..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, July 15, 2010

෴ ඇය (2) ෴

(මෙතෙක් වෙලා සිද්ධියෙන් පිටත සිට කතාව ලියූ මම ඔහු තුලට ඇතුළු වී ලියමි...මෙතැන් සිට ඔහු යනු මමයි) 

ඇයගේ දිනපතා පැමිණීමත්,සෙනෙහසත් සමඟ ලැබුන සාත්තුවත් මගේ සිත මෙන්ම ගතද සුවකරන මහගු ඔසුවක්ම විය.

ඇය හා මා හමුවූ අවසන් දවසත් අද දවසත් අතර පවතින හිස් අවකාශය ගැන වදනකුදු නො‍දෙඩීමට ඇයටවත් මටවත් වුවමනාවක් නොවූයේ ගෙවී ගිය අතීතයේ සෙවනැලි වලින් ගෙවෙන සොදුරු වර්තමානයේ හෝරා කිහිපය ගිල ගනීවී යැයි අප සිත් වල වූ නිහඩ ගිවිසුම නිසා යැයි සිතේ...

ඇය මා පිරිසුදු කර බත් කවන එක් දිනකදී  ඇගේ වුවන දෙසම බලා සිටි මට ඇයගේ සෙනෙහසත් ගෙවී ගිය අතීතයත් දරා ගත නොහි මා කළේ ඇයගේ පපුතුරේ හිස හොවා ගෙන ළදරුවෙක් මෙන් හැඩීමය... වදනකුදු නොදෙඩූ ,කඳුළකඳු නොසැලූ ඇය, මගේ හිස කෙස් අතරින් ඇගේ සියුම ඇඟිලි යවමින් සීරුවෙන් හිස පිරිමදින්නට විය... ගෙවී ගිය කාලය තුල මා සිත තුල පොරබදිමින් තිබූ දුක් ගංගාවම ඇගේ උණුසුම් පපුවේ මගේ කඳුළින් දිය කර හැරියෙම්....

එයින් දෙ‍දිනක් ගත වී ගොසින් .. ඇය නැවත පැමිණියේ නැත... මඟ බලා වුන් මගේ දෑස් දිනෙන් දින යළිත් පිරිහෙන්නට විය... අතීතය තුල යලිත් සැරි සරන්නට විය.....

ඇයත් මමත් පෙමින් වෙලී සිටි කාලයේ මා රැකියාවක් සඳහා ඇගෙන් දුර ඈතක තනිවී සිට නැවත ඇය බැලීමට ඇයටත් නොදන්වා ඇගේ නිවහනට පැමිණියේ ඇගේ වුවනේ දිස්වන පුදුමය හා සතුට දැක ගැනීමට මා සිත වූ ආසාව බලවත් වූනිසාය... නමුත් පුදුම වන්නට සිදුවුයේ මටයි...

පුංචි දියණියක දෝතින්ම ගෙන පපුවට තුරුළුතර ගත් ඇය මා අබියස....

"කාගෙද මේ ‍පුංචි එකා..."

ටික වේලාවක් නිහඩව සිටි ඇය... 

"මට සමාවෙන්න ,ඔයා කැමතිද මේ දරුවට තාත්ත කෙනෙක් වගේ සලකන්න...."

"එතකොට ඔයා?"
"මම තමයි දරුවගේ අම්ම"

ඉන් එහාට ඇගෙන් පිටවූ කිසිදු වචනයක් සවන නොගැටෙන්නට මෙන් විදුලි වේගයෙන් මම ඇගේ නිවහනින්,ඇගේ ගම්මානයෙන් ,ඇගෙන් ඉවත් වූයෙමි.....

වරද කළේ ඇයයි... විඳවූයේ මමයි මගේ ජීවිතයයි. දැන් යළිත් ජීවිතයත් ගෙන පැමිණි ඇයම නැවතත් ගොසින්......

‍සිතෙහි වේදනාවත් සමඟම ගතෙහි වේදනාවද මැඩගත නොහැකි සේ නැඟී ආයේය.......

දරාගත නොහැකි වේදනාවත් සමඟ සෙමින් පියවෙන ම‍ඟේ දැසට හසු වූයේ මගේ කාමරයට කඩිමුඩියේ මල් කළඹත් රැගෙන දෑස් කඳුළු පුරවාගෙන දිව එන ඇයයි.....

"කසුන් ... කසුන් මොකද මේ කතා කරන්න කසුන්......."

සියල්ල බොදවී ගොසිනි..............

ලියන ‍
මම
෴වත්෴

11 comments:

  1. ජීවිතය........අප පසුකර ගොස්...නැවත අප කරා එන ජීවිතය.....සනසිල්ල මතු කරවන ලතැවිල්ල.....පසුතැවිල්ල හා මුසුවුනු සතුට.....කෙසේනම් තෙරුම්ගන්නද මේ ජීවිතය.....

    ReplyDelete
  2. මොකෝ මේ වෙන්න යන්නෙ...

    ReplyDelete
  3. ඕක තමයි ජීවිතය කියන්නේ.

    ReplyDelete
  4. හ්ම්.......කියන්න දෙයක් නැතෝ....ඉක්මණට ඉතිරි ටිකත් දාන්නකෝ...නැත්නම් හැමදාම අඩන්න වෙනවා.....

    ReplyDelete
  5. කොටස් දෙකම බැලුවෙ අද.... කව්ද සඳලි... කලින් ගෑනු ළමයා.. ??? එතකොට බබා ??? බලමු ඊලඟ කොටසින්..

    ReplyDelete
  6. වෙලාව පිළබඳ ගැටලුවක් ..... කොටස් 5 ක් විතර එකතු උනාම කියවන්නම් .....

    ReplyDelete
  7. ඉක්මනටම අඅනෙක් කොටසත් ඕනේ..

    ReplyDelete
  8. සියල්ල බොදවී ගොසිනි..............

    ReplyDelete
  9. ඉතුරු කොටස කවදද එන්නේ..ඒ..ඒ...ඒ...

    ReplyDelete
  10. නෙක්ස්ට් පෝස්ට් ප්ලීස්

    ReplyDelete
  11. අනිත් කොටස දානකම් බලා ඉන්නවා

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...