..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, July 3, 2010

෴ මලක කතාව ෴


 එදා 

ඔයා මොනව ද මා ගැන හිතන්නේ

ඒ කීවේ......

අපි ගැන... අපි දෙන්න ගැන.....

ඔයා ....... සොරි ... මම හොයන්නේ රෝස මලක්....

ඒ කියන්නේ මම ?

ඔවු ,ඔයා වත්තේ පිටි පස්ස වැට අයිනේ පිපුන වතු සුද්ද මලක්. මම හොයන්නේ රෝස මලක්...

එහෙමද...  වතු සුද්ද මලත් දවසක ඕන වෙනව.

ඔවු .... ඕන වෙනව බුදුන් පුදන්න. ඔයා හරියන්නේ පුජාසනේකට විතරයි. මම හොයන්නේ ගෙදරක් ලස්සන කරන වාස් එකක දාලා හැඩ බලන්න පුලුවන් රෝස මලකට.


අද 
කොහොමද ජීවිතේ....

ඔහෙ ඉන්නව....

ඔයාගේ රෝස මල එහෙම කොහොමද ? 

(නිහඬයි ..... ) 

මට සමා වෙන්න. මම හැමදාම උත්සාහ කරා ඔයාට හරියන ඔයා සොයන රෝස මල වෙන්න. ඒත් අන්තිමට මම තේරුම් ගත්ත වත්ත  කොනේ පිපුන වතු සුද්ද මලකට කවදාවත් රෝස මලක් වෙන්න බැහැ කියල.......

ඔයාගේ ජීවිතේ කොහොම ද?

ජීවිතේ මල්......

ප/ලි 
ඔහු ගේ රෝස මල වෙනත් නිවසක විසිත්ත කාමරය අලංකාර කරන බව පසුව ආරංචි විය...

 රෝස මලක් වෙන්න පෙරුම් පිරුව වතු සුද්ද මල 
මම
෴වත්෴

13 ප්‍රතිචාර:

චමිදේවා said...

කා ගැනදෝ කවුරු ගැනදෝ අනේ මන්දා....

Shadow/හේමලයා said...

අනේ මන්දා....රෝස මලක් හරියන්නෙත් නෑ...වතුසුද්ද මලක් හරියන්නෙත් නෑ.......:D

wath said...

කා ගැනවත් කවුරු ගැනවත් නෙමෙයි. අඩුම ගානේ මා ගැනවත් නෙමෙයි. නිර්මාණ කියන්නේ එහෙමයි. අත්දැකීම් එකතු වෙනව තමයි ( නැහැමයි කියන්න බැහැ). ඒත් ලියන හැමදේම 100/100 ක්ම තමන්ගෙ වත් අනුන්ගෙ වත් දේවල් නෙමෙයි.

හැමදේටම හැම කෙනාම ටික ටික හරි සම්බන්ධයි. හැමදේකම තමන්ගේ සුළු හෝ කොටසක් අඩංගු වෙනව....

මේ කා ගැනද කියල හිතන්න වෙහෙසෙන්නෙ නැතිව. නිර්මාණය ගැන හරි වැරුද්ද පෙන්වා දෙනව නම් අගේ කොට සලකම්.

කොඩී said...

වතු සුද්ද මලට කවදාවත් රෝස මලක් වෙන්න ඕන නෑ, හැබැයි රෝස මලට කවදාවත් වතුසුද්ද මලක් වෙන්නත් බෑ...

වැම්පයර් said...

සංවේදී දෙසරයම් බලන්න හිතෙන නිර්මාණයක් සහෝදරී!

isimbuwa said...

ලස්සන නිර්මාණයක් අක්කා. අපි අපි වගේ ජීවත් වෙනව නම් එතන තමයි ඒ කෙනාගෙ වටිනාකම තියෙන්නෙ. අනික පිටින් දකින ඔපේට රැවටෙන එකත් මහ මෝඩ කමක් වෙනව වෙලාවකට.

priyantha.ඒබී said...

කොච්චර රෝසමල් ලස්සනට තිබුනත් පූජාසනයේ තියන්නේ වතු සුද්ද මල් නේද?

ජීවිතේමල් said...

අක්කේ මට මතක් උනේ මොකක්ද දන්නවද ? "හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ " ගීතය,, ඔය කොච්චර කිව්වත් පිච්චමලක වතුසුදු මලක තියෙන් නිවුන ශාන්ත පිවිතුරු බව එහි ඇති වටිනාකම පිරිමි කොයි කවුරුත් දන්නව... ඔවුන් පතන්නෙත් එවන් අය... රෝස මල් පතන අයට වැටහෙනවනම් හොඳයි න‍ටුවෙ ක‍ටු බවත්... නැද්ද වත් අක්කා?

nimanthi said...

හරිම ලස්සනයි..
රෝස මල් සොයා ගොස්
කටු ඇනී රිදෙන විට
වතුසුද මල් සොයා එනමුත්
පමා වැඩිවෙයි සිහි තබාගන්..!

෴ හසියා ෴ said...

ගොඩාක් ලස්සනයි අක්කියෝ....

ඕකේ අනිත් පැත්ත මට වුනේ...
වතුසුද්ද මලක් හම්බවුනා මටත්‍‍‍‍...හැබැයි ඒ මල තමන් වතුසුද්ද මලක් බව දැන දැනම වෙන්න හදන්නේම රෝස මලක්.අනතිමට වතුසුද්ද මල ඇන්තූරියම් මලක් වෙලා හැමෝම ලස්සන කරන්න හදනවා.ඒත් ඉතිං.... :(
මම ඉතිං තාමත් වතුසුද්ද මල් හොයනවා... ;)

Hasitha ජයසූරිය said...

අම්මෝ අක්කේ...මමනම් අමුනල කරල කොහොමහරි වතුසුදු මලක්ම හොයා ගන්න ඕන. නැත්තන් මල කෙලියයි වෙන්නෙ :D

ඉලංදාරියා said...

ඔයා රොස මල්ක් වෙන්න එපා ....
මේ ඔයා ගැන නොලිවට....
රොසමලකට වඩා.....
වතුසුද්ද මල හොදා....
හැමදාකම මේ ,,,,,,
පුජාසනයේ ‍රැදෙන....

මාරයාගේ හෝරාව said...

රැදුනත් නොරැදුනත් අසලින් මා ගාව..
සැමදා පතන්නෙමි කැකුළිය මල් රෝස..
තිබුනත් නෙලන්නට දුරකින් හැකියාව..
වතුසුදු මල තලන්නට මට නොසිතේය..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...