..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 15, 2010

෴ ලස්සන ෴

Life Quote Pictures, Images and Photos


"ලස්සන හැමදේ,මොහොතක සුවදේ "කීවට අපි කවුරුත් ලස්සන දකින්න,විදින්න කැමතියි.....ලස්සන වුනත් දකින විදිහ කෙනාගෙන් කෙනාට වෙනස්.කෙනෙක්ට ලස්සනදේ තවත් කෙනෙක්ට ලස්සන නැහැ... නිසා වෙන්න ඇති සමහරු කියන්නේ ලස්සන තියෙන්නේ දකින කෙනාගේ ඇස් වල කියල.
නුඹ සිත සුවඳ මිස
පාටින් පලක් නැතී
යහගුණ නිතින් මා
සැමවිට සුවෙන් ඇතී
සොඳුරු ගුණ සුවඳ හමනා නුඹෙන් නිතී
නෙක නෙක පාට මල් යායේ
සමන්මලී
"The greatest treasures are those invisible to the eye but found by the heart.”
තවත් සමන්මලී කෙනෙක් වන
මම
෴වත්෴





12 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

එක ඇත්ත....අපි එකිනෙකාට ලස්සන දකින හැටි හරිම වෙනස්.....සමහරු පිට ලස්සන ගැන කතාකරන්වා......(පිට ඔපේ)සමහරු හරබර ඇතුලත ලස්සන ගැන කතාකරනවා....

මටනම් පිට ඔපයෙන් වැඩක්මනැහැ...මිනිස්සුන්ගේ හිත් ලස්සනවෙනවට තමා මම කැමති....


අනික මම පාට කන්නාඩි දාන එක සම්පුර්නයෙන්ම නතර කරලා තියෙන්නෙ.....

චමිදේවා said...

හ්ම්ම්ම්....

දැන් ආයෙත් අධිවේගී මැරතන් තරඟය ආරම්භ වෙලා වගේ... :D

හසියා said...

හැමෝම පිට ලස්සන දකින්නේ නැතිව හදවතේ ලස්සන දැක්කනම් ලෝකේ කොච්චර සුන්දර වෙයිද.....

රවා said...

ලස්සන සැමදේ .. දිකකදි වැනසේ..

මාර කතාවක් නෙ අක්කා කියන්නෙ, ලස්සන තියන්නෙ දකින කෙනාගෙ ඇස්වල.... ඉස්සරා ඉන්න එකාට පිහියෙන් ඇනලා .. ලේ එද්දි අතගගා " ෂා....රතූ..... පාට.... ලස්සනයි නෙද...? " කියලා කිව්ව හැකිනෙ...

මං නම් හිතන්නෙ ලස්සන රඳා පවතියන්නෙ බලන කෙනා දාන් ඉන්න කණ්නාඩිය මත කියලා. එයා බලන ස්භාවික ඇස්, මනුස්ස ඇස් දෙකෙන් බැලුවොත් එයාට හැම තැනම ලස්සනට පෙනෙයි. ඉපදුනාට පස්සෙ එකතු කරගන්න කණ්නාඩි දාලා බැලුවොත් එ කාණ්නාඩියෙන් පෙනෙන ලස්සන විතරයි පෙනෙන්නෙ... මම දාන් ඉන්න කණ්නාඩියෙ පාට සැරෙන් සැරෙ වෙනස් වෙනවානෙ...

හසී said...

හැමෝගෙම හදවත් ලස්සන නම් මේ ලොකේ ගොඩාක් සුන්දර වෙයි...

Hasitha ජයසූරිය said...

අනේ මන් ද මම නම් දන්නෙ මන් කැතයි කියල විතරයිනේ :(

දිල් said...

හදවතින්ම දකින්න පුළුවන්නම් ඒ තමාලු සැබෑ ලස්සන...මමත් එහෙම අහලා තියෙනවා වත්

හා පැටික්කි (MS) said...

මාත් දන්නේ මගේ හසිත මල්ලියා කිව්ව වගේ මං කැතයි කියල විතරයි............. :( :(

kumaraya said...

ඇයි .. මම .. මමත් කැතයිනෙ... හරියට මී හරකෙක් වගේ
බලන්නකො ඒකෙත් හැටි ... කැතයො ටික එකතුවෙන හැටී ....

මින්දද said...

ලස්සන වගේම කැත කියන්නෙත් හරිම සාපේක්ශ දේවල් විදිහටයි මම දකින්නේ. ඒ වගේම කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට සාමාන්‍යය වෙන්න පුලුවන්. ඒ හිනදා මමත් අක්කගේ කතාවර එකඟයි...

දුමී said...

හිත ලස්සනනම්, වතත් ඉබේම ලස්සන වෙනවා ....!
හැබයි වත ලස්සන උනාට හිත ඉබේ ලස්සන වෙන්නෙ නැහැ . . . !

අනුරාධ said...

තවත් කමෙන්ටුවක් දැමූ මම
අනුරාධ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...