..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, July 5, 2010

෴ කාර්ය්‍ය බහුල පිරිමි ෴


පිරිමි කීවම ඒ හා සම්බන්ධ වෙලා තියෙන  මම අකමැතිම වචනය තමයි "කාර්ය්‍ය බහුල" හෙවත් "busy" කියන එක........

හරි හරි .... මා ළඟ දැවටි දැවටි හැමවෙලේම ඉන්න බැහැ තමයි. මම ඒක පිළිගන්නව.

ඉතින් ඔයාල කාර්ය බහුන වෙන්න ඕන තමයි. ඒකනේ ඔයාලට පිරිමි කියල කියන්නේ. පිරිමි කමේ ලක්ෂණයක් තමයි කාර්ය බහුල වීම.ඒත් මේ තරම් ... හුස්මක් ගන්නවත් කෑමක් බීමක් ගන්නවත් විවේකයක් නැති තරම්.

ඔහොම වැඩ කරල අසනීප වුනාම කාටද පාඩු... හරි හරි වෙන කාටද ඉතින් මටම තමයි...........

තරුණ කාලේ නම් ආදර සම්බන්ධතා කැඩී යන්න ,සෑහෙන වගකියන්න ඕන මේ කාර්ය බහුලත්වය.සමහර විවාහ පවා දෙදෙරා යන්න  මෙය ප්‍රධාන හේතුවක්.

ඒත් තමන්ගේ කාර්ය්‍ය බහුලත්වය මැනවින් අවබෝධ කර ගත්ත ගැහැණියක් ඉන්න පිරිමි හරිම වාසනාවන්තයි. එහෙම ගැහැණු අයට පිරිමි හරිම ආදරෙයි... ඒත් ඒ ගැහැණු අය හරිම අවාසනාවන්තයි...... 

 රැට කන්න උයන් මඟ බලන්න ඉන්නව බඩටත් නොකා. ළමයි ළපටි ලේස්ති කරන් ගමනක් යන්න බලන් ඉන්නව කෝ කියපු වෙලාවට නැහැ......ඉතින් එයාල පවු නැද්ද..................

හරි හරි ............ අපි තේරුම් ගන්නම් ... ආදරේ නැතිව නෙමෙයි එහෙම නෑවිත් ඉන්නේ කියල....

මම කොහේදෝ දැක්ක මෙහෙම....... 

"Just because I'm busy .... doesn't mean i don't love you "


 මේ නම් ඇත්තම වෙන්න ඇති. ඒකනේ කාර්ය බහුලත්වයෙන් මිදුනම 

‍කෝල් එකක් දෙන්න හරි මතක් වෙන්නේ.


අනික මම ලීව පෝස්ට් එකකට රවා මලයා කොමෙන්ටු කරල තිබ්බ 

මෙන්න මෙහෙම.... පිරිමින්ට කරන ලොකුම උදවුවලු එයාලට එයාලගේ

පාඩුවේ ඉන්න දෙන එක....


හරි හරි එහෙනම් තමන්ගේ පාඩුවේම ඉන්න කෝ......  රෑ නිදි මරන් බලා

ඉඳල ඉඳල ඕං අපි ගියා එහෙනම්............


එනකම් බලන් ඉඳල දුකින් නිදන්න යන 

මම

෴වත්෴

9 comments:

  1. අනේ අනේ ඔය රවා කියන ඒවා තමා:P

    ReplyDelete
  2. හපොයි දෙයියනේ අපේ වත් අක්කාටමනේ මේවා වෙන්නේ අප්පා...

    ReplyDelete
  3. ඔය කාර්ය බහුලයි එහෙම නැත්නම් මම මාර බිසී කියන්නේ වැඩිපුරම වැඩ අනාගන්න මිනිස්සු. ඉඳ හිට අපි කවුරුත් බිසී වෙනව තමා. ඒත් හැමදාම එහෙම වෙනවද? අපේ හිතෙන්ම අහන්න වෙනවා ඇත්තටම බිසීද කියල. අද ඉන්ටඒවිව් එකක් කියල කතන්දරගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක දැක්කා. ඒකට සාර්ථකව මුහුණ දෙන්ට සුභ පැතුම් මේ සමග!!!.

    ReplyDelete
  4. කාර්ය බහුල වීම පිරිමි කමේ ලක්ෂණයක් වෙන්නෙ කොහොමද? කොටින්ම කියනවනම් වත් අක්කෙ 'ඔයා පිරිමි කම කියන්නෙ මොනවටද?'

    ReplyDelete
  5. පිරිම පරාන ආසයි නිදහසේ ඉන්න කිසිම වැඩක් නොකර .....
    එහෙම හොටොයොත් කොහොමද...?..ඉතින් ...
    ගැහැනු පරාන ටිවි එකේ යන ක්කොම ඉල්ලනවනේ එවා අරගෙන දෙන්නත් එපැයි...
    ඉතින් ඔය අතට අහුවෙන ඔටි බටා ඔක්කොම කරන්න වෙනව.... ගැහැනු පරානයට තියෙන්නේ උපෙක්ශාවෙන් විදගන්න තමා...ඉතින්....

    මම හිතන්නේ රවා හරි...

    ReplyDelete
  6. මහ රෑ තිස්සේ බලාන හිටියේ කා එනකල්ද..?
    මහසෝණාවත්දැ..?

    ReplyDelete
  7. ඒ.. කොහොමද මේ පෝස්ට් එක මට මිස් උනේ..
    වත් අක්කා කතාව ඇත්ත. පුදුම බිසියක් තමා දැන්නම් එයාලට තියෙන්නේ.. කියන්නේ නම් තේරුම ගන්න කියලා.. ඔය තේරුම් ගැනීම තමා මට අද වෙන කල් කරන්න බැරුව ඉන්නේ.. එක අතකට තේරුම් නොයන එකම හොඳා.

    ReplyDelete
  8. ඇත්තටම ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි මේ හැමදාම busy කියල. මම නම් දන්නෙ වැඩ කරන්න කරන්න තමයි වැඩ වැඩි වෙන්නෙ. ඒක තමයි දියුනු වෙද්දි වෙන්නේ. එහෙම වුනම ආදරෙ වගේ දෙවල් වලට හිතේ තියෙන ඉඩ අඩු වෙනවා. ඒත් ආදරේ වැඩිපුරම ඔනේ ඒ කාලෙට තමයි. හොදම දේ ලැබෙන පුන්චි කාලෙදිත් රන්ඩු කරන් නැතිව උපරිම සතුටින් ගත කරන එක. :)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...