..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, July 2, 2010

෴ දිය කිඳුරිය මිය ගියාය ෴


බලා සිටිය දින සති  මස වසර ගනන්
මුහුදේ රළත් මතක සිතත් ගණන් කරන්
මා මහ සයුර නුඹ මිහිමත උරුම කරන්
අපි හමු වීම සැමදා සිහිනයක් කරන්

අහස පොළව යා කෙරුමට නුඹට මට
හැකි වූ දිනෙක අපි හමු වෙමු සසර තුර‍
 හිත අතගාන සුවඳ සුසුම එවා මම
නුඹෙ පා දොවන රළ වෙන්නම් වෙරළ ඉම

අහඹුව ආදරය නුඹ මට මුණ ගැසුන
ලිය වෙන දෙයක් නොම වෙයි නුඹ මතක වත
කඳුළින් දිය කරන් පිටුවත් බොඳව ගිය
ලුණු රස   කඳුළු කැට එක් වෙයි සයුරටම


 බෝසත් සිතත් නුඹ ළඟ උරුමයට තියන්
නුඹ සැනසියන් ඇය ළඟ සිත අරන් තියන්
මා මිය දෙන්න බොහෝ  ළඟයි දුකත් තියන්
හැකි විගසකින් ඇවිත් යන්න මතක තියන්

මිය යමින් සිටින කිඳුරිය
මම
෴වත්෴

9 ප්‍රතිචාර:

හෙළයා said...

හොඳ නිර්මාණයක්

wath said...

@ හෙළයා
ස්තූතියි ...

Ansh Lucky Sri Jay said...

හරිම ලස්සනයි..

ඉලංදාරියා said...

අක්කේ හරිම ලස්සන පද පෙලි......මේ පද අතර තියන අයතාර්තය....කවදාවත්ම ඔබට නොවේවා....

කතන්දරකාරයා said...

වැලපෙන හඬන කඳුලෙන් කල් ගෙවන ළඳ
සැනසෙන සිනාවෙන මොහොතක් නැතිද ලඟ?

කතන්දරකාරයා said...
This comment has been removed by the author.
සෝරෝ said...

දියකිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ
ඔහුගෙ විමනේ රැඳුන සිතුවම් මැකී ගියත් මා මිතුරේ
අමතක කැර මියගිය සෙනෙහස සතුටින් ඉදපන් නිතරේ...

Shadow/හේමලයා said...

ලස්සන පද පෙළක්....

Hasitha ජයසූරිය said...

ම්ම්ම්.......හිතා ගන්න බෑනේ....මෙය කියා දෙන්නෙ ඕනේ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...