..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, July 11, 2010

෴ ආදරය වාක්‍ය හතකින් ෴

෴  Dedicate to My Sweet Heart ෴
මා සිත නුඹ සිත හමුවන දවසක 
ආදර උල්පත උතුරණවා
ඒ නිල් සිහිලැල් ජලයෙන් දෝවන
ආදර හදවත පූදිනවා

නුඹ සිත කලබන රිදවන  කඳුළැල් 
මගේ ලෙසින් මම පිසලනවා
නුඹ සිත් ගත් නුඹෙ ලස්සන සිහිනය 
ලඟදිම දවසක ඉදිවෙනවා

ආත්ම ගනණක සිරවුන පෙම් සිත
නුඹ අභියස මම පුද දෙනවා
තනියෙන් පියනැගු මහ ගිරි මාවත
නුඹට දිරිය වී මා එනවා

දෙහදක දළුළන ආදර නාමය
පුංචි සඳක් වී උපදිනවා
ඒ පින් පුර සඳ මතු යම් දිනයක
අපගේ අහසේ දිදුලනවා


  • Love is when two people touch each others soul.
  • Love is honestly and trust.
  • Love is helping one another.
  • Love is mutual respect.
  • Love means that difference can be worth out.
  • Love is reaching your dreams together.
  • Love is connection two hearts.  


නුඹට ආදරේ කරන 
මම
෴ වත් ෴

11 comments:

  1. මගේ ජීවිතයේ තහනම් වචනය.................

    ReplyDelete
  2. @ සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය
    එහෙම වෙන්න බැහැ....ජීවත්වන කාටත් ආදරය කරන්න, ආදරය ලබන්න, ආදරය විදින්න... සමාන අයිතියක් තියනව...

    ReplyDelete
  3. මට නම් ආදරය කියන්නේ කොන්දේසි විරහිත නිර්වචන රහිත සිතුවිල්ලක්.....ඔය කියන අනිකුත් සියලුම දේවල් ඇතුලත් වන්නේ බැඳීමකටයි.....:D

    ReplyDelete
  4. මොකෙන් කිව්වාත් ලැබෙන කොට සතුටුයි, නොලැබෙන කොට දුකයි ....

    ReplyDelete
  5. ආදරයනම් සුන්දරයි ලැබෙනකොට......
    නොලැබී යන කොට විශ්මිතයි
    හිතාගන්න බැරිතරමට

    ReplyDelete
  6. ලැබිච්චි ආදරේ ලැබෙන ආදරේට වඩා සුන්දරයි. නැතිවෙච්චි ආදරේට ඇතිවෙච්චි ආදරේට වඩා ආදරෙයි! කොහොම කරත් ආදරේ කෙළවර දුකම තමයි.

    ReplyDelete
  7. @ Shadow/හේමලයා
    ආදරයත් බැදීමක් තමයි දරුවෝ... බැදීම් නැති ආදරයක් කොහෙදතියෙන්නේ...

    ReplyDelete
  8. @ වැප්
    ඒක ඉතින් ස්වභාදහම නේ වැප්....

    @ ඉලංදාරියා
    ආදරේ නැත්තම් ලෝකෙ මොන වගේ වෙයිද...


    @ ඉන්දික උපශාන්ත
    ආදරේ දුකක් තමයි... කාලය දුක තුනී කරාවි...

    ReplyDelete
  9. හරි හරි අපි අක්කිට ආදරෙයි..... ;-)

    ආදරය කියන්නේ අක්කි කියපු විදිහේ දෙයක් කියල තමයි හිතන් හිටියේ මාත් ඉස්සර....ඒත් ආදරේ කියන්නේ දුකක් කියලයි දැන්නම් මටනම් හිතෙන්නේ

    ReplyDelete
  10. yAp....... :)

    හැම කෙනෙක්ම ආදරේදි බලාපොරොත්තු වෙන දේ ඒත් කීදෙනෙක්ට ඔය දේ ඇත්තට විදින්න ලැබෙනවද මංද..........

    ReplyDelete
  11. කාලය දුක තුනීකරන්නෙ නෑ වත්, කාලය වේදනාව අඩු කරනව විතරයි. ඒකත් අරට වැඩිය වෙදනාව දුක ඇතිකරල මිස සතුට දුක වෙනුවට ආදේශ කරල නෙමෙයි.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...