..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, July 19, 2010

෴ දඟ දෝණි ෴ (01)


එකල අප පදිංචි වී සිටි පරණ තාලේ කූලී නිවහන වූයේ කොළඹ නුවර පාරේ සිට මීටර් සියයක් පමණ දුරිනි.... අඩි තුනක පමණ සෘජු කෙටි පාරක් මහපාරේ සිට නිවසට ඒමට ඇත.මේ ලියන සිද්ධිදාමය සිදුවන විට මම අවුරුදු 6 ක පමණ කුඩා හුරුබුහුටි දැරියකි.මගේ නැගණියගේ සුළු සුළු කටයුතු සදහා එතසිතින්ම හවුල් වූ මගේ සොඳුරුතම කාලයයි ඒ.................


පැරණි ඕලන්ද කාලයේ නිවසකැයි සිතිය හැකි එයට ගොඩ වීමට දිගැති පඩි පේළි 5 ක් විය. පඩි ‍පේළි නිසා නැගණිය බලාගැනීමද ඉතා අසීරු කටයුත්තක් විය.පඩි පේලී නැග ආ පසු ඇත්තේ තරමක් විශාල ආලින්දයකි.සෙල්ලම් කිරීමට නම් කියාපු තැන.

" පුංචි දෝණිව බලා ගන්න තේරුනාද, අම්ම ඉක්මනින් එන්නම් කුස්සියට ගිහින්, පඩි පෙළ බහින්න දේනන් එපා නංගිට තේරුනා නේද "

අම්මාගේ ඒවදන් සුළඟට මුසු වුනා පමණි.  එහා ගෙදර මල්ලීත් සමඟ එක්ව මම කරන බරපතල රාජකාරියට ඇයට නොපෙනෙන් නේද? චූටි නැගණිය බලාගන්න තරම් දෙයක් නැත. ඇයට තවම වයස වසර අවුරුද්ද පසු වූවා පමණි. ඇය කරන එකම වරද අතට අසුවන ඕනැම දෙයක් හැකි විගසින් කටේ රුවා ගැනීමත් බඩගිනි වූ විට කණ කීරී ගැසෙන ලෙස හැඩීමත් පමණි.  මේ බව අම්මා දන්නා නිසාම නිවසේ බිම නිරතුරුව පිරිසිදුවත් ඇගේ උක්කුන් බන්ඩිය හිස් වන්නට නොදීත් පවත්වා ගෙන යෑමට හැකි සෑම වෙහෙසක්ම ගන්නීය.

සුදු පුළුන් බෝලයක් වැනි ඇය කකුළේ තබා නැලවීමටත් ඇගේ පුංචි රෝස කම්මුල් සිප ගැනීමටත් මම ඉතා ආසා කරමි. කකුලේ තබා නැලවිමට අම්මා ඉඩ දුන්නද ඇගේ රෝස කම්මුල් සිපගන්නට නම් අම්මා ඉඩ දෙන්නේ නැත.

අපේ සෙල්ලම් ගෙදරට ඇයව කැදවා ගත නොහැකිය. ඒ ඇය සෙල්ලම් ගෙදර විනාශ කරන තැනට කටයුතු කරන බැවිනි.ඇය රවටා ගත යුතුය. නැතිනම් සෙල්ලම ලෙල්ලම වන්නට මහ කාලයක් යන්නේ නැත.

චූටී නංගී ලගට ගිය මම

" මගේ සුදු බෝනික්කෝ. අක්කා දැන් සෙල්ලම් කරනවනේ බබෝ.... අක්කට කරදර නොකර මෙතනින් හෙල්වෙන්නෙ නැතිව ඉන්න හොද බබා වගේ හරිද."දැයි පවසා ලද විගසින් ඇගේ රෝස කම්මුල් සිත්සේ සිප ගතිමි.

 තාත්තා විසින් අපට සෙල්ලම් කරන්නට ගෙනැවිත් දී තිබූ දිග  අඩි 3ක් පලල අඩි 2ක් සහ උස අඩියක් පමණ වන සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටිය තුලින් ඇයව තැබුවෙමි. පෙට්ටියක් වුවත් එහි ඇත්තේ වැටක් වැනි වටයක් පමණි. පතුල සහ වහල නොමැත....

ඇය එතුලට වී විටින් විට විවිද හඩ තලමින් සිටුනු මට ඇසුන අතර සෙල්ලම් ගෙදර අම්මා වූ මට වැඩ වැඩි වූයෙන් ඇය ගැන සිහිය මතකයෙන් ගිලිහී ගියේ නිතැතිනි....

කාලය ගත විය...  සෙල්ලම් ගෙදර අම්මා වූ මා සමඟ සෙල්ලම් ගෙදර තාත්තා වූ එහා ගෙදර නුවන් ඇරඹි රන්ඩුව මහ කාලගෝට්ටියක් වන්නට වැඩි වේලා ගත වූයේ නැත.

"මොනාද ළමයිනේ රණ්ඩු වෙන්නේ.., මම දැන් ඔය සෙල්ලම් ගෙදර කඩලා විසිකරල දානව හරිද.. රණ්ඩු නොවී සෙල්ලම් කරන්න ඉගෙන ගන්නෙ කවදද ළමයිනේ. කෝ නුවන් මොකද ළමයෝ වුනේ...,"

"නැහැ නැන්දේ ,මේ වත් කියනව මට කඩේ යන්නලු. පිරිමි ළමයි කඩේ යන්නෙ නැහැනේ නැන්දේ"

"ආහ්...එහෙනම් අපේ තාත්තා කඩේ යන්නේ. තාත්ත තමයි ඔක්කම දේවල් ගෙනත් දෙන්නේ. නේද අම්මා..."

"අනේ ළමයිනේ රණ්ඩු ඇති.... කෝ මගේ චූටි දෝණි.."

" කෝ ළමයෝ නංගි.."

"මම ආන් අර පෙටිට්ය ඇතුලෙන් තිවුව... කොහෙවත් යන්න බැරි වෙන්න..."

අම්මා මට බනිමින් ගොස් පෙට්ටිය තුලට එඹී බලා...

"කෝ ළමයෝ නංගී නංගි නැහැ නේ..."

"අපෝ එයා කොහෙ යන්නද?  ඕක ඇතුලෙ තමයි ඇත්තේ" පවසමින් මමද ගොස් එඹී බැලීමි.

"අනේ මගේ සුදු පුලුන්  බෝලේ කෝ එයා....."

හඩමින් කැගසිමන් අම්මාත් මමත් නුවනුත් නංගීව සෙවීමේ මහා මෙහෙයුම දියත් කෙරුවෙමු.

තාත්තා ගෙදර එන වේලාවත් ලගය. ආ ගමන් සොයන නංගී දැන් ගෙදර කොහිද....

ගෙදර සැමතැනමත්. මිදුල පුරාත් ඇය සෙවූ අපි... අවසානයේ අකමැත්තෙන් වුවුද ලිඳ තුලද ඇය සෙවුවෙමු....

"අනේ මගෙ සුදු නංගි ........." 

නුවන් දිව ගොස් ගම පුරා ආරංචිය පා කර හැරීයෙන් මුලු ගමක්ම එක්ව නැගණිය සොයන්නට විය......

"හරි ෂෝක් දැන් කාලේ අම්මල ළමයි බලා ගන්න හැටි"

එහා ගෙදර නුවන්ගේ ආත්තම්මා මගේ අම්මාට දොස් කියයි... 

"අම්ම නෙමෙයි ආත්තම්මේ මමයි නංගිව බලාගත්තෙ නැත්තේ"

" මේ පොඩි දර්වන්ට පුලුවන්ද තව පොඩි දරුවෙක් බලා ගන්න. මහවුන්ගේ වැරදි ,"

" අනේ ..ආත්තම්මේ..කට පියාගෙන නංගිව සොයා දෙන්න කෝ"

" අනේ බුදු සාධු ... මගේ පුංචි හා පැටියව මට සොයා දෙන්න උදවු කරන්න. මම හැමදාම පාර ඉස්සරහ ඉන්න හිඟන සීයට මම ටොපි කන සල්ලි වලින් රුපියලක් දෙන්නම්"

නැගණිය සොයන මහ මෙහෙයුමේ යෙදී සිටින පුංචි 
මම
෴ වත් ෴

12 comments:

  1. apuru kathawaka arambayak wage neda wath akke.mama oyage katha kiyeuwata kalin comment karala ne,

    matath inne oya wage akkala dennek.
    harima adaraniyai... ikmanata liyanna nangiwa kohe idalada hambune kiyala.

    eya athi hangila wath akke.

    ReplyDelete
  2. මගේ පපුව නැවතුනාද කොහෙද. නංගිව හම්බඋනේ නැද්ද ?

    ReplyDelete
  3. ඉතින් ඊට පස්සේ.....:(..

    ReplyDelete
  4. අහ්, නංගිට මුකුත් කරදරයක් නොවුණු වග නම් මට විශ්වාසයි.
    මේ ඒ නංගි ගැනම නේද කියන්නෙ??
    :)

    ReplyDelete
  5. වත් අක්කෙ, ලස්සන කතා ගොඩක් ලියවෙනව දැන් ඔයා අතින්...
    (මම හිතන්නෙ කතාවක් වෙන්න ඇති නේ මේක.., ඒ නැති උනත් ඉතින් බය වෙන්න නම් දෙයක් නෑ
    ඔය චූටි නංගි දැන් ටික කලකට කලින් දීග ගියා නෙ...)

    ReplyDelete
  6. හොද කතාවක ආරම්භයක් වෙයි වගේ...... දිගටම කරගෙන යන්න සුභ පැතුම්..............

    ReplyDelete
  7. හොඳ කතාවක් පටන් ගත්තා වගේ. බලමු මේපාර මොකද වෙන්නේ කියල......

    ReplyDelete
  8. නංගීනම් කොහේ හරි මුල්ලකට වෙලා නිදිගෙන ඉන්න ඇති නේද? (හෙට අනිද්දා නංගිත් දරු පැටියෙක් ගෙනෙවී නේද?)

    හැබැයි ලිඳ ඇතුල බැලුවා කිව්වාහම අම්මෝ පපුව හිර වෙනවා සහෝදරී.

    ඒත් කථාව කියවන්න බලාගෙන ඉන්නවා ඉක්මනට ලියන්නෝ.

    ReplyDelete
  9. ඉතින් ඊට පස්සේ...

    ReplyDelete
  10. සැමෝම වගේ ඊළඟට මොකද වෙන්නෙ කියල බලන් ඉන්න තමා වෙන්නෙ... වෙච්ච දේට වැරදි කියන්න මම කැමති නැතෝ...

    ReplyDelete
  11. ඒ නංග නේද ඊයෙ පෙරේද දීගෙක ගියේ.........?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...