..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, July 13, 2010

෴ රහස෴


නුඹට මා දිවි ඔසුවක්
මා සිතට  නුඹ පහසක්
සිතේ නැතිවම කහටක්
අතට අත දෙන දවසක්
එනතුරා එය ලොවට රහසක්

රහස පණසේ රකින
මම
෴  වත් ෴

7 comments:

  1. සඳ තරු ගොන්නත්.....
    ඊරිසියාකාර අහසත්......
    වසාගෙන උන්නත්
    හැමදාමත්.....
    ඉරට මුවාවෙන්
    පිබිදුනු පලියටම....
    මල් කැකුලක්.....
    කෙසේනම් වේවිද
    ලෝකයාටම රහසක්........

    ReplyDelete
  2. තරු අග තියෙන පිනි පොකුරු ගැන බලපොරොත්තු තියාගන්න එපා බොසා....

    ReplyDelete
  3. හිදිමි ඔබ ලග සිතට රහසින්
    ගෙනෙමි හද සුව ලොවට රහසින්
    සුවද ගෙනදී හදට රහසින්
    පරව යමි මම ඔබට රහසින්

    මෙක මට මතක් වුණා... මෙ කවිය කියවද්දි, මට මෙක මතක හිටියෙ ඇයි කියලා මම වත් දන්නෙ නැහැ, කොහොමද සැප සනීප අක්කගෙ...

    ReplyDelete
  4. ආදරය කියන එක තමයි මගෙ ඩික්ශනරියෙ තියෙන අමාරුම එපාම කරපුම වචනෙ :ඪ්

    අක්කි කවියනම් මැක්සා

    ReplyDelete
  5. පිරිටන් එක්ස්පෙක්ටරන් ගැලුමක් බිව්වත් ඕක හංගං ඉන්න බෑ වතෝ..

    ReplyDelete
  6. නුඹේ හද තත් කම්පනය කර
    ලොවට ඇසෙන සේ හඬා ගැයු ඒ
    ජීවිතය මුසු කර ලියූ කවියද
    රහසක් යැයි කියන්නේ නුඹ

    ReplyDelete
  7. රහස රකින තාක් එය රහසකි.
    එහෙත් සදාකාලික රහස් නැත.
    කවියක සුන්දරත්වය නම් සැමදා එකසේ පවතී.
    ඉදින් ඔබේ කවි අප සැමදා රස විඳිමු.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...