..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, June 27, 2010

෴ ගැහැණු සිතේ ඉඩක් ගන්න ඕන ද෴

This Post is Dedicated to My Sweetheart .....
  ආදර ලකුණු පුවරුව කියන ලිපියට ආව ඉල්ලීමක් ඉටු කරන්නයි යන්නේ . ඒ පොතේම 65 වෙනි පිටුව....එහෙනම් ඔන්න බලන්නකෝ ඒ පිටුවෙ තියෙන දේවල් කොයි තරම් සත්‍ය ද නැද්ද කියල.....

  1. බාධා නොකර ඇය කියන දෙයට සවන් දෙන්න.
( ගොඩක් පිරිමි අය එහෙමයි කියල මම හිතනව. ඒත් අපි කියවල කියවල ඉවර වෙලා ,මේ මම කීව දේවල් ඇහුනද කියල ඇහුවම තමයි එයාල පියවි සිහියට එන්නේ.... අහන් ඉන්නව වගේ ඉන්නව විතරයි)
“A foolish man tells a woman to stop talking, but a wise man tells her that her mouth is extremely beautiful when her lips are closed”

    2. දවසකට විනාඩි පහළොවක් පමණ ඇය සමඟ සම්පූර්ණ අවධානය යොමු කර කාලය ගත කරන්න.
 ( අන්න නියම අදහස..... විනාඩි 15 ක් නම් මදි. කමක් නැහැ, එහෙම හරි කතා කරනව නම් අවධානයක් ඇතිව)

     3. ගෙදර පැමිණි විගස ඇය සමඟ විනාඩි කිහිපයක් ගත කරන්න.
( මහන්සි වෙලා නේද  එන්නේ.. ඒ නිසා කතා නොකරට තරහක් නැහැ....)

     4. විසඳුම් නොදී ඇය කියන දෙයට සවන් දෙන්න.
( මට නම් විසඳුම් ඕන ......... )

     5. ඇය කන්න කැමති දෙයක් ඇයට නොකියා ගේන්න.
( අන්න ඒකනම් නියමයි.... මම කන්න ආස.... ම්ම්ම් ආහ් වැනිල අයිස් ක්‍රීම් ....)

     6.නිතර නිතර ඇයගේ සැප සනීප විමසන්න..
( නැතත් තරහක් නැහැ අනේ.... )

     7.පරක්කු වෙනවා නම් ඇයට කලින් කියන්න.
( අන්න මේක නම් බෝල්ඩ් කරන්න තරම් වටිනව... හැබෑට පරක්කු වෙනව නම් මොකද කියන්න බැරි. නිදි මරා ගෙන බලා ඉන්නව නේද මම.....)

     8. ඇයගේ පෙනුම අගය කරන්න.
( අගය කරන්න තරම් පෙනුමක් නම් මට නැහැ. අනික බොරුවට කරන අගය කිරීම් වලට මම කැමති නැහැ)

     9. ඇයව සතුටු කරන මල්,මාල,වලලු,සුවඳ,විලවුන් වැනි කුඩා තෑගි ඉඳහිට ගෙන එන්න.
( මට නම් ඕන ඕව නෙමෙයි.... පුංචි හාදුවක් හොඳටෝම ඇති. මොකටද නිකම් වියදම් කරන්නේ )

    10.ඇය මහන්සියෙන් සිටින විට එය අවබෝධ කර එය පිළිබඳ විමසන්න.
(ඒක නම් අගෙයි..... )

    11.ඇයට ආදරෙයි කියා දවසට කිහිපවරක් පවසන්න.
(පිරිම්න් අඩුවෙන්ම කියන වචනයක්.... බඳින්න කලින් කොහොම වුනත් විවාහයෙන් පස්සෙ භාවිතයෙන් ඉවත් වන වචනයක් ද මන්ද... මම දන්න විවාහක ගැහැණු කිහිපදෙනෙක්ම කීව පරිදි ඒ අයත් තම ස්වාමියාගෙන් අහන්න කැමතිම එහෙත් නොකියනම වචනයක් ලු... )

    12.කන්තෝරුවේ සිට දවසට කිහිපවරක් ඇයට දුරකතන ඇමතුමක් දෙන්න.
(ම් ම් ම් අවශ්‍යම නැහැ.. පුලුවන් නම් හොඳයි තමයි. ඒත් මම නම් දන්නව එයා ගොඩක් බිසී කෙනෙක් කියල)

    13. ගෙදරින් පිටදි අන් අයට වඩා ඇයට සැලකිල්ලක් දක්වන්න.
( ඒකත් නම් හොඳ අදහස)

    14. ඉඳහිට කෙටි ආදර ගමන් බිමන් යන්න.
( හොඳයි තමයි... ඒත් මම නම් ආස නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න තමයි)

    15.විවේක කාලය ගත කිරිමට යා යුතු තැන් සොයා ගන්න. එහි බර ඇය පිට නොපටවන්න.
(ඇත්ත ඇත්ත.... කොහේ ගියහම මොකද එයත් එක්ක නම්)

     16. උපන් දිනය සහ දෙදෙනාගේ විශේෂ සැමරුම් දිනවල සුභ පැතුම් පතක් , ආදර හසුනක්, පොඩි තෑග්ගක් රහසේ ලෑස්ති කර එදිනට දෙන්න.
( පිරිම්න්ට හරියට විශේෂ දින අමතක වෙනව. ඒක හිතල කරන දෙයක් නම් නෙමෙයි... විවාහයෙන් පස්සෙ ලු ගොඩක්ම අමතක වෙන්නේ)
“Women always worry about the things that men forget; men always worry about the things women remember”

      17. ඇය සතුටින් සිටින විට එය වටහා ගෙන ඒ පිළිබඳව ඇය සමඟ කතා කරන්න.
( අමුතුවෙන් කතා කරන්නේ මොකටද අනේ... මට වැඩියෙන්ම සතුටු ඔයත් එක්ක කතා ‍කරන කොට තමයි)

      18. ගෙදර තිබෙන කැඩුන දෙයක් සාදා දීමට ඉදිරි පත් වෙන්න.
( ම්ම් දන්නවනම් විතරක් කරන්න. නැත්තම් වැඩේ දෙක වෙලා වියදම වැඩි වෙනව )

      19. ඇයට දොර අරින්න...
( ඇත්තටම මේ දේ ලංකාවේ නම් හරි අඩුයි... ඒත් බටහිර රට වල තවමත් තියෙනව. දොර ඇරියෙ නැතත් තරහක් නැහැ.... )
“When a man opens a car door for his wife, it's either a new car or a new wife.”

      20.බඩු ගත් පසු බර වැඩි මළු ඔබගේ අතට ගන්න.
( ඒකනම් එහෙම වෙනව නම් හොඳයි)

     21. ඇය උයන දේ රස බලා එහි හොඳ කියන්න.
( රස නම් විතරක් කියන්න. බොරුවට කීවොත් අමාරුවෙ වැටෙන්නේ ඔයාමයි )

      22.ඉදහිට විශේෂ කෑමක් උයා දීමට ඉදිරිපත් වන්න.
( ම් ම් නැහැ ...දෙන්නම සමගියෙන් හැදුවොත් මොකද ඉදහිට විශේෂ කෑමක් )

     23.  ඇයට මහන්සි විට තේකක් හදා දෙන්න...
( මට මතක් වුනේ කතන්දරගේ මෙන්න මේ කතාව )


     24. නාන කාමරය පිරිසිදුව තබා ගන්න.සෙරෙප්පු දමා ඇතුළට යන්න. පොළව කිලිටි වූ විට වතුර ගසා පිරිසිදු කරන්න.
( මම දන්න තරමින් නම් පිරිසිදු කමට ගැහැණුන්ටත් වඩා කැමති පිරිමි)


      25. විදුලි බුබුලක් අක්‍රිය වූ විට හැකි ඉක්මනින් අලුත් එකක් දමා දෙන්න.
( හොඳ අදහස... දැනට නම් අපේ ගෙදර මේ වැඩේ කරන්නේ මම )


      26. ඇය සමඟ කතා කරන විට ඇයගේ දෙනෙත් දෙස , නෙත් යොමු කරන්න.
( ඔට්ටුයි ඔයාට බැහැ මා දිහා ගොඩක් වෙලා එහෙම බලා ඉන්න.... )


      27. ඇය කියන විනෝද කතා වලට සිනා සෙන්න.
( හිනා යන්නෙ නැති දේවල් කීවම හිනා යනවයෑ නේද අනේ...)


      28. විශේෂ දවස් වල ඇයගේ ජායා රූප කිහිපයක් ගන්න.
( දෙන්නගෙම... තනියම ගත්තම ලස්සන නැහැ නෙ...)


       29. ගමනක් යෑමට ඇය හැද පැළඳ ගැනීම නිසා හෝ විවිධ ඇදුම් පැලදුම් මාරු කිරීම නිසා සිදුවන පරක්කු වීමට ඉඩ දෙන්න.
( ඒහෙම වුනොත් ඒ ගමනන නම් යන්න වෙන එකක් නැහැ ඕං... හා හා ඔයා බය වෙන්න එපා මම නම් විනාඩි 05න් රෙඩි)


       30. ඇයගේ බෙල්ල පිට  නැති නම් දෙපා සම්බාහනය කිරීමට ඉදිරිපත් වන්න.
( බටහිර රට වල දකින්න පුලුවන්. ලංකාවේ නම් අනේ මන්ද)


        31. මෙම ලැයිස්තුවට ඇය කැමති දේවල් එකතු කිරීමට ආරාධනා කරන්න.
( ලියන්න තීන්ත මදි වෙයි ඕං .. නොකීවයි කියන්න එපා )


මතක තියා ගන්න . මෙතන වරහන් ඇතුලෙ ලියල තියෙන්නෙ මගේ හිතට හිතෙන විදිහ මිසක් මුළු ගැහැණු සනුහරේටම හිතෙන විදිහ නෙ‍මෙයි හරිද..... මේ ලිපිය එයා කියෙවුවොත් එයාට මා ගැන අවබෝධයක් ගන්නයි මම එහෙම ලීවේ... සමහර විට ඔයාළගේ එයාලත් එහෙම හිතනව ඇති.............

  • “Man was made at the end of the week's work, when God was tired”
  • “When a man has once loved a woman he will do anything for her except continue to love her.”

Rose Leafs Pictures, Images and Photos
FlowerRoseOpensRedFlash Pictures, Images and Photos


එයාට ලකූණු දෙන
මම
෴වත්෴

33 comments:

  1. ඔන්න අක්කියෝ මේ ටිකේ වරහන් ඈතුලේ හරියටම ගෑලපෙන දෙවල් ඔයා දාලා තියෙනවා කියලා මම කියනවා..ටිකක් විතර හදිස්සියෙන් තමා අක්කි මේක ලියල තියෙන්නේ..ඕවා පොතේ තිබ්බට අක්කියෝ ඒ අය ඔවයින් බාගයක් විතර හරියට කරනවා..ඒ කියන්නෙ රස ගුණ කියවිල්ල,මොන නෑතත් ඈද කුදනන් කියයි..විශේශ දින කලින් මසේ ඉඳන්ම මතක් කලම හරි..හිහ් හිහ්..

    ලස්සනයි අක්කියෝ..

    ReplyDelete
  2. මේ ටික පුහුණුවීම් කරන්න ඔනා ......... :D

    ReplyDelete
  3. බැඳපු අය කරන දේවල්නේ තියෙන්නේ. :P

    කමක් නෑ. ස්තූතියි

    ReplyDelete
  4. ඉස්සරවෙලා බදින්න වෙනවා..ඉටපස්සෙ කරලා බලමු....මෙකට කලින් පුරුදු වෙන්න වෙනවා.........සමහර දෙවල්වලට........

    ReplyDelete
  5. මටනම් ලකුණු බිංදුවයි

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Sounds GD...but dnt knw when it comes to reality..... specially in SL....anyway keep up the GD wrk....:D

    ReplyDelete
  8. මට හිතෙන දේ...
    1.බොරුවට හරි අහන් ඉන්න එකම මදි ද?
    4.මුලින් හොඳට සවන් දීල පස්සෙ විසඳුමක් දෙන්න.ප්‍රශ්නේ දන්නේ නැතුව උත්තර දෙන්න බැහැ නේ.
    13.නැන්දම්මා-ලේලී වලි යයි ද දන්නේ නෑ
    16.එක පාරක් අමතක කරා නම් ආයෙ අමතක වෙන්නේ නෑ ෂුවර්.
    26.මට නම් පුලුවන් අවුරුද්දක් උනත් (අක්ක දිහා නෙමෙයි හොදේ)

    අනිත් දේවල් වලට නම් අක්කගේ කතා වලට එකඟයි :D

    ReplyDelete
  9. තනිකඩ අපිට ගැලපෙන ලැයිස්තුවකුත් හම්ඹුනොත් අපේ හිත සුව පිනිස දාන්න හොඳේ...

    ReplyDelete
  10. අප්පේ මේක නම් මාරම වටින පෝස්ට් එකක්

    ReplyDelete
  11. එක දවසකට ඔය ලැයිස්තුවෙන් කීයක් කළොත් ඇතිද?

    ReplyDelete
  12. අනේ අසරණ පිරිමි පක්ෂේ.. පළවෙනි එක නම් විරුද්ධ පක්ෂෙන් වෙනව හොඳටම අඩුයි තමා..
    පස් වෙනි එක නම් මරේ මරු.. කන්න මොනා හරි ගෙනත් දීලා වෙන ඕන එකක්.. එක්කෝ මේ මොකුත් ඕන නෑ දෙන්නම එකතු වෙලා 31ක් වෙනි පියවර අනුගමනය කරා නම්...!
    අක්කේ නැද්ද පිරිමි හිතේ වැඩි ඉඩක් ගන්න මන්තරයක්..

    ReplyDelete
  13. පිරිමි සිතක ඉඩ ගැනිමට ඔබට අවශ්‍යද..?
    කරුණු 31 නැත. එකක් පමණි..


    1. ඔහුට ඔහුගෙ පාඩුවෙ ඉන්න දෙන්න.




    පසු අක්කා විද්‍යුත් ලිපියෙ වටිනාම කොටස දාල නැහැ.

    ReplyDelete
  14. අද ඉඳල Practice කරන්න ඕනෙ.හික් හික්...නියම Post එක.

    ReplyDelete
  15. අනේ මන්දා...
    තවත් කොච්චර දේවල් තියෙනවද එකතු කරන්න කියලයි මම මේ කල්පනා කරමින් සිටින්නෙ.
    :D :D

    ReplyDelete
  16. ශා නියමයි... දැන්ම bookmark එකක් දැම්මා... අමතක උනොත් ආයි බැලුවැකි නොවැ... දිව දොට්ට...

    ReplyDelete
  17. හනේ හම්මෙ...කියවලම පණ ගියා...

    කරනකොට කොහොම තියෙයිද..?

    @රවා...
    කෝ කට ඇරහං මලේ මසුරං දාන්න..

    ReplyDelete
  18. ඔයාගේ ආදරය පාබන් වගේද පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එක බලො ගියාම හරි වගේයි නේද?

    ඒක මතකද මන්දා..

    ReplyDelete
  19. බැඳපු අයටත්, බඳන්ට ඉන්න අයටත් විතරක් නොවේ ඔය කවදාවත් බඳින්නේ නෑ කියල හිතන් ඉන්න අයට උනත් මේවාගේ ගන්න ගොඩක් දේ තියනවා. වටිනා අදහස් ටිකක්.

    ReplyDelete
  20. ඉතාමත් වටිනා අදහස් ගොන්න. වරහන් ඇතුලේ තිබෙන සටහන්වලින් කාන්තාවන් ඒ දිහා බලන අයුරු මොනවට පැහැදිලි කර ගන්න පුළුවන්. සත්‍ය ලෙස ආදරය කරන්නේ නම් මෙවැනි ක්‍රියාවන් ඉබේම ජීවිතයෙන් පිටවිය යුතුයි මගේ හැඟිම. කෙසේ වෙතතත් පිරිමියකුට වැදගත් යෝජනාවන් කිහිපයක්. මම හිතන්නේ මෙහි අඩුවකට ඇත්තේ "ඇය උපේක්ෂාවෙන් යුකුත ව ආදරයෙන් තේරුම් ගන්න" යන යෝජනාව පමණි. . . බොහෝම ස්තූතියි!

    ReplyDelete
  21. ගෑනුන්ගේ ආදරේ ලබනවා කියන එක ගැන හොඳම උපහැරනේ තමයි . . ..

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් තව ටිකක් ඕන කියන එක . ..

    ඔයා බැඳලා නැති නිසා මේ වගේ ලස්සන බයිලා කියයි නගේ . .. බැන්දට පස්සේ බලමුකෝ . .. හි හි

    ReplyDelete
  22. අහ් කෝ අර ඔයාගේ "ආදර ලකුනු පුවරුව" පෝස්ට් එකේ මම අහපු ඒවට උත්තර . . ?

    ReplyDelete
  23. හෆෆේ.. මේ ඔක්කම කරන්න ඕනිද?? වැඩි නැද්ද මන්දා....................

    ReplyDelete
  24. bandama balamuko.............!

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. මටත් කියන්න තියෙන්නෙ, වත් බැඳලා ටිකක් කල් ගියාට පස්සෙ මේ පොත අයෙත් කියවන්න කියලා තමයි. ඔය ගැහැණු ලොව පිරිමි ලොව කියන පොත මේ දැනුත් මගේ ළඟ. කියන තරම් ප්‍රායෝගික නැති එකනේ වැඩේ. දුකා අය්යාට කෝඳුරු තෙල් හොයන්න වෙන්නෙ නෑ ලoකාවෙ හිටියානම්

    ReplyDelete
  27. බුදු අම්මෝ . . . . ! මේව කර කර ඉන්න කොට රස්සාවක් කරන්න වෙලාවක් තියෙනවද . . . . ?

    ReplyDelete
  28. බුදු අම්මෝ කරන්න තියන දේවල් දැක්කම මට කෙල්ලොත් එපා වුණා !!

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. දැන්ම තියා මේවා දැනගත්ත එක හොඳයි අක්කේ. එතකොට අද අදම ඕවාට ලෑස්ති වෙලා ඉන්න පුලුවන් නේ :)

    ReplyDelete
  31. අයියෝ ඇත්තට ම මේ ඔක්කොම කරන්න ඔ්නැදඅර කිව්වත් වගේ හොදයි කලින් දැනන් ඉන්න එක...!!

    ReplyDelete
  32. @ Kandulu Binduwa
    @ වැප්
    @ හෙළයා
    @ ඉලංදාරියා
    @ ම
    @ Shadow/හේමලයා
    @ කොඩී
    @ Hasitha ජයසූරිය
    @ උන්නැහේ (පිලේ පැදුර)
    @ ෆා ද බ්ලොගී
    @ රවා
    @ අරවින්ද
    @ Ansh Lucky Sri Jay
    @ කරුමක්කාරයා
    @ මාරයාගේ හෝරාව
    @ a_a_a
    @ priyantha.ඒබී
    @ Ravin Caldera
    @ දුකා
    @ ළමයා
    @ lakmal888
    @ හරී
    @ දුමී
    @ හිඟන්නා
    @ Hasitha
    @ ඇවරියා

    සියළු දෙනාටම ස්තූතියි......


    බලන් ගියහම පිරිමින් වැඩිය කැමති එයාලට එයාලගේ පාඩුවේ ඉන්න දෙනවට නේද?

    පාඩුවේ ඉන්න ඕන නම් මක්කටෙයි අපිව සොයා ගෙන එන්නේ ....

    ReplyDelete
  33. @ රවා

    " පිරිමි සිතක ඉඩ ගැනිමට ඔබට අවශ්‍යද..?
    කරුණු 31 නැත. එකක් පමණි..


    1. ඔහුට ඔහුගෙ පාඩුවෙ ඉන්න දෙන්න."

    +5000000

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...