..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, July 20, 2010

෴ දඟ ‍දෝණි ෴ (02)


ඇයව සැමතැනකම සොයා හෙම්බත් වූ අපි අවසානයේදී කුමක් කරන්නේදැයි සිතා ගත නොහැකිව බලාගත් අත බලා සිටින්නට වූයෙමු.


" දුවේ නරකද රාලහාමිට පණිවිඩයක් යැවුවොත්" නුවන්ගේ අත්තම්මා අපේ අම්මාට කියනු මට ඇසුනි.

රාලහාමි කියන්නේ අපේ තාත්තාටයි. අපේ තාත්තා වැඩ කරන්නේ අප නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති පොලිස් මුරපොලේය.

එක නිවසක වැඩි කාලයක් වාසය කිරීමට අපිට නොහැකි වූවේ අපේ තාත්තාගේ මේ රැකියාව නිසයි. මීට පෙර පොලිස් නිල නිවාසයේ රැදී සිටයද යාබද නිල නිවසේ වාසය කළ පොලිස් අංකල් පාට වතුර බීවාට පසු කැත වචන කියන නිසා තාත්තා අපිව මේ කුලී නිවසට රැගෙන ආවේය.

" අනේ ඩිංගි අම්මේ , මම කොහොමද කටක් ඇරල ඒ මනුස්සයට මේ වග කියන්නේ,"

"එහෙම කියල බෑනේ දුවේ. අපි මේ පොඩි දැරිවි සොයා ගන්න ඕන නේද?"

කොහොමත් තව සුළු වේලාවකින් තාත්තා ගෙදරට ගොඩ වෙන්නේ " කෝ මගේ සුදු බෝණික්කි " කියාගෙනයි.

සුදු නංගි ගෙදරට ආපසු තාත්තා මට ආදරේ නැති ගානය. නංගි හොයාගන්න බැරි වුනොත් හොඳයි. මගේ නපුරු අර්ධයට එසේ සිතුනත්.ඇගේ රෝස කම්මුල් සහ හුරතල් මුහුණ මතක් වෙන විට ම'සිත වාවන්නේ නැත.

මහ පාරේ සිට නිවසට පැමිණෙන සෘජු පාර දෙස මම නෙත් හෙලුවේ තාත්තාගේ පැමිණීම අපේක්ෂාවෙනි. රථ වාහන තදබදයක ලකුණූ ඈතින් පෙනෙන මහ පාරේ දැකිය හැකි වූ අතර වාහන නලා ඝෝෂාවද කන බිහිරි කරන තරම්ය...

"අම්මා නංගි පාරට ගිහින්වත් ද? "

" පිස්සුද ළමයෝ... ඒ දරුවට තාම ඇවිදගන්නවත් බැහැ හරියට'


" හසිත ළමයෝ ඔය බයිසිකලෙන් ගිහින් රාලහාමිට පණිවිඩේ කියල වරෙන් කෝ"


ඩිංගි අම්මා පවසනු ඇසුණු මා..........


" අනේ අම්මා මාත් යන්නම් අයියත් එක්ක"


" ළමයෝ කරදර කරන්න එපා. ඔය විදිහට යන්න පුලුවන්ද යන්න ගිහින් වෙන ඇදුමක් දාන් එන්න"


" අනේ අම්ම මට බැහැනේ අල්මාරි අරින්න"


" යතුරු දාලා නැහැ ළමයෝ "


" හසිත අයියා .. මා එනකම් ඉන්න එහෙනම්" පවසා මා ගෙතුලට දුවගෙන එන විටම වාගේ ඔහු බයිසිකලයෙන් පිටත් වන හඩ මට ඇසුණී. මා රවටා ගෙතුලට එවුවත්. අම්මාගේ සුවඳ හමන අල්මාරියට බැසීමට තියන අනගි අවස්ථාව මඟහැර ගත නොහැක.



මගේ දඟ වැඩ නිසා නිතර යතුරු අගුළු ලා තිබ්බද යතුර වැරදී හෝ මා අතට අසුවුව හොත් පුටුවක පිහිටෙන් දොර අගුල හැර ගැනිමට මට පුලුවන. ඒ බව දන්නා අම්මා දැන් යතුර සගවන  නව ස්ථානය සොයා ගැනීමට තෙරම් දස්සී වුවත් මට තවමත් නොහැකි විය....


අම්මාගේ කාමරයට එඹුන මට අඩවල් වූ දොර සහිත අල්මාරිය දුටු විට සිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය. ඇරල තියෙන්නෙත් ඇගේ ලස්සන සාරි තියන කොටසම වීම මගේ සිතේ ප්‍රිතිය තවත් වැඩි කරන දසුනක්ම විය....


එතනට කිට්ටු වූ මම අඩවන් අල්මාරි පියන තවත් ටිකක් විවර කෙරුවා පමණි....


දෑස් අදහා ගත නොහැක....


" අම්මා ..."
" අම්මා"
" අම්මා මෙහෙ එන්න අම්මා"


අම්මාගේ සාරි ගොඩ උඩ පුංචි හා පැටියකු මෙන් නිදා සිටින්නේ කවුද?


අපේ නැතිවුන පොඩි හා පැටික්කි. මගේ බෙරිහන් දීමේන් කැළඹුන අම්මා ඇතුළු සමූහයා දිව ගෙන ආවේ අලි මදිවට කොටි මෙන් මටත් කරදරයක් දෝයි සිතමින් විය හැකිය...


" අම්මා අම්මා....  දෝණි බබා ඉන්නව අම්ම මේ බලන්න"



Memory... is the diary that we all carry about with us
-------------------------------------------------------------------------------------------------
ඒ එදා කතාවයි... කාලය කෙතරම් ගෙවී ගියත් මෙවැනි සිදුවීම් මතකයේ රැදෙන්නේ ඇයිදැයි අරුමයකි. ඇය දැන් අප නිවහනේ නැත. මා කලින් බ්ලොග් පොස්ට් එකක සඳහන් කළා මෙන් ඇය දැන් දීගෙක ගොසිනි. මතකය පමණක් සදා සිත තුල තැන්පත් වී ඇත.


ඇය සොයා ගත් දස්සී
මම
෴ වත් ෴

15 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

හේ .... දගමල්ල්ක්නේ අක්කා නගෝ දේන්නම....

RanDil said...

ආහ්......... සී.... අයි ටෝල්ඩ් යූ....

මං දන්නවානේ. මොකද මටත් නංගිලා දෙන්නෙක් ඉන්නවානේ. අපේ පොඩි කාලේත් ඔයිට වෙනස් නැහැනේ. මොන තරම් සොඳුරු යුගයක්ද?

Ansh Lucky Sri Jay said...

කලින් බ්ලොග් පෝස්ට් එක මතක් උන නිසාම තමයි ඇහුවේ, මේ කියන්නෙ ඒ නංගි ගැනම නේද කියලා.
:)

Shadow/හේමලයා said...

:)

තනෝජා රාජපක්‍ෂ said...

ඇති යන්තන්!

෴ හසියා ෴ said...

හරි හුරතල් කතාව....නැද්ද තව අක්කා නගෝගේ දසකම් විස්කම්...අහන්න ආසයි...කියන්නකෝ...

priyantha.ඒබී said...

අද නම් ඇත්තම තමන්ගේම කතාවක් දාල වගේ.

දුමී said...

අම්මෝ, ඇති යාන්තං දැනුයි අඟට ලේ ටිකක් ඉනුවේ !

හසී said...

පුංචි කාලේ මතකයන් හරිම සුන්දරයි.ලස්සන කථාවක්

වැම්පයර් said...

හපෝ .. මේක බලවද නොබලනවද කියල හිත හිත තමයි බැලුවෙ. යන්තම් ඇති වැඩේ ගොඩ ගියා නෙව.

කොඩී said...

මරු කතාව, දිගටම මේ වගේ ඒව ලියන්න :D

Hasitha ජයසූරිය said...

මැක්සා කතාව !

Bunny ! said...

"සුදු නංගි ගෙදරට ආපසු තාත්තා මට ආදරේ නැති ගානය. නංගි හොයාගන්න බැරි වුනොත් හොඳයි. මගේ නපුරු අර්ධයට එසේ සිතුනත්.ඇගේ රෝස කම්මුල් සහ හුරතල් මුහුණ මතක් වෙන විට ම'සිත වාවන්නේ නැත."

මෙන්න මෙහෙම මටත් අනන්තවත් හිතිලා තියෙනවා අපෙ චූටි මල්ලියා නිසා :D මැන්ස් එක්ක පොඩි කාලෙ ඉදන්ම තරහා තිබ්බෙ ඌ නිසා තමයි මගෙ ආදරනීය බලු කුක්කා, ටොශියා නැති උනෙ :( ඒත් ඉතින් මල්ලිට මම ආදරෙයි නෙවැ, මොකා උනත් ඌ මගෙ මල්ලි නෙවැ :D :D

charmi said...

ඒ නපුරු අර්ධය දැං කෝ...?
සෑහෙන්න අවංක කතාවක්.

wath said...

@ ඉලංදාරියා
@ RanDil
@ Ansh Lucky Sri Jay @Shadow/හේමලයා
@ තනෝජා රාජපක්‍ෂ
@ හසියා ෴
@ priyantha.ඒබී
@ දුමී
@ හසී
@ වැම්පයර්
@ කොඩී
@ Hasitha ජයසූරිය
@ Bunny !
@ charmi


෴ ස්තුතියි ගොඩක් ස්තූතියි සියළු දෙනාටම ෴

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...