..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, June 28, 2010

෴ මඟ නොමඟ ෴




මල් පාවඩ ඇතිරී ඇති පාමුලට
මාවත විවර වී ඇත මා ඉදිරි පිට
නුඹ මගෙ දකුණු පස උණූසුම දැනෙයි මට
ආශිර්වාද කඳුළැලි කෝ සවන් වට

ආදරයම ජීවිතයයි සිතුන විට
නුඹටම මුවා වී සෙනෙහස  යදින විට
 ලෝකය දෙපස සිට මා අත් අදින විට
මිය ගොස් නැවත එන්නද මා ලොවින් පිට

ජීවිතයට සෙනෙහස මිස කුමන බස
 තේරුම් ගන්න හැකිවෙද වෙන වයන තත
 ලෝකය නොවෙයි අගනා නුඹේ සොඳුරු වත
හිමි වන දිනේ කවදා නම් වෙයිද රස


ජීවිතේම ආදරෙන් ඉන්න කියල හිතන් හිත ගිය කෙනත් එක්ක හැමදේම දාලා යන්න වුනොත්......................................

හා හා කලබල වෙන්න එපා. ආශිර්වාද නැතිව යන ගමනින් වැඩක් නැතිලු. ඒත් ආශිර්වාද අරන් යන්න වෙන්නේ ,හිත බැඳුනෙ නැති කෙනෙක් එක්ක නම්.

මේකට නියම උත්තරයක් මගේ හොඳම යාළුව කීව .ආදරේ කරල විවාහ වෙන්න එපා. විවාහ වෙලා ආදරේ කරන්න .ඉතින් මොනාද ඔයාල ඒ ගැන හිතන්නේ.

විවාහ වෙන්න හිත හිත නාකි වෙන
මම
෴වත්෴

11 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

ආදරයට
නුඹ කියනා ජීවිතයක බර කොයින්ද?......
ජීවිතයට
ආදරයක හිමිවුනු නිදහස කොයින්ඳ?......
ජීවිතයක
ආදරයට තියෙනා ඉඩකඩ මනින්න......
හැකිවේවිද
ආදරයෙන් දොම්නස පලවා හරින්න.......

milan said...

love after marriage is better.fresh.entertaining.i prefer that.

සෝරෝ said...

අපි ආදරය කරන කෙනාට නෙවේ අපිට ආදරේ කරන කෙනාට අපි ආදරේ කරමු..

[මම හරිද මන්දා..]

maiyyagelokaya said...

නියම අදහස..බැදලා ආදරේ කරනවා කියන එක..

priyantha.ඒබී said...

අපට සාධාරණයක් කරගන්න කොට තව කෙනකෙුට අසාධාරනයක්. ඒ අයට සාධරණයක කරනවිට අපට අසාධාරණයක්. කාසියක දෙපැත්ත වගේ නේද?
සමහර විට යාලුවා කයපු දේ වඩා හොඳයි වගේ. ඒත් හිත පාලනය කරන්න අපි නිවන් දැකලයැ.

ඉලංදාරියා said...

හොදම දේ නම් ඉතින් අපිට ආදරය කර එක්කෙනෙකුට අපි ආදරය කරන එක තමා.....සෝරොත් එක්ක මම එකගයි...

sampathjt said...

අපි ගොඩක් උත්සාහ කරන්නේ අපට ආදරයකරන කෙනාව ලබාගන්න නෙවි, අපි ආදරය කරන කෙනාව ලබාගන්න..අහල ගම් හතටම කියලා ජයට ම මඟුල් කාපු සමහරු අද දෙපලකට වෙලා, එහෙම නැත්නම් අපායවල් වගේ ජීවිත ගෙවමින් ඉන්නෝ. ඔය අතරේ ලොවට හොරා හඳපානේ පැන ගිහිපු සමහරු හොඳින් පවුල් පන්සල්වෙලා ත් ඉන්නෝ.. ඕවා ඉතින් දෙන්නාගේ ගතිගුණ මත තමා රඳාපවතින්නේ... සමහරු කිරියි පැණියි වගේ..සමහරු ඤොහොර කොසුයි කුරෝලු පොලුයි වගේ ඒත් අවුලක් නැතුව ඉන්නවා.
මොකක්ද එකක් උනා ම ආදරේ පෑල දොරෙන් පැනලා යන කතාවකුත් මම අහලා තියෙනෝ...
ජයවේවා!!!

මාරයාගේ හෝරාව said...

අතීතයේ තැනකදී හමු වී දිනක..
සිතූ ලෙසින් එක්වන්නට නොවූ සඳ..
ගෙවී ගොසින් කාලය දිව යන අතර..
පැතූ පැතුම් දිය වන්නට විණි සබඳ..

wath said...

@ Shadow/හේමලයා
ලස්සන පබැදුම...තව ලියමු

@ milan
අත්දැකීමෙන් ද කීවේ.

@ සෝරෝ
කපටියි ඔයා. හිතට එකඟවද එහෙම කියන්නේ. අපිට ආදරේ කෙනාට අපි ආදරේ කරත්. මුලු ජීවිතේම අපි ආදරේ කරන ගෙනා නොලබුන දුක රැදිල තියෙනව.හිත රවටා ගන්නයි මේ වචන නේද.

@ maiyyagelokaya
බැන්ඳට පස්සේ ආදරේ කරන්නම වෙනව.

@ priyantha.ඒබී
ඔයා හරියට හරි. අපි නිවන් දැකල නැහැ.

@ ඉලංදාරියා
ම්ම් .. හැමදාම කවියක් ලියන ඉලංදාරිය අද මොකද මේ...
සෝරෝට එකඟ නම් මම සෝරෝට කීව කතාවම තමයි ඔයාට කියන්න වෙන්නෙත් යාළු.

අපිට ආදරේ කෙනාට අපි ආදරේ කරත්. මුලු ජීවිතේම අපි ආදරේ කරන ගෙනා නොලබුන දුක රැදිල තියෙනව.හිත රවටා ගන්නයි මේ වචන නේද.

@

wath said...

@ sampathjt
මේකා දන්න දේවල්. ඒකනෙමෙයි මල්ලෝ ලියන්නෙ නැද්ද බ්ලොග් එකක්. මම හෙවුවා හෙවුවා .. ඒත් ලියන බවක් දැන ගන්න ලැබුනේ නැහැ....මොකද කියන්නේ ලියමුද බ්ලොග් එකක්.

wath said...

@ මාරයාගේ හෝරාව

දිය වෙන්නේ ජීවිතයි මතක නොවේ
හැර යන්නේ සුසුම මිසක් සුවඳ නොවේ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...