..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, July 8, 2010

෴ නොදුටු හිරු ෴



මුණ ගැහෙනා කිසිවෙකු නැත අඳුරන්නේ
හඳුනන ඔබත් දුර ඈතක නෙව ඉන්නේ
නාදුනා කෙනෙකුට සිත පුද දෙන්නේ
නුඹයි මමයි කිසිදින  නෑ ගැලපෙන්නේ

හිත ඝන වෙලා නැත කිසි දින උණු වන්නේ
ආදරයක් නැහැ ලොව තුල පවතින්නේ
කාලය ගෙවී මා මේ මඟ තනි වන්නේ
ඉටු නොවනා දෙයට ඇයි මා ලත වන්නේ

දුක් බර ජීවිතයකට සිනහව පුබුදන්න
සිසිල් හැඟුම් උණුසුම් කර සනසන්න
ඉන්නා දිහාකින් විඟහින් ඔබ එන්න
නැතොත් දිවිය හැකීලී හළු වෙයි ඔන්න

Just living is not enough... One must have sunshine, freedom, and a little flower.”

හිරු එළිය වඩින තෙක් බලා සිටින
මම
෴වත්෴

9 comments:

  1. අක්කි අනිව ඉක්මනටම හිරු එළිය එයි....

    ReplyDelete
  2. හිරු එලිය සහරාවට එපා වෙනකොට අයිස්ලන්තෙට ඕනි වෙනව...

    ReplyDelete
  3. අන්න මග එනවලු හිරු එළිය අක්කියෝ....කෝච්චියේ එන්නේ....ඒකයි පරක්කු...දන්නවනේ ඉතිං ලංකාවේ කෝච්චි ගැන....... ;)

    ReplyDelete
  4. Original ඉර එළියම හොය හොයා හිටියොත් හරියයිද?.....Recondition කොරාපු හඳ එළිය ටිකක් වත් හොයා ගතොත් නරකද?.......

    ReplyDelete
  5. එහෙත් මෙහෙත් නෑ.... මුහුණ පෙනෙන්නේ... පාලුව යාලු වුණේ...
    පැතූ වදන් නෑ... ලබැඳි සිනා නෑ... කාලය ඉබි ගමනේ ...

    ReplyDelete
  6. ඔයාමනේ නිතරම කියන්නේ ලූෂන් බුලත්සිංහල කිව්ව කියලා සෑබෑ පෙම්වතුන් කිසිදිනෙක එක් නොවේ කියලා . . . . ඉතිං . . .. .. !!!!

    ReplyDelete
  7. වියපත් හිරුට සමු ගෙන යන්නට දෙන්න..
    පැහැපත් සඳ මඩල අහසට කැඳවන්න..
    තව එක් දිනක අවසානය දැක ගන්න..
    දැන්වත් ඉතින් ඔඛෙ සිත අරගෙන යන්න..

    පැද්දී පෙම් තොටිලි නලවා මල් කැකුළු..
    ප්‍රේමෙ සිහින් මදනල ගලනා අයුරූ..
    දිවියක එකම අරුතද කියලා කියනූ..
    නාඩා තවත් ඔය සිත සනසා හිඳිනූ..

    කිසිදා කිසිම විට නොම එන සුව කැන්දා..
    ප්‍රේමෙ නමින් මා අපමණ දුක් වින්ඳා..
    සනසා සිතක් සරසාලනු බැරි හින්ඳා..
    සැමදා තනිව විසුමට මා සිත් බැන්ඳා..

    ReplyDelete
  8. හිරු එළිය හෙට දින යලි වඩිනු ඇත. ඒ බලාපොරොත්තුවෙන් හෙට දින කරා යන්න. අපේ ජීවිත ඉදිරියට ගෙන යන්නේ බලා ‍පොරොත්තුම නේද?

    ReplyDelete
  9. නෙලාගන්න බෑරිවූ කුසුමක් වන්ට
    පූරුවෙ කරපු පින් පල මදීවා වෙන්ට
    මතුජාතියෙත් හිරු සදු ලෙස දෑක ගන්ට
    පතා ගනිමු එක නුවරක උපදීන්ට...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...