..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, July 9, 2010

෴ වැහි බින්දු ෴



ජීවිතයම සිහිනෙන් ඇවිදිනව වැනී 
ආදර කරපු අය බොරුවක් කීව වැනී
නුඹ මට දුන්න කඳුළත් වැහි බින්දු වැනි
මුහුදට නොයන ගඟුලක් සේ වීය නිතී


නොසිතූ පරිදි නුඹ මට හමුවුනාම
හමු වූ දිනයේ  ආලය ඇති වුනාම
සිතා නොබල සෙනෙහස පුද කළාම
දුකක් ඇයිද  මේ ලෙස සිත පුරාම


මගෙම නොවුන නුඹහට ආදරේ කළේ
නොදැනැයි සමාවෙනු මාගෙනි වරද වුනේ
මෙතරම් කලක් සිත පුරවා පැව සෙනේ
නිමාවක් ආරම්භය මගේ ලෝවේ


I like walking in rain because then no one can see my tears !

 වැහි බින්දු වලට කඳුළු බින්දු යා කරන 

මම

෴වත්෴

10 comments:

  1. මොකද අනේ මේ වෙලා තියෙන්නේ? මම කලිනුත් කිව්වා කාලෙන් කාලෙට කියන එව්වා කියවලා මොකුත් හිතා ගන්න බැරිවයි ඉන්නේ

    ReplyDelete
  2. ආදරේ බොරුවක් නම්
    ජීවිතේ විහිලුවක්.......
    පරාජය කැටයමක් නම්.....
    ආශාව අතකොලුවක්........
    සතුට දොරටුවක් නම්.....
    වේදනාව එහි යතුරයි.....
    සසර චෝදනාවක් නම්.......
    අපි හැමෝම විත්තියයි......

    ReplyDelete
  3. වෙනදා ලියන ස්ටයිල් එක නෙමෙයි නෙව..
    මොකෝ එක පාරටම?

    ReplyDelete
  4. ඇති දේ ඇති ලෙසම දකිනට ලොව තිඛෙන..
    නැති දේ හිතේ පුරවා ඉඳලා මොටද..
    සැමදා කියන්නට බැහැ නැවතත් නැවත..
    තේරුම් ගනී නම් මෙය ඇත්තකි සත්ත..

    ReplyDelete
  5. ආලය ගියත් නුබ හැරදා ඉවතකට
    ජිවිත ගමනේ රිසිනැ වැටෙන්නට
    නැගිටිමු අපි වැටෙනා හැමවිට
    විදවනු නොහැක ජිවිතය විදිනවා හැර

    සොදුරු සිතුවිලි නුබේ හිත පිරේවා
    පතන පැතුම් නොවරදි මල්පල ගැන් වෙවා
    අදුර දුරු ලන්න හෙට හිරු නැග ඒවා
    අදුරු වාලාතුල රිදී ඉරක් පැදෙවා

    ReplyDelete
  6. අක්කියා ලියන්නෙම හදවතටම වදින ඒවමයි....ඒ මදිවට මට ගැලපෙන ඒවා.....අක්කි ලියල තියෙන පෝස්ට් වලින් 80% ක් විතර ලියල තියෙන්නේ මගේ ජීවිතේ අල්ලා.....
    කොහෙමවුනත් අද එකත් මැක්සාම තමා....
    (කවි සිතුවිළි පහල නොවන බැවින් නිකන්ම ලියල දැම්ම... ;'( )

    ReplyDelete
  7. විරහව කියන්නෙ ආදරේ කාසියේ අනිත් පැත්ත . . . විරහව නැතිව ආදරයට පැවැත්මක් නැහැ වත් නගෝ . . . ! විරහව නැතිනම් ආදරය මෙතරම් සුන්දර වෙන්නෙත් නැහැ . . . . . උඹේ විරහව කවි වලින් දියකර දාපන් නගෝ . . . . !

    ReplyDelete
  8. @ RanDil
    අයි අයියෝ.... මම ලියන කවි කියවල මාව තේරුම් ගන්න හදන්න එපා යාළු...

    මම වෙනයි
    කවි වෙනයි

    හිතුව ලීව....


    @ Shadow/හේමලයා
    කවිය නම් නියමයි... ඇත්ත තමයි හේමලයා කියල තියෙන්නේ...

    @ Ansh Lucky Sri Jay
    ම් ම් ම්... එහෙමද... දුකින් ඉන්න කොට ලියවුන නිසා වෙන්න ඇති...

    @ මාරයාගේ හෝරාව
    හහ් හහ් හා... මම ඒ කවියම ඔයාට කීවොත් මොකද .... හේ හේ

    @ ඉලංදාරියා
    ස්තූතියි මගේ මලේ....

    @ දුමී
    හ්ම්... හැබෑව හැබෑව... කවිය කඳුළු තුල ද්‍රාව්‍යයි.....අද්‍රාව්‍ය වුනා නම්....

    ReplyDelete
  9. ආහ්......... එහෙනම් කමක් නැහැ. ඔන්න එහෙනම් ඔයා වෙනයි කවි වෙනයි කියලා ඔයාගේ කවි මින් පස්සේ කියවන්නේ හොඳේ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...