..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, June 29, 2010

෴ හඳුනා ගන්න ඒ ඔහු / ඇය විය හැකියි ෴


ජීවිත කාලයේ දී හැමදාම අපිට කීදෙනෙක් නම් මුණ ගැහෙනවද? කීදෙනෙක් එක්ක හිනා වෙනවද කතා කරනවද... 
එයින් කී දෙනෙක් මතකයේ රැදෙනවද.... කී දෙනෙක් ජිවිතෙට සම්බන්ධ වෙනවද.. කී ‍දෙනෙක් අපව හැර යනවද... 
එයිනුත් කී දෙනෙක් මරණ මංචකයේදිත් දකින්න පෙරුම් පුරනවද......

පිස්සු වගෙයි ද.... නැහැ එහෙම නැත්තම් තමයි පිස්සු හැදෙන්නේ..... 

ලෝකේ කොච්චර මිනිසුන් හිටියත්, අපි ළඟ රැදෙන්නෙ ,එයිනුත් අපිව තේරුම් ගන්නේ, එක්කනයි නැත්තම් දෙන්නයි. ඒත් අපි හරිම මෝඩයි. අපේ ඒ මෝඩකම නිසා, ඒ එක්කෙනා හරි දෙන්න හරි අපේම වරදින් අපි නැති කර ගන්නව.

සමහර කෙනෙක් ඉන්නව ,රූපයෙන් ,තරාතිරමෙන්, රැකියාවෙන් ,සමාජ තත්ත්වයෙන් ,වයසින් ,පාටින් ,පවුල් පසුබිමෙන් තමන්ට නොගැලපුනත් තමන්ව තේරුම් අරන් එකට ජීවත් වෙන්න නම් කියාපු කෙනා.ඒත් සමාජයේ මුල් බැස ගත් ආකල්ප වලට මුහුණ දෙන්න තියෙන බිය නිසාත් බාහිර වටිනාකම් වලට වැඩි තැනක් දීමට සිත ගන්නා උත්සාහය නිසාත් තමන්ට වඩාත්ම ගැලපෙන කෙනාව අපි අහිමි කර ගන්නව.

ඒත් ,පසු කාලීනව අපිට මුණ ගැහෙන අය අතර අර අපි කලින් අතහැරල දැම්ම වගේ අය මුණ ගැහෙන්නෙ නැති වෙන්න පුලුවන්. 

තනියෙන් සිටින කොට දැනෙන තනිකමට වඩා ,ගොඩක් දරා ගන්න අමාරු තනිකමක් තමයි විවාහය තුල කෙනෙක් තනි වෙන එක... ගැහැණු පිරිමි දෙපාර්ශවයම එහෙමයි...බාහිර වටිනාකම් වලට එක දුන්නම හිත් වලින් තනි වෙන එක වලක්වන්න අමාරුයි. මොකද බාහිර වටිනාකම් වල සැබෑ ස්වරූපය අපිට දවසක වැටහෙන නිසා... අපි පහු වෙලා හරි අපිව තේරුම් ගන්න පුලුවන් හිතට ලන් වෙන්න පුලුවන් අය සොයනව..... 

මම දැකල තියෙනව සල්ලි බාගෙ ,යාන වාහන ,විතරක් නෙමෙයි හරිම ලස්සන ගැහැණුන්ව බැදල ඉන්න පිරිමි පවා ආදරය සොයමින් අඬන හැටි. මෙතනදි ආදරය කීවේ රාගය නෙමෙයි. රාගය ගන්න යන්න පුලුවන් තැන් තියෙනව නේ.... තමන්ව තේරැම් ගන්න ,තමන්ව අදුන ගන්න, තමන් කියන දේ අහන් ඉන්න පුලුවන් ,තමන්ට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්ව හොයනව.

ඉතින් ..බාහිර වටිනාකම් වලට මුල් තැන දෙන්නෙ නැතිව බොහොම පුංචි හාදුවක් එක්ක ගොඩක් ආදරේ ලබන්න තියෙන අවස්ථාව අහිමි කර ගෙන අතර මඟදි හිස් වෙන ආදරයක් ලබන්න ඔබ කැමති වෙන එකක් නැහැ කියල මම හිතනව....
A successful marriage requires falling in love many times, always with the same person.

 එවන් වූ ආදරයක් අබියස සිටින 
මම
෴වත්෴

17 comments:

  1. නියමයි අක්කේ අද සටහන නම්..! ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.. කොහොමද අක්කේ ඔයාට මේවා හිතෙන්නේ..?

    ReplyDelete
  2. ඇත්ත.. සහතික ඇත්ත!

    ReplyDelete
  3. A successful marriage requires falling in love many times, always with the same person..


    මේ කතාවට නම් කටේ දහයෙ කාසියක් දාන්න වටිනව!

    ReplyDelete
  4. මතක සටහන් මිනිසුන් මෙන් ඔබව හැර නොයයි.. සුභ හෝ අසුභ වේවා ඒවා නිරතුරුවම ඔබ හා රැඳෙනු ඇත...

    ReplyDelete
  5. මට ආපු e-mail එකක තිබුන එකම එක පෙලියක් ලියන්නම්.
    "සල්ලි වලට සුව පහසු ඇඳක් ගත්තට ඒ සල්ලි වලින් නින්ද ලන්න බෑ"
    ඒ වගේ බාහිර ආටෝප වලින් සබෑ ආදරයක් ගන්න බැරුව ඇති.

    ReplyDelete
  6. ලෝකය විවිධාකාරයි , ඒකෙන නියම ආදරය ලබනවා කියන්නේ , පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනවා වගේ වැඩක් ~ ; නමුත් වාසනාව තියේ නම් ඒකත් ලෙහෙසියෙන්ම ලබන්න පුලුව්න් වේවි !!

    ReplyDelete
  7. "තනියෙන් සිටින කොට දැනෙන තනිකමට වඩා ,ගොඩක් දරා ගන්න අමාරු තනිකමක් තමයි විවාහය තුල කෙනෙක් තනි වෙන එක..."

    ඒකත් එහෙමද.. එහෙනම් මේ ඉන්න විදිහ හොඳයි වගේ..

    ReplyDelete
  8. afffa... මම say නො married !!

    ReplyDelete
  9. afffa... මම say නො married !!

    ReplyDelete
  10. I love you not only for what you are, but for what I am when I am with you.

    I love you not only for what you have made of yourself, but for what you are making of me.

    I love you for that part of me you bring out.

    - Elizabeth Barrett Browning

    ReplyDelete
  11. කතාව නමි ඈත්තම ඈත්ත..

    ReplyDelete
  12. වත් අක්කා. පිස්සු හැදෙන ලිවිල්ලක්. නියමයි...

    මට මෙහෙමත් හිතෙනව. බාහිර අභ්‍යන්තර වටිනාකම් දෙකම අපි බැලන්ස් කරන්න ඕනේ. සල්ලි බාගේ නෙමෙයි ගැලපීම කියන්නේ. මනසවල් දෙක ගැලපෙන්න ඔනේ නේද? මනස හසුරවන චර්යාවන්, ගති ගුන, හුරු පුරුදු, සමාජ පසුබිම් එතකොට ගැලපෙන්නත් ඉඩ තියනව. සිතුවිලි ක්‍රියා කරන හැටි ගැලපුනොත් ජීවිත දෙක පෑහෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරනනේ එකම දේ එකම විදියට හිතෙන්න ඔනේ කියන එක නෙමෙයි නේද? සිදුව්වීමකදි අපි ඊට මුහුණ දෙන්නේ ගැටලු අවමම විදියටද .. ඊට දෙදෙනම එකඟද කියන එක.... ඒකයි පෑහීම කියන්නේ... එහෙමයි මට හිතෙන්නේ....
    ගොඩක් ගැ‍ටුම් ඇති වෙන්නේ මේ සිදුවීම් හසුරුවන ක්‍රමය දුර්වල නිසා.

    ReplyDelete
  13. වත් නගා. . . . . මේ දවස්වල ෆුල් සීරියස් එකටම ආදරය ගැන රිසර්ච් කරනව වගේ . . . . නියම පෝස්ට් එකක් . . . . !

    ReplyDelete
  14. වත් අක්කාට මිකදො වෙලා මාර මාර දෙවල් නේ මේදවස්වල ලියවෙන්නේ....මෙකත් අර මල්සරගේ වැඩක්ද දන්නේ නැහැ....

    ReplyDelete
  15. නියම පෝස්ට් එකක් අක්කා..

    ReplyDelete
  16. අම්මෝ ඇස්වහ කටවහ නෑ...සුපිරි හිත් අහස...ඒකේ තියෙන්නේ සුන්දර තරු කැට...ලස්සනයි....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...