..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, July 6, 2010

෴ නුඹ නැතිව මෙතරම් - දුක ඇතිව හිනහෙම් ෴


දඟපාන කෙහෙරැල්ල
හසපාන නෙතු කැල්ම
අහිංසක මඳ බැල්ම
නොපෙනේද ඇගෙ ඇල්ම

උණුසුමට දැවටෙන්න
උරහිසට බර වෙන්න
කඳුළකට සමුදෙන්න
ඇය එන්නෙ ඔබ ළඟට

හිතට හිත ළං වෙච්චි
දුකම ළඟ ගුලි වෙච්චි
නුඹෙ පුංචි පොඩි පැංචි
පෑහෙන්නෙ නැති වෙචිචි

හමු වෙන්න කල් ගත්ත
ලං වෙන්න සිත් ගත්ත
පැසුණු නුඹ බොළඳ ඇය
එක් වෙන්න බැරි වෙච්ච

නුඹට අහස තරම් ආදරේ කරල
මුහුද තරම් කඳුළු සලන 
මම
෴වත්෴

11 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

අනේ මන්දා කවදානම් ඉවර වෙවිද කියලා..?

ජීවිතේමල් said...

i like this poem so much. very short and sweet....

෴ හසියා ෴ said...

හ්ම්.........
:'( :'( :'(

Shadow/හේමලයා said...

හැඟුම්බර පද පෙළක්........:(

ඉලංදාරියා said...

හුම් මොන්වා කියාගන්නද් කියාලා හිතගන්න බැරුව ඉන්නේ අක්කේ....

පදටිකනම් මරම ලස්සනක්........

කතන්දරකාරයා said...

no comment

සෝරෝ said...

ගොඩක් ලස්සනයි අක්කියො..
ලස්සන කියන්න වචන නැ..

RanDil said...

අනේ මන්දා සොයුරිය. වෙලාවෙන් වෙලාවට ලියන එව්වා බලාගෙන කිසිදෙයක් හිතා ගන්න බැරිවයි ඉන්නේ. කොහොම වුනත් ලස්සන පදවැල සොයුරිය

දිlee said...

Plz dont cry sister,
I'm with u !

Ansh Lucky Sri Jay said...

මේකනම් මාරම ලස්සනයි.

කතන්දරකාරයා said...

ඔබ නැතිනම් මා සනසාලන්නට
සැතපුම් සියයක් එපිට දෙසේ සිට
හසුන් පතක් එවලා
සීතල වැඩිවී
රුධිරය ගල් වී
මා මිය ගොස් දිගු කලක් ගතවෙලා

ඔබ මට දිරියකි
ඔබ මට සවියකි
ඈත එපිට සිට ගෙන එන්නේ
කුරිරු ලෝකයේ රුදුරු බවින් මා
මුදවා ගෙන සනසා ලන්නේ

හුයකට ඈඳුනු පබළු පෙලක් සේ
අකුරු පිරුණු සෙනහසේ හසුන් පත
මවෙත ලැබෙන වේලේ
මේ මුළු ලෝකෙම අමතක කරලා
සිනා නැගිය හැකිවේ

ලොව සොඳුරුම දේ ආදරයයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...