..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, July 15, 2010

෴ ඇය (3)෴

නැවත්ත සිහි එළඹෙන විට මා දුටුවේ මා වටා සිටින හෙදියන් කිහිපදෙනෙක් සහ වෛද්‍යවරයෙක් පමණි. ඇය නැත.....

මම ක්‍රමයෙන් යළිත් සුවපත් වෙමින් සිටියෙමි... 

බද්ධ කරන ලද වගුගඩුව පිහිටෙන් යළිත් ජීවිතය ලබමින්සිටියෙමි.....මා ජීවිතයට විටින් විට එමින් යමින් වද දෙන ඇය ගැන නම් මගේ සිතේ ඇති වූයේ කිව නොහැති තරමේ කණගාටුවකි...තරමක් සුව අතට හැරෙන තෙක් රෝහලෙන් පිටමන් කළ නොහැකි බව පැවසූ හෙයින් මතක ලොවේ සැරිසරන්නට කාලය නම් බොහෝය...............

ඇය විසින් සියල්ල මට පැහැදිලි කළ යුතුව තිබුනා නොවේදැයි මට සිතුනේ අප වෙන් වී ගොස් වසර කිහිපයකට පසුව හමුවූ අනුරගෙන් මට ලැබුන ආරංචිය නිසාය....

"මචං කසුන් පවු බන් සඳළි.අනුන්ගේ දරුවෙක් නිසා තමන්ගේ ජීවිතේ විදවනව."

"අනුන්ගේ... මොන ... ඕකිට ඔහොම වෙලා මදි බන් මට කළ දේට...."

"උඹ මොනාද මේ දොඩවන්නේ... උඹත් ඒ වෙලාවේ ඒකිව මඟ ඇරිය නේ....දැන් ඒකි දහදුක් විදගෙන අර දරුවට උගන්වනව..."

"උඹ කියන්නේ මට අනුන්ගේ දරුවෙක්ට තාත්ත වෙන්න කියලද?"

"පණ ඇරගෙන සඳළිට ආදරේ කරපු උඹට බැහැ නේද ඒ අහිංසක කෙල්ලට තාත්ත වෙන්න.සදළි එහෙනම් කොහොමද බන් වෙන කෙනෙක් ගේ දරුවෙක්ට අම්ම වුනේ...? තමන්ගේ සහෝදරී බව ඇත්ත ඒත් මොන ගෑණිද බන් තමන්ගෙ ජීවිතේ උගසට තියල වෙන ජීවිතයක් වෙනුවෙන් නැහැන්නේ....‍‍බොට තිබුන ඒකිට උදවුවක් කරන්න...."


"මොනාද මේ කියන්නේ අනුර...."

"ඒ කියන්නේ උඹ දන්නේ නැද්ද..සඳළී හදන්නේ එයාගේ අක්කගේ දුව....අක්ක අවජාතක දරුවෙක් සඳළිට දීල ජීවිතෙන් සමුගත්ත...." 

ඇය මා රවටා ඇති තරම... 
මම රැවටී ඇති තරම... 
එහෙත් යලිත් ඇය නොපෙනී ගියේ මන්ද... මා ශල්‍යකර්මයට ලක්වී සිටියදීවත් මා බලන්න නාවේ ඇයි....

"කසුන් ‍මාමා අපි ආවේ ඔයාව ගෙදර එක්ක යන්න ... "

මගේ අක්කාගේ එකම පුත්‍රරත්නයගේ හඩින් බිද වැටුන සිහින මාලිගා සියල්ල එක්කාසු කර ගනිමින්  නැවතත් නිවහනට යෑමට කාලය පැමිණ ඇත..

"මාමා .. මහන්සිවෙන්න එපා කියල ඩොක්ට කීව. වීල් චෙයාර් එකේ තමයි එක්කන් යන්න වෙන්නේ...."

මගේ බර දරාගත් වීල්චෙයාර් එක රෝහල් පහත මාලයේ පිළිගැනීමේ කවුන්ටරය ලඟ මොහෙතෙකට නතර විය...

"මාමා ඔහොම ඉන්න ටිකක්. මම කාර් එක පාක් එකෙන් අරන් එන්නම්.."

ලැබූ ඉසිඹුවෙන් වට පිට බලන මා නෙතට හසුවූයේ දුක්බර මුහුණින් යුතුව රෝහල තුල සිට මා සිටින දෙසට පියමැනූ ආච්චි සහ මිණිබිරිය යැයි සිතිය හැකි වයස 12ක පමණ ගැහැණු දරුවකු සහ වයස 65ක් හෝ ඊට වැඩි ගැහැණියකි.

පිලිගැණිමේ කවුන්ටරය අසල නතර වූ ඔවුන් ... 

"මිසී නෝන සදළි ඉන්නේ මොන වා‍ට්ටුවේ ද... කලින් හිටිය වාට්ටුව හැමතැනම බැලුව .. මෙතනින් අහන්නෙයි කියල මට කීව. මගෙ කෙල්ලට මොනා වෙලාද නෝනෙ"

"සඳළි,මෙහෙ සඳළිල කීදෙනෙක් ඉන්නවද? මොන සඳළි ගැනද අහන්නේ?"

"නෝනා අර වගුගඩුවක් ඔපරේශන් එකකට මහත්තයෙකුට වගුගඩුවක් දීපු සඳළි"

"ආහ් එයාද.... එයාට ටිකක් අමාරු වෙලා අද උදේ කොළඹ අරන් ගියා...."

"අනේ මගෙ කෙල්ල නෝනේ...මම එපා කියද්දි තමයි කෙල්ල ඔය දේ කළේ....මගේ අහිංසක එකී...මේ පුංචි කෙල්ල නිසා ජීවිතේම තනිකර ගත්ත.දැන් කොහෙවත් යන මහත්තයෙක් නිසා ජීවිතෙත් නැති කර ගන්නයි හදන්නේ අනේ මගේ කෙල්ල...."


ඇගේ කතාවේ අවසානය සනිටුහන් කළ
මම
෴වත්෴

19 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

සියල්ලම පැහැදිලියි......:(

Ansh Lucky Sri Jay said...

හ්හ්ම්ම්
:(

අපූරු කතාවක්.
ලස්සනට ගොඩ නගලා, හරිම ලස්සනට ඉවර කරලා.

හසී said...

හ්ම්ම්ම්... සියල්ලම පැහැදිලි උනා. ස්තුතියි ඉක්මනින් කථාව දැම්මාට.

RanDil said...

අනේ පව්. අපි ඇයට ඉක්මන් සුවය පතමු. ලස්සන කථාවක් මිතුරිය.

෴ හසියා ෴ said...

කවද්ද අක්කිගේ වැඩක් වර්ණනා නෙකලේ මම...??? අනිත් එක වර්ණනා නොකර කෝමද ලස්සන හොද දේවල් කරද්දි...
කියන්න දෙයක් නෑ....මගේ වචනෙන් මැක්ස්සම තමයි.....
සදළිට මමත් ඔන්න ඉක්මන් සුවය පතනවා....ඊට පස්සේ දෙන්නට සතුටින් එකට ඉන්න ලැබෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා.....
තව කතාවක් ලියමුකෝ....

änthräX said...

කතාවෙ ගලායාම නම් මරේ මරු.

ජීවිතේමල් said...

වත් අක්කේ... කතාව කොච්චර ලස්සනද සංවේදිද කියනව නම් ඇස් වලට කඳුලුත් ආව! ඇත්තටම ලස්සනයි... අක්කේ ලියන්නකෝ දිග නවකතාවක්... පල කරන්නකො පොතක්... ඇත්තමයි ඔයාට කතා ලිවීමේ හැකියාව නම් පිහිටලම තියනව ! ජය වේවා!!

හා පැටික්කි (MS) said...

හ්ම්ම්............
කතාව නම් හරිම ලස්සනයි අක්කියෝ........
සඳලිට හොඳ වෙලා ඒ දෙන්න සතුටින් හිටියා නේද අන්තිමට..... ආහ් නෑ වැරදුන දෙන්න නෙමෙයි ඒ තුන් දෙනා.........

තවත් පුංචි කතාවක් කියන්නකෝ.........

ඉන්දික උපශාන්ත said...

ඉතාම හැඟුබර ආරම්භයක්...
(මං කියපු දේ පැහැද්ලියි කියල හිතනව )
සුභ පැතුම්..

priyantha.ඒබී said...

උතුම්ම පරිත්‍යාගයක්. ඇත්තටම මෙහෙම අය මේ රටේ ඉන්නවා. මම අත්දැකීමෙන්ම ඒක දන්නවා. මේ කතාව එවන් උදාර මිනිසුන්ට උපහාරයක් වේවි. කතාව ගලා යෑමත් ඉතා ඉහලයි. ආයෙත් දවසක මේවගේ කතාවක් අපට ලැබෙයි කියල හිතනවා.

මාරයාගේ හෝරාව said...

මාත් මෙ ඉවරවෙනකල් උන්නේ...

කවි විතරක් නොලියා ඔන්න ඔහොම එන එකෙත් වටිනාකමක් තියෙනවා.
මෙ කතාව ගැන මොකක් හරි මගේ මතකයක් තියෙනවා. ඒත් ඒ මොකක්ද කියලා මට හරියටම මතක නැහැනේ..

පිස්සා පලාමල්ල said...

හුඟක් සංවේදියි... අපූරුවට ගලපලා තියෙනවා...

සඳලි තරම්ම්ම නැත්ත් ඒ වගේ කැප වීම කරන කෙල්ලො ඉන්නවා... ඒත් අපිට අදුරගන්න කල් යනවා.....

ඇයි සඳලි ඇත්ත කිව්වෙ නැත්තෙ කියන එකට මට උත්තරයක් දෙන්න පුලුවන්ද වත් අක්කෙ ????

කොඩී said...

උපරිමයි :(

ෆා ද බ්ලොගී said...

හ්ම්.. මොනවා කියන්නද? හැමදාමත් වගේ හරිම සංවේදී ලස්සන කතාවක්.. අන්තිමේදී ලොකු කම්පනයකුත් දුකකුත් ඉතුරු කරලා කතාව ඉක්මනටම ඉවර වෙලානේ...!

Bunny ! said...

මොකක්ද අප්පා වත් අක්කෙ ඔයා මාව හැමදාම අඩවනවනෙ... :( :(

කතාව ගැන මම මොනාව කියන්නද ?

Hasitha ජයසූරිය said...

මැක්සා කියන්නෙ මැක්සම තමයි ! උපරිමයි

චමිදේවා said...

ඔන්න බොලේ අද තමයි කියවන්න ඇහැක් උනේ...

ආයෙත් කතාවක් ලියමුනේ...

ඔජායෙ.... said...

:( :( :( :( :( :'( ... no comments..

shana said...

api aadare nokalath apita aadare karana minissu godak innawa,namuth eyala ape jeewithen giyamai danenne apita eyala nethi wela kiyala,pahanak nimunamai danne eliya nethiwela andura awith kiyana eka.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...