැසනම හෝ දහවල් කෑම පැයේදි ඇගේ පැමිණිම සිදු වූයේ ‍දෝතපුරා ගෙනෙන මල් පොකුරක් ද සමඟිනි. 

සිනාවත් රැ‍ගෙනම තමාගේ පුංචි කාමරයට සුවඳ රැගෙන එන ඇය මල් පොකුර වාස් එක තුල රදවා ඔහුගේ සියළු කිලිටි රෙදි එක්කර ගනී. විටෙක ඒවා සෝදන ඇය කල් වේලා මදි වූ දිනක නිවෙසට ගෙන ගොස් සෝදා මැද ගෙන එයි...

දවසක් හැර දවසක් පමණ ඔහුව හෝදින් සෝදා පිරිසිදු කරන්නේ පුංචි දරුවකු නහවා පිරිසිදු කරන තරම් පරිස්සමින් හා සෙනෙහසිනි...

ඉන් පසු ඇය දවටා ගෙන එන බත් ගෙඩියෙ අනා බත්කට කට ඔහුට කවන්නට ගන්නීය... ඔහුගේ මැදැහත් වීමක් , අතිප්‍රබල ඉල්ලීමක් බැහැර කරන්නට බැරිවූ අවස්ථාවල දී පමණක් ඇයද එයින් කටක් දෙකක් කන්නීය...

හෙදියන් සිතන පරිදි ඇය ඔහුගේ ආදරණිය බිරිඳයි....හෙදියන් කියන පරිදි ඔහු මෙලොව සිටින වාසනාවන්තම ස්වාමියායි.........

එහෙත් සැබැවින්ම ඇය ඔහුගේ කවුදැයි මෙය කිවන  නුඹවත් ,මෙය ලියන මමවත්අඩු තරමේ ඇයවත් දන්නේ නැත... සැබැවින්ම ඇය ඔහුගේ කවුදැයි පවසනු හැක්කේ මෙය කියවන නුඹටමය. නමුත් දැන් වේලාසන වැඩිය... අවසානය ළගා වු විට ඇය ඔහුගේ කවුදැයි නුඹම මට කියන්න..

ඇය ගැන ලියන 
මම
෴වත්෴

9 ප්‍රතිචාර:

Hasitha ජයසූරිය said...

සමහරවිට මේ දෙන්න ඩිවෝස් වෙච්ච දෙන්නෙක් ද.....ඇක්ශිඩන්ට් එකෙන් පස්සෙ ආයිත් හම්බුනු ?

වැම්පයර් said...

ම්ම්ම්.. හිතාගන්න අමාරුයි..

Shadow/හේමලයා said...

හ්ම්ම්..........???

priyantha.ඒබී said...

කොහොමවත් හිතන්න අමාරුයි. බලමු ඊලඟ කොටස් වලින් වත්

හසී said...

අනේ මන්දා... කලින් යාළු වෙලා හිටපු දෙන්නෙක්ද?

ජංජාල චාමර said...

"සවනත වැකුණත් අපමණ සුවයක් පෙරදා ගෙන ආ ඒ වචන කිහිපය... ඔහුට අහිමි වූයේ ඇගේම වරදිනි."

එයා හස්බන්ඩ්ව දාල තව කෙනෙක් එක්ක ගිහිල්ලා... :(( සමහරවිට ඒ දෙවෙනි හස්බන්ඩ් පස්සේ සදලිව දාලා ගිහිල්ලා...

-පුදුම ලස්සනයි!!!-

෴ හසියා ෴ said...

හ්ම්....ජංජාල චාමර කිව්වා වගේ මටත් හිතෙන්නේ පළමු හස්බන්ගෙන් ඇත්වෙලා වෙන කෙනෙක් වෙත ගිහින් ඒ දෙවන හස්බන්ඩ් සදලිගෙන් ඇත් වෙලා වගේ කියල.
හරි බලමුකෝ ඇත්ත මොකක්ද කියලා....

කොඩී said...

පරණ ක්‍රශ් එකක් වගේ...

Ansh Lucky Sri Jay said...

හ්හ්ම්ම්ම්ම්ම්ම්.... ???????????????????

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...