..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, June 25, 2010

෴ පාළුව ෴




මේ ලෝකේ කවුරු මැවුවත් මොකට මැවුවද .... මැවුවනම් ඇයි තනියම ජීවත් වෙන්න පුලුවන් විදිහෙ හයියක් දෙන්නෙ නැතිව මැවුවෙ.... ගොඩක් අය මවල .. තමන් වටෙත් ඉන්න ගොඩක් අයත් මවල .. ඇයි එකම එක කෙනෙක් ගොඩක්ම විශේෂ වෙන්න මැවුවෙ.....ඇයි?

ඔක්කමත් හරි ... ඇයි ඒ වගේ විශේෂ කෙනෙක් ගැන මතකයන් මතකයේ මේ තරම් රැදෙන්න මැවුවෙ ඇයි?
මිනිස්සු හිටි ගමන් වෙනස් වෙන්නෙ. ඇයි ?

 ජීවිතේ යම් තරමක් හරි සතුටින් හිටිය ඇයට ආයෙත් දුකක සේයාවන් පේන්න පටන් අරන්....බොහොම ආදරෙන් හිත ළඟ පරිස්සමට තියෙන දේවල් තමයි ඉක්මනින් වෙනස් වෙනව වගේ පේන්නේ ....

අපි හිතුවනම් යම් දෙයක් මගේ කියල ඇත්තම කතාව කිසිදෙයක් කවදාවත් ම මගේ වෙන්නෙ නැහැ. කවදාවත්ම නැහැ...
හැමදේම වෙනස් වෙනව.... හැමදේටම ස්වාධීනත්වයක් තියනව. පණ තියෙන කිසිදෙයක් කිසි කෙනෙක්ට අයිති තර ගන්නවත් ළඟ තියා ගන්නවත් බැහැ.ළඟ ඉන්න එකම දේ දුක පිරුණ සිත... 

කාල සර්ප යෝගය කියල දෙයක් තියෙනව අහල තියෙද? කෙනෙක් ගේ උපන් වෙලාව අනුව ඒ යෝගය තියේ නම් ජීවිතේ යම් දේවල් සෑහෙන ඉහළට ගියත් ජීවිතේ අනිත් පස හැමදාමත් අදුරුයි.... හරියට මිල මුදල් යාන වාහන රැකියා ව වගේ දේවල් ඉහලින්ම තිබ්බත් ආදරය විවාහය හිතූපැතූ තරම් තියා ටිකක් වත් පල දෙන්නේ නැතිලු. නැතිනම් විවාහය සෑහෙන හොද වුනත් මිල මුදල් යාන වාහන ගේ දොර ලැබෙන්නෙ නැතිලු...ඇයත් ඒ වගේ කියලයි මට හිතෙන්නේ....

දැන් මට කවි ලියන්න බැරි වෙලා... ඉස්සරත් බැහැ තමයි... පුලුවන් ටිකත් දැන් බැරි වෙලා... 

සඳ මුදු ලෙස අද අහසේ දිලිසෙනවා
නුඹ සිතු ලෙස යළි වෙනතක වැජඹෙනවා
ඇගෙ ලොව නුඹ නැති  තනි කම රජයනවා
සීතල කඳුළක් නොදනිම වැලපෙනවා

 හෙට දින අරුනළු ඇගෙ මුව සිපගන්නයි
නුඹ රජ වී ලොව  කිරුළු දරන්නයි
මගෙ ගොළු සිත ළඟ දොඩමලු වන්නයි
පාළුව තනිකම සුළඟට මුසු වන්නයි

සිනා අරන් නුඹ නිවසට ගොඩ වේවා
තනිකම තනියම එක පසකට වේවා
දෑස් විවර වී සුබ පැතුමන් දේවා
නුඹයි ඇයයි සිතු  ලෙස එක් වේවා



ඇය වෙනුවෙන් ලියූ
මම
෴වත්

10 ප්‍රතිචාර:

විහඟ ගීතය said...

පාළුව පාළුමයි එහි නැත කිසි වෙනස
පෑවුව සඳ ගියත් බැස, යළි එයි විඟස
නෑසුව කනින් සිටියත් කොහි හෝ නිවැස
යාළුවා ඉක්මනින් එයි නුඹ පැතු විලස

Mayya said...
This comment has been removed by the author.
maiyyagelokaya said...

ආදරය කරද්දි ඔහොම තමා, කදුයි , පල්ලමුයි දේකම තියෙනවා..ගල් බොරලු මැද්දේන් ගලන ගග ලස්සනයි.ඒ වගේ ආදරයත් ගලා ගෙන ගියවේ..

ඔන්න මේච්චර ද්වසක් බ්ලොග් කියව කියව හිටිය ම්යිය්යත් ලියන්න පටන් ගත්තා. දේශපාලනයනම් ඔයාට දිරවන්නේ නැති විත්තිය දන්නවා..එත් ඉතින් ඔයා ඒ පැත්තෙ ආවොත් ගොඩක් සතුටුයි..

ඉලංදාරියා said...

හිරුගේ රශ්මියෙන් ඒ හිත එලි වෙන්න
මැවු හැම හිනයම අරුතක් වෙන්න
සෙනෙහස පතන ඒ හිතලග රජ වෙන්න
ඔහු ලග එනවා හැකිනම් ඒ බව පවසන්න


හවිහිත අවදි කලාට තුති.........

Hasitha ජයසූරිය said...

අක්කේ ඔයා නම් අමාරු ප්‍රශ්ණ පත්‍රයක්නේ

කතන්දරකාරයා said...

ඇයි ?

I DONT KNOW WHY!

දුකා said...

ඇත්තෙන්ම වත් මේ දිනවල උත්තර නැති ප්‍රශ්න පත්තර දිග හරිනවා වගේ ඔයා . ..

නිපු said...

කතාව නම් ඈත්තම ඇත්ත.. :(

පබලු said...

සුදු සුමුදු සද කුමරී
අහස පුරා දිලී දිලී
පැතුම් අරන් සයන පුරා
දග කරමින් හිදී හිදී

අලුත් දිනක අරුනැලි කැන්
නුබේ දිවියට එබී එබී
සින පොකුරු නුබ නෙත වට
හිනැහෙයි තව දිලී දිලී

සුභ පැතුමන් ගෙනෙයි අපිත්
ඉන්නට හැමදා සතුටින්
මේ ජීවන සිහිලැල්ලේ
සැනසෙන්නට තුටින් තුටින්

නොලැබෙන දේවල් ගැන නොහිතා ඉන්න එක තමයි හොද දේ...

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

පට්ට

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...