..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, June 24, 2010

෴ ආදර ලකුණු පුවරුව ෴


මම ලීව" ෴ මා දකින පිරිමි ෴ 'ලිපියට පිරිමි අය වැඩි දෙනා දක්වපු ප්‍රතිචාර වලින්, මම ගත්ත අවසාන නිගමනය තමයි. ගැහැණු අඩනවට පිරිමි අය කැමති බව. සමහරු කියල තිබ්බ ,ගැහැණු අය අඩන කොට හරි ලස්සනයි කියල.....

කොහොම වුනත්, ඉඳල හිටල හරි පොඩ්ඩක් අඬන්න ඕන කියල මාත් අවසානේදී තීරණය කරා ඕං...( හරි හරි වැ‍‍ඩේම අඩන එක තමයි ඉතින්)

ඒ ‍ලිපියට දුකා කියල තිබ්බ ,කොමෙන්ටුව දැක්කම මම මගේ පොත් රාක්කෙ ලඟට තමයි ගියේ... "මේ තියෙන්නේ පොත..." අපේ අම්ම නම් කියන්නේ මේ ළමය ආදරේ කරන්න හදන්නෙත් පොත් වලින් කියවල කියලයි....

කොහොම වුනත් ඒ පොතේ 70 වෙනි පිටුවෙ තිබුන "ආදර ලකූණු පුවරුවේ'' ගැහැණියට ලකුණු දාගන්න පුලුවන් කියන ක්‍රම ටිකක්. ඉතින් මේ වයේ ඇත්ත නැත්ත අහන්නනම් හමුවන්න වෙන්නෙත් ඔබතුමන්ලම තමයි ඕං......

මෙන්න මෙහෙම ගැහැණු අය කටයුතු කරොත් පිරිමි ඔයාලගෙන් අපිට ලකුණු එනවලු....

  1. ඔහුගෙන් අතපසු වීමක් සිදු වූ විට එයට උපදෙස් නොදී සිටීම.( දවසෙම කියවාවි නේද වෙච්ච සන්තෑසිය ගැන)
  2. ඔහු නිහඩව සිටින විට ඔහුට වැරදි නොකීම.(වැඩි හරියක් පිරිමි ගොළුද මන්ද)
  3. වැඩ ඇරී ගෙදර එන විට ඔහුව පිළිගැනීම.ඔහු ගෙදර පැමිණිම සතුටක් බව පෙන්වීම.( ඒක නම් ඇත්තටම සතුටක්...)
  4. ඔහුගෙන් උපකාරයක් ඉල්ලා ඔහු එයට අකමැත්තක් දැක්වූ විට එය පිළිබඳ ඔහුට දොස් නොපැවරීම.( කට කහනව නේද?)
  5. ඔහුගෙන් එක වරක් ඉල්ලා ඔහු නොකළ උපකාරයක් ඔහු කරන්නේ යැයි සිතන අවස්ථාවක් බලා නැවතත් හොඳින් ඉල්ලීම (මායමි 64න් එකක් මේක නම්).
  6. ඔබ පමණක් තනියෙන් පවුලේ වැඩි බර කරට ගෙන වැඩ කරනවා යැයි සිතී දුක සිතෙන විට, ඔහුට බලපෑම් නොකර ඔබට අවශ්‍ය දෙය පැහැදිලිව ඔහුගෙන් ඉල්ලීම.(පැහැදිලිව කියන එක තමයි අමාරුම වැඩේ නේද?)
  7. ඔහු නිහඬව සිට නැවත කතාවට පැමිණි විට ඔහුට වෙනසක් නොපෙන්වා පෙර පරිදිම කතා කිරීම.( හහ්.. එයාට ඕන වෙලාවට විතරද මම කතා කරන්න ඕන)
  8. ඔහුගෙන් සිදු වූ වරදකට ඔහු සමාව ඉල්ලන විට එය ප්‍රතික්ෂේප නොකර බාර ගැනීම.(හරි හරි කමක් නැහැ සමාව දීම දේව ගතියක් ලුනේ)
  9. ඔහු ඉල්ලන උපකාරය ඔබට කළ හැකි නම් ,ඔහුට උපකාරයක් කරන බව නොහඟවා,එය පිළිබද උපදෙස් මාලාවක් නොදී එය කිරීම.(සතුටින් උදවු කරමි)
  10. ඔහු ඉල්ලන උපකාරය ඔබට කළ නොහැකි නම් ,එය නොකිරීමට හේතු ලයිස්තුවක් ඔහුට සපයන්නේ නැතිව , එය නොකර සිටීම( හේතු නොදක්වා නොකර ඉන්න බැහැනේ).
  11. ඔහු කරන සුළු සුළු ආදර ක්‍රියා වලට ප්‍රසංසා කිරීම.(හරි හරි මෙන්න ප්‍රසංසා)
  12. ඔහු සමඟ ආදරයෙන් කාලය ගත කිරීමට කැමති බව පෙන්වීම.( අපොයි කවුද අනේ  අකමැති)
  13. යතුර සොයා ගැනීමට ඔහුට අපහසු වූ විට , එයට ඔහුව වැරදි කාරයා නොකිරීම.( මටම තමයි හොයන්න වෙන්නෙ)
  14. ඔහු සමඟ ගමනක් යන විට ගමන යා යුතු මග පිළිබඳ ඔහුට උපදෙස් නොදී, එය සොයා ගෙන ඔබව එම තැනට ගෙන යෑමේ ගෞරවය භුක්ති විඳීමට ඉඩ දීම.( අමාරුවෙන් හරි ෂට් අප්)
  15. ඔහු යමක් පැවසූ විට , එයට අකමැති නම් එය වැරදි බව අගවා මම නම් කරන්නේ මෙහෙම යයි ඔහුට උපදෙස් නොදී කිසිවක් නොකියා සිටීම.( ආයෙත් ෂට් අප් මයි මවුත්)
  16. ඔබගේ වේදනාවට ඔහු වැරදිකාරයා නොකර එය පිළිබදව ඔහු දැනුවත් කිරීම.(අපි වේදනා විදින්නෙම ආදරේ කරන ඔහු නිසාම තමයි ඉතින්)
  17. ඔබ කරන කියන දෙයකින් ඔහුගේ සිත රිදුන විට එයට සමාවෙන්න යැයි කියා ඔහු බලාපොරොත්තු වන ආදරය ඔහුට ලබා දීම.( සමාවෙන්න රත්තරනේ වරද මගෙ )
  18. ඔහු සමඟ ලිංගිකව සම්බන්ධ වීමට කැමති වීම.ඔබ කැමති අවස්ථා වලදී ඒ බව ඔහුට ඇඟවීම.( තවම අදාල නොවේ)
  19. ගෙදර ඇති වෙන ප්‍රශ්ණයකට ඔහුට වරද නොපටවා , එයට විසඳුමක් ඔහුගෙන් විමසීම.( ප්‍රශ්ණ වලට මුලත් එයාම වෙන්න ඇති)
  20. ඔහු කළ දෙයක් නිසා ඔබගේ සිත රිදුන විට, ඔහුට දඬුවම් නොකර සිටීම...( හ්ම් ඒවටත් ඉතින් මගේ සිතම දඩුවම විදපුවාවේ එහෙනම්).
 පිරිමන්ටම ගිය රට නේ මේක.....

තරහ අවසර මේ 1 සිට 20දක්වා උපුටා ගත්තේ වෛද්‍ය ප්‍රියංගද සොයිසා මහතාගේ ගැහැණු ලොව පිරිමි ලොව පොතෙන්.... මේ ඔය පුංචි අකුරින් වරහන් ඇතුලෙ තියෙන්නෙ ගැහැණු මගේ සිතට හිතුන හැටි....

අර කියමනක් තියෙනව නෙ..." men from mars women from venus" කියල.... සහතිකේටම හැබෑව ...

සිකුරු ලොවෙන් ආව 
මම
෴වත්෴

ආහ් ... තව ටිං‍ගිත්තෙන් අමතක වෙනව නෙව... ඒ පොතේම 65 වෙනි පිටුවෙ තිබුන.. අපෙන් ඔයාලට ලකුණු ගන්න පුලුවන් ක්‍රමත් ලියල... 

19 ප්‍රතිචාර:

හෙළයා said...

පිරිමින්ටම ගිය රට කියන එක නම් වැරදියි වත් සහෝදරී. ලංකාවේ හැම ක්ෂේත්‍රයකම කිසි ප්‍රශ්ණයක් නැතුව කාන්තා නියෝජනය තියනවා.

අර 65 පිටුවේ තියෙන ටිකත් පෝස්ට් කරන්න බැරිද ? :P

wath said...

@ හෙළයා

බැහැයි කියන්න බැහැනේ... ලියන්නම් ඒ ටිකත්..
පිරිමන්ට තමයි කවද හරි රට අයිති වෙන්න ඕන... ඔය කවුරු මොනා කිවත් කරත්.. ගැහැණිය සුන්දර වෙන්නේ දරැවන් පිරිවරන් ස්වාමියගේ බාහු සෙවනේ ඉන්න කොට තමයි.. රට කරන්න පිරිමන්ටත් .. ඒ රට කරන්න පුලුවන් වෙන මිනිසුන් හදන්න ගැහැණියටත් පුලුවන්... ලෝකය සුන්දර වෙන්නෙ එතකොටයි..

ස්තූතියි හෙළ....

Pasan said...

ආරියරත්න චන්ද්‍රවංශ මහතා විසින් පරිවර්තනය කරපු "පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි"

මේ පොතෙත් ගොඩක් කරුණු තියනව මමත් ඔය ගැන පොස්ට් එකක් දාල තියනව.. හැබැයි එක නන් ගැහැණු සතුටු කරන විදිහක් ගැන...:D

http://magesanda.blogspot.com/2010/05/blog-post_24.html

කොඩී said...

අනේ ඉතින් හැම කෙල්ල ම ඔය ටික පිලිපදිනව නම්..

ඒක නෙමෙයි වත් අක්කේ අර කිව්ව 65 පිටුවෙ ටිකත් දාන්න බැරිද හුදී ජන පාං සංවේගය පිණිස???

(අකුරු නම් මෙච්චර ලොකු උනේ නැති උනාට කියවන්න බැරි වෙන එකක් නෑ)

nimanthi said...

හපොයි අක්කේ ..
කොහොමද අප්පා ඔය කියන විදියට කටවහගෙන ඉන්නේ ෂට් අප්ම කීයක්දෝ??:P

දුකා said...

හරි දැන් නිකමට හිතලා බලන්න ඔයා දන්න කියන ගෑනු අයගෙන් කීයෙන් කීදෙනෙක් ඔය කියන විදිහට ඉන්නවද කියලා . . . .

පිලිතුරෙන් ඔයා පුදුමයට පත් වෙනවා නොඅනුමානයි . . .

ඔක්කෝම ඔය කියන දේට ඔපොසිට් නේද . . ??

මම දන්න ගෑනු නම් ඔක්කෝම එහෙමයි . . .අපරාදේ කියන්න බෑ මගේ අක්කා, නංගී, අම්මා, මගේ ගෙදර උන්දැ, නැන්දලා, පුංචිලා, නෑනලා, අහල පහල ගෙවල් වල දන්න කියන අය, යාලුවන්ගේ ගෑනු . ..

අනේ මංදා දෙයියෝ මොන මගුලට මේ ඇතුවත් බැරි නැතුවත් බැරි ගෑනුන්ව මැව්වද කියලා

(මේ මහ පාන්දර 1ට ත් වලියක් දාගෙන ඉන්න වෙලාවේ තමයි ඔයාගේ පෝස්ට් එක දැක්කේ . .) ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වගේ හික් හික් . ..

Yasela Sumanasinghe said...

නියම පොස්ට් එක, වැඩේ තියෙන්නෙ ඔය කියන ගොඩක් එවා සමහර වේලාවට ගැනු පිලිපදිනවා..හැබැයි කවදාක්වත් ඔය ඔක්කොම එකම වෙලාවට එකම ශරීර කුඩුවේ හැමදාම පවතින්නේ නැති එක තමයි ප්‍රශ්නේ..හි හී හි

හා පැටික්කි (MS) said...

තවම කිසිවක් අදාල නැත.....

අදාල උන දවසකට බැරියැ අක්කවත් ආදරෙන් මතක් කරගන්න..........

Hasitha ජයසූරිය said...

අප්පේ මේ පොත නම් මාර වටිනවා....පොස්ට් එක ඊටත් වැඩිය

මේ දවස් ටිකේ අක්ක මරු මරු ඒවනේ ලියල තියෙන්නේ ;)

thariya said...

පොත කොහොම හරි හොයාගෙන බලන්න ඕන.

Dangamalla said...

ශෝක් පෝස්ට් එක අක්කියෝ..නියමයි..ඈත්තටම ඔය අර වරහන් අතුලෙන් ලියපු ටික හරියටම හරි..හිහ් හිහ් හි

෴ හසියා ෴ said...

පොතනම් කියවන්නම වටිනවා...ලබන ආත්මේ හරි අවංකව ආදරේ කරන කෙල්ලෙක් හොයාගන්න...
පරහකට තියෙන්නේ දැන් කෙලලෝ අපි එයාල වෙනුවෙන් කොච්චර කැපකීරීම් කලත් එයාල අපි ගැන නොහිතන එකයි...

ඉලංදාරියා said...
This comment has been removed by the author.
ඉලංදාරියා said...

ඔය විදිහට ඉන්න කෙල්ලෙක් හොයාගන්න ..... පොත පතාට එකට සිදවා කෙල්ලෙක්ට දෙන්නම වෙනවා............නැත්නම් බඩුම තමා........

දුමී said...

වත් නගෝ , මේ කොහේ ඉන්න ගෑනියෙක් ගැනද බොලේ ලියල තියෙන්නෙ ?

බැරිද ඔයාට මේක උගන්වන්න කෝස් එකක් වගේ එකක් පටන් ගන්න ?

කීයක් ගියත් මම මගේ ගම හාමිනේව මේකටනම් එවනවා !!!

දුකා said...

දුමී ඇයි උඹේ හාමිනේව විතරක් ????
මගේ හාමිනේත් . .

මට ෆුල් ෂුවර් මේ බ්ලොග් අවකාශේ බැඳපු පිරිමි ඔක්කෝම තමන්ගේ හාමිනේලා ඒ පන්තියට එවන බව . .. .

කීයක් ඔට්ටුද . .

දුකා said...

අහ් වත් නගේ උඹ දාපු පින්තූරෙන් කියන්නේ ගෑනුන්ගේ හදවත තියෙන තැනයි පිරිමින්ගේ හදවත තියෙන තැනයි ගැන නේද . . . ??

හරි කමක් නෑ පිරිමින්ගේ එක තියෙන තැන තිබුනාවේ . .

ගෑනුන්ගේ එකේ ඒක අයින් කරපන් නගේ . . මොකෝ එහෙම එකක් නැති නිසා .. හික් හික්

ෆා ද බ්ලොගී said...

හුටස්! මේක දැක්කේ දැන්නේ..! හෆොයි පිරිමි හිතේ ඉඩක් ගන්න එක මේ තරම් අමාරුද අප්පා!
:-(

Anonymous said...

මේ පොත පීඩී එෆ් එකක් නැද්ද සහෝදරී

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...