..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 22, 2010

෴ මා දකින පිරිමි ෴

හ්ම් ‍... අවිවාහක ගැහැණු ළමයෙක් වන මට හරිම බැරෑරුම් මාතෘකාවක්... ඒත් සිතේ දඟලන ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු සොයා ගන්නත් එක්කම තමයි මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ...

"ගැහැණු අඬනව දැකල තියෙද? ""අපෝ ඕන තරම්. ගැහැණු වැඩි හරියක් ඉන්නේ නාහෙන් අඬා ගත්ත ගමන් නෙ."
එතකොට පිරිමි - බොහොම අඩුයි අඩුනව. දරා ගැනීම දෙදරා ගියහම අඩනව.( ඒත් බ්ලොග් අවකාශයේ මම දැකපු පිරිමි පරාණ නම් හොටු පෙරා ගෙන අඩා ගත්ත ගමන්ම තමයි.අනන්‍යතාවය සැගවෙන නිසා අඩනව ඇති)
"එතකොට පිරිමින් ට දුක දැනෙන්නෙ නැද්ද. ?"
"ඇයි නැත්තෙ ,ලෝකෙ දුකින් ඉන්න ගැහැණුන්ට වඩා දුකින් ඉන්න පිරිමි තමයි වැඩි."
"එහෙනම් ඇයි එයාල දුකේදි නාඩා ඉන්නේ.....?"

දුක විතරක් නෙමෙයි... පිරිමි මූණ හැඟීම් ප්‍රකාශ කරනව හරිම අඩුයි. හිනා වෙනව හරිම අඩුයි. හැබැයි හිනා වෙන්න ඕන දේට නම් අනිවාරයෙන් හිනා වෙනව... ඒත් හැඟීම් ( දුක ,සතුට ,ආදරය, වේදනාව ,පාලුව ,තනිකම වගේ දේවල්)  නොපෙන්වා එකම මුහුණ පෙන්නන් ඉන්න පිරිමින්ට පුලුවන්...රාගය වුනත් පෙන්නන් අඩුවෙන්....හැබැයි ඉතින් අපරාදේ කියන්න බැහැ තරහ මුහුණ නම් මල් පහට පෙන්නනව...

පිරිමි අඩනව මට නම් බලන් ඉන්න බැහැ.මගේ තාත්තා අඩනව මම මගේ ජීවිතේටම දෙපාරයි දැක්කෙ. ඒත් තාත්තට හිතා ගන්න බැරි තරම් දුක් වේදනාවල් ආව වෙලාවෙවත් තාත්තා ඇඩුවෙ නැහැ. තාත්තා ඇඩුවෙ එක පාරක් මම මැරෙයි කියල බය වෙලා අනිත් පාර අපේ අම්ම ට අනතුරක් වෙයි කියල බය වෙලා.එදා තාත්තා මාව බදාගෙන ඇඩුව හැටි දැනුත් මතකයි. තාත්ත අඩනව දැක්ක මට මගේ සියලුම වේදනා අමතක වෙලා ගියා.....

මම තාත්තා ගැන කියන්නේ, මම මෙතෙක් කාලෙකට ආසන්නයෙන් ම දැකපු එකම පිරිමි කෙනා මගේ තාත්ත නිසයි.එක සැරයක් බොරු මිනීමැරුමකට මගේ තාත්තා ගෙනියන්න ආව වෙලාවෙ වත් තාත්තාගෙ දෑසෙ දුකක්, පසුතැවිමක් ,වේදනාවක් ,සිනහවක් කිසි දෙයක් මම දැක්කෙ නැහැ. හැබැයි එදා මම දෝරේ යන්න තරම් ඇඩුව. තාත්ත මගේ හිස අතගාලා කීවේ "ලොකු පුතේ මොනා කරන්නද ? මේ තමයි ජීවිතේ. මම වරදක් කරල නැහැ නෙ ළමයෝ "කියල විතරයි.

පාරේ තොටේ යන කොට නම් මේ වගේ පිරිමි අනන්තවත්...

හරි හරි.... දැන් මට දැන ගන්න ඕනි මෙච්චරයි....

අනේ ! මට කියා දෙන්න ,පිරිමි ඔයාල ඇයි එහෙම ඉන්නෙ.?අඩු ගානේ ආදරේ දැනෙද්දි හරි මුහුණෙන් ඒ බව පෙන්වන්න ඔයාලට බැරිද?
පිරිමි ලෝකෙම මට නම් ප්‍රහේලිකාවක්....

මම නම් කැමති පිරිමි ඔයාල මේ වගේ ඉන්නවටයි..

පිරිමි ලෝකයේ අතරමං වූ
මම
෴වත්෴

30 ප්‍රතිචාර:

කරුමක්කාරයා said...

අනෙ මන්නම් දන්නෙ නැ අප්ප ඔව්ව...

දිල් said...

මම හිතන්නේ මූලිකම දේ තමා පිරිමින් තුල තියෙන අභිමානය....ඔය අභිමානය නිතරම හිතට දෙන්නේ තමන් පිරිමියෙක් කියන එක..

හැබැයි කෑ ගහලා තමන්ගේ දුක පිට කර ගන්න පිරිමියෙක්ව මාත් දැකලා තියෙනවා ;)

ගීත් (සහෘදයා) said...

අපිටනම් හිතෙන්නේ ඕකේ අනිත් පැත්ත. ඇයි කෙල්ලෝ කොයි වෙලාවෙත් අඩාගත්ත ගමන් ඉන්නේ? අපි නම් ඉතින් නැව ගිලුනත් බෑන් චුන්. ඔය ඉදලා හිටලා විරහ ගීතයක් දෙකක් ලිවුවට කෙල්ල දමලා ගහලා ගියා කියලා මුස්පේන්තුවට අඩා අඩා ඉන්නේ මොන කරුමයක්ද? එක බස් එකක් ගියොත් පැයක් දෙකක් පරක්කු වෙලා හරි තව බස් එකක් එයි. ඒ බස් එකට නැගලා පස්සෙම සීට් එකට වෙලා පුංචි සිංදුවක් දෙකක් කියාගෙන ෆන් එකේ ඉන්න තමයි තියෙන්නේ. පොඩි පොඩි කරදර බාධක ආවත් ඒවා ඒ වෙලාවට වින්දා විදෙවුවා එතනින් ඉවරයි. ජිවිතේ කියන්නේ ඩිස්නිලන්තයක් ඒ කියන්නේ ෆන් ලෝ........කයක්.

වරක් නෙතග කදුළුැල් පිරැනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොන තරම් සුන්දරදො
දුකම කොයි තරම් සතුටක් දෝ


ෆන් තමයි

රවා said...

මම නම් ඔනැ තරම් අඬනවා, හිනාවෙනවා. කොටින්ම කියනවා නම් මම මාසෙකට සැරයක් හිතලම අඬනව.. මට අඬන්න හේතුවක් හොයන එක එච්චර ලොකු වැඩක් නෙමෙ.... හැබැයි කාටවත් මාව අඬවන්න බැහැ... මට හිතුනොත් විතරයි මම අඬන්නෙ .... දැන් අක්කාට ඔනා අපි අඬන්නද...? හිනා වෙන්නද..? ඔන්න දෙකටම හරියන්න... හී..හී...හී...හී..

Dar[K]™ said...

අනේමන්ද දෙගොල්ලොම එක වගේ තමා [ මම කිව්වේ මට දැනට ලැබිලා තියෙන අත්දැකීම් අනුව]

budhajeewa said...

ලංකාවෙ අනිත් හැම එකම වගේ ඇඬිල්ලත් ඉරි ගහ ගහ වෙං කරන්නෙ මක්කටැයි? ඕක රැඳිල තියන එකම සාධකේ ඒ ඒ පුද්ගලයාට තමන්ගෙ හැඟීම් ලෝකෙට කියන්න ඕනෑ තරම අනුව.

අඬන තරම අනුව දුකේ ලොකු පොඩි බව තීරණේ කරන්න බෑ. අඬන තරම අනුව තීරණේ කරන්න පුලුවත් තමංගෙ හැඟීම ලෝකෙට කියන්න ඒ ඒ පුද්ගලයට ඕන තරම. පොඩි කාරණේකට පෙරළි පෙරළි අඬන අය වගේම, බොහොම බැරෑරුම් දේවල් වලට අඬන්නේ නැතිව ඉන්න අයත් ගැහැණු පිරිමි බේදෙකිං තොරව දකින්න පුලුවන්.

ඔන්න ඕකයි කතාව!

නසරාණියා said...

අඬනවා කියන එකට වෙලාවක් අවේලාවක් වැඩක් නෑ. budhajeewa කිවුවා වගේ ඕවා එක එක්කෙනාට ඉරි ගහලා වෙන් කරන්න බෑ. ඒක මේ ලෝකෙ ස්වභාවධර්මය විසින් නිර්මාණය කරපු දෙයක්. සාමාන්‍යයෙන් කාන්තා පාර්ශවය පිරිමි අඬ්නවට අකමැතියි. ඇත්තටම පිරිමි අඬනකොට කැතයි. ඒත් කාන්තාවො අඬනකොට පොඩි ලස්සනක් නැතුවාම නෙවෙයි. ඒක නිසා තමයි කියමනක් තියෙන්නෙ " කාන්තාවකගේ කඳුලකටත්, කාන්තාවකගේ පපුවේ උනුසුමටත් ඕනෑම පිරිමියෙක් වෙනස් කල හැකිය" කියලා.
ආදරේ පෙන්නන්න ඕන වෙලාවට ආදරේ පෙන්නන්න ඕන.ඒත් හැමතිස්සෙම ආදරේ පෙන්නන්න ඕන නෑ. ඒ වගේම කවදාවත් කාටවත් උපරිම ආදරේ පෙන්නන්න හොඳ නෑ. තිබුනට කමක් නෑ. මොකද මෙච්චර කල් තිබුනු ආදරේට වඩා ආදරයක් බලාපොරොත්තු වෙන සමහර අවස්තාවන් එනවා. ඒ වෙලාවට අසරණ නොවී ඉන්න අපි ආදරේ පොඩ්ඩක් හංගලා තියාගෙන ඉන්න ඕන.

හෙළයා said...

ඔන්න මම හිනාවෙනවා

:) :D


සංවේදී වීම හා බැරෑරැම් වීම වම් මොළය හා දකුණු මොළය පාලනය කරන බවයි මම දන්නේ.
පිරිමියෙක්ගේ වම් මොලය හා දකුණු මොළය අධිවේගී මාර්ගයක් දෙපස තියෙන ගෙවල් දෙකක් වගේ. එකක අඳන් අනිත් එකට යන්න අමාරැයි.
නමුත් ගැහැණියකගේ එය ගම්බද පාරක් දෙපස තියන ගෙවල් දෙකක් වගේ. යන්න එන්න ලේසියි.

කොඩී said...

පිරිමි අඬන්නේ ම නෑ කියන්නත් බෑ. ඕන තරම් පිරිමි අඬනවා මං දැකල තියෙනවා. සමහර විට පිරිමින්ව ස්වභාවිකවම නිර්මාණය වෙලා තියෙන හැටි නිසා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට හැඟීම් හංගගෙන ඉන්න පුලුවන් හැකියාවක් තියෙන්නේ

:D

kumaraya said...

පිරිමි ලෝකෙම මට නම් ප්‍රහේලිකාවක් ....
මරු කියමන ...
අපිටත් කියන්න තියෙන්නෙ ඕකම තමයි ඕයි ...
ගැහැණු ලෝකෙම අපිටත් ප්‍රහේලිකාවක් ...

පුලුවන් නම් මේ කමෙන්ට් එකත් එදා එක වගේ මකල දානව. තමුසෙලාට කමෙන්ට් දාන අපිටයි ගහන්න ඕන.

Namal Susantha said...

@ගීත් (සහෘදයා) කියපු දේ නම් මල් හතයි.

කොල්ලෙක් අඬන්නෙ ජීවිතේටම එක පාරක් නැත්නම් දෙපාරක් විතරයි. මේ ජීවිතේ දුක අඬලා ඉවර කරන්න පුලුවන් නම් අපිත් ආසයි අඬන්න. ඇඬුවා කියල හම්බෙන ජිල් බෝලයක් නැනි. මොනවා වුනත් කෙල්ල අඬනවා දැක්කාම නම් මටත් පට්ට දුකයි. ඒත් මට නම් ඇඬෙන්නෙ නැ.......

ඩී.කේ. [DK] said...

ම්ම්ම්ම්ම්.... ඔක්කොටම ඉස්සෙල්ල කියන්න ඕන , අලුත්ම විදියෙ පෝස්ට් එකක්.. නව්‍යතාවය අගය කරමි.
පිරිමි කියන්නෙත් මනුෂ්‍ය වර්ගයක් නෙ.. ඉතිං අපිටත් හැඟීම් දැනීම් තියනව, අඬන්න ඕන වෙලාවෙ අඬනව හිනා වෙන්න ඕන වෙලාවෙ හිනා වෙනව , ඒක ප්‍රකාශ කිරීම පුද්ගලයා මත රඳා පවතිනව .
ඒක ගෑනු-පිරිමි කියල බෙදන්න බෑ. සාපේක්ෂව ගලපන්න ඕන කරුණක්...!!

indi said...

මම නම් මොනාහරි දෙයක් වෙන්න තියනවනම් මට දුකනම් කලින්ම අඬල දානව..එතකොට පස්සෙ ලේසියි....මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කීවම අපි මේක යාලුකමක් කරගමු කියල මම ඒ වෙලාවෙ ඇඬුවෙ නෑ...කලින් අඬන්න බැරි උන නිසා සතියක් පහු වෙලා ඇඩුවෙ...

ජංජාල චාමර said...

ඕක සමාජයෙන් කරන වරදක්.ලෝකෙන් කොල්ලන්ට උගන්නන්නේ අඬන්න එපා කියලා.ඕක දරාගන්න බැරුව සමහරුන්ට පසු කාලේක ලොකු ලොකු ප්‍රශ්ණ වලටත් මුහුණ දෙන්න වෙනවා.

ඕවා කියලා වැඩක් නෑ!සමාජය අන්ධයි!හිනාවෙන්නේ අවශ්‍ය දේට නෙවෙයි!කොල්ලෙක් ඇඬුවොත් ඌට හිනා වෙයි ඌ ගෑණියෙක් කියලා!ඕක ගැන ලිපියක්ම ලියතෑකි!ඒත් වැඩක් නෑ!

"හරක් මොලවලට පුන්නක්කු මිසක් , ෆලූඩා හරියන්නේ නෑ!!"

änthräX said...

අයියලා මල්ලිලා කියන්නේ දණ බඩ ගාන කාලෙ ඉදලාම ඇම්ඩන්ලා/කාපාලුවොනෙ. මොනා හරි ඕනා උනාමත් අඩලා දිනන්නෙ, ඒපානම් ඒත් අඩලා. ඒ මදිවට කරන කුපාඩි කම් වලට ගුටිකාලා අඩන ඒවා? ඒවගේද අක්කලා නංගිලා? හැම දේම ෂේප් එකෙන්නෙ ;) ඉතිං කල් යද්දි කල් යද්දි ඇඩෙන්න එනකොට හිතෙනවා 'අපෝ මේකට අඩලා වැඩක් නෑ' කියලා. ඉතිං අඩන්න වෙන්නෙ හෙන කලාතුරකින්.

.::පිස්සා::. said...

මේක මේ අපේ රටේ මිනිස්සුන්ගේ සිතිවිලි වල පුරස්නයක්.. කොටින්ම කිව්වොත්
පඩ ෂෝ එකක්.. මෙහේ හැම එකාම යස අපූරුවට අඩනවා, වැලපෙනවා, ආදරේ කරනවා..

තමුන්ගේ හිතට ඇතිවෙන හැගීම් පිට කරන්නේ නැතුව ඉවසං ඉන්නේ අහවල් මඟුලටද? මම නම් ඉතිං කෑගහලා අඩනවා, හිනා වෙනවා, බනිනවා,වෙලාවකට අතිශය රොමෑන්ටික් වෙනවා.

අසි... said...

මම නම් කටවත් පෙන්න නැතිවෙන්න ඕන තරම් අඩනවා....එත් බොරැවට නන් හිනාවෙන්නේත් නෑ.....සිනා සෙනතූරැ සිනා වෙන්නනෙමු..... සිනා එනතූරැ නෙත් දෙකෙන්.....ඇයි හඩන්නට නොහැකි අප හට සිනා එන තූරෑ නෙත් දෙකෙන්......

SRI MANJULA said...

ඩිංගක් හඬින් ගියොතින් වාතයක් අනේ
ගැහැනුන් හඬයි ලෙස මන්ද්‍රී දේවි වනේ
හිස් ගෙඩි තුල කඳුලු පුරවා තිබෙන මෙනේ
පිරිමිත් හැඬුවොතින් මෙලොවට කාගෙ සෙනේ???

බැන්නත් නොබැන්නත් වෙන කෙරුවත් මක්ක
අපහට හැරෙන්නත් බෑ ගැහැනුන් එක්ක
මොකටද අඩන්නේ ???? ඇත්තකි අත් දැක්ක
ගැහැනුන් අඬනවනෙ පිරිමින්ටත් එක්ක!!!

ගැහැනුන් මවා ඇත ලොව දිස්නයක් කොට
උන් මොනවා කළත් එය හැඩයකි අපට
ළඳකගෙ කඳුලෙ තව පැත්තක් පෙනේ මට
වැඩියෙන් සුන්දරයි ගැහැනුන් අඬන කොට

ගැහැනුන් ගේ දුකත් අරගෙන තම හිසට
නාඬා ඉන්න වැඩිපුර ශක්තියක් කොට
පිරිමින් කර අපව මේ ලෙස මැවුවාට
ස්තුති කරමු ඒ මහ දෙවි උතුමන්ට!!!

ෆා ද බ්ලොගී said...

හෆොයි මගේ ලොකුම වීක් පොයින්ට් එකක් තමා ඔය.. මට සමීප පිරිමි පරාණ අඬනවා බලං ඉන්න බැරි කම..පිරිමි පක්ෂය කොහොමත් අභිමානවත් කට්ටියක් නේ..සමහර විට ඒ නිසා වෙන්න ඇති. එයාලා හැඟීම් එළි කරනවට වඩා හංගගෙන ඉන්න එකෙත් ගුප්ත සුන්දරත්වයක් තියෙනවා නේ..

Ravin Caldera said...

පිරිමින්ට දුක හිතෙනවා. ඔවුන් අඬනාවා දොඩනවා. එහෙත් අප තේරුම් ගත යුත්තේ ගැහැනු පිරිමි දොගොල්ල එක සමාන ගති ඇත්තෝ නොවේ. ඔවුන් වෙනස් ගති ගුණ ඇත්තන්. විවා වී පවුලක් නඩත්තු කරමින්, ජීවිත ගමන ගැට ගසා ගැනීමට දැඩි බව, නොසැලීම, දෘඩ බව අවශ්‍යයි. ඒ ගුණ දෙවිඳුන් ඔවුන්ට දී තිබෙනවා. එසේ ම අනෙක් අතට, දරුවන් ගේ අවශ්‍යතාවන් දැනේන්න ඔවුගේ දුක් වේඳනා හඳුනා ගැනීමකට මවකට පුළුවන්ග ඒ ගුණ ඇතිව ගැහැනුන් හදේ මොලොක් ගුණ දී තිබෙනවා. එබැවින් එක්නෙකාගේ වෙනස්කම් ගැන ‍දොස් නොනඟා, ඒ වෙනස්කම් තේරුම් ගෙන ජීවත් වීම තමා නියම ජීවත් වීම...නැතිව පිරිමියා ගැහැනිය කිරීම වත්, ගැහැනිය පිරිමියා සේ කිරීමවත් හෝ ඒ වෙනස්කම් බලා දොස් නැගීමවත් අරුත් විරහිත දෙයක්...පිරිමියාත්, ගැහැනියත් මට නම් දේව වරප්‍රසාදයක්...ඒ ගුණ, වෙනස්කම් අගය කළ යුතු යි.

Madhuka said...

ප්‍රශ්න වලට මුහුණ දේන විදිහයි. සමහරැ ප්‍රශ්න වලදි සිතනවා, අඩනවා, සිනාසේනවා මන්ද තමා ලද අත් දැකිම්.

Confiuzd ප්‍රෝග්‍රැමර් said...

මට නම් ඔය හැම දේටම පෙන්නන තියෙන්නේ එක මූනයි .ඉතින් ඒක පෙන්නනවා ..දකින අය හැගීම් වෙන්කරලා බලා ගන්න ඕනෙ

අනුරාධ said...

ගැහැණියෙක්ට පිරිමි ලෝකය තේරුම් ගන්න අසීරු ඇති. නමුත් පිරිමියෙක්ට පිරීමි ලෝකය තේරුම් ගන්න පුලුවන්. හැබැයි, මන් දන්න ත‍රමට ගැහැණු ලෝකය ගැහැණියෙක්වටවත් තේරුම් ගන්න බෑ .

ඉන්දික උපශාන්ත said...

ඕකට මුලත් ගෑනු ම තමයි. අපි පොඩි කාලෙ අඬනකොට අම්ම කියන්නෙ " අපෝ ලැජ්ජ නැද්ද මේ කොල්ලෙක් වෙලත් අඬන්නෙ " අපි ටිකක් හුරතල් වෙනකොට කියන්නෙ "ගෑනු ළමය වගේ නැතුව අන්න අරහෙට වෙලා ඉන්න" වගේ හැඟීම් ප්‍රාකාශනය මොට කරන ප්‍රතිචාර. ඒ වගේම ගෑනු ළමයින්ට හිමි වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඒ ගොල්ලෙ ගස් නැග්ගොත්, එකට එක කියෙව්වොත්, ගහ ගත්තොත් වෙන්නෙ " මේ උඹ කොල්ලො කරන ඒව නොකර ඔන්න ඔහෙට වෙලා ඉඳින්" කියන එක අහ ගන්න. අර අලියගෙ දම්වැල වගේ මේවට අපේ ජීවිතය පුරාම භය වෙලා ඒ අනුව හැසිරෙනව. ඒකයි අර "පිස්ස" කියනව වගේ අපේ කොල්ලො ගොඩක් එහෙම වෙන්න හේතුව. හැම තිස්සෙම යටි හිතේ තීනෙ "ඕනාවට වඩා හැඟීම්බර වීම පිරිමිකමට තරම් නොවේ" කියන දෙයයි. ඉතින් තමන්ගෙ අනන්යතාව වහගෙන බ්ලොග් අවකාශෙ අඬනව.

priyantha.ඒබී said...

මම නම් හිතන්නේ හෙතුව මේක කියලයි. මං හරියටම කියන්න දන්නේ නෑ. එත් පිරිමි අය සෑම විටම බලන්නේ තමන්ගේ සතුට අනෙක් අයත් එක්ක බෙදා ගන්න. ඒත් තමන්ගේ දුක තනියම දරා ගන්න. හැබැයි කෝපය කියන්නේ ඊට වෙනස්. මන් දන්නේ නෑ ඒකටනම් හෙතුව.

ශාන් said...
This comment has been removed by the author.
දුකා said...

ඩොක්ටර් ප්‍රියංග ඩි සිල්වගේ ගැහැනු ලොව පිරිමි ලොව පොත කියවන්න වත් . . ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි . . මේ පොත කසාද බඳින හම ගැහැනියෙක්ටම පිරිමියෙක්ටම අනිවාර්ය පොත කරන්න ඕන හරි නම් . ..


http://www.lanka.info/shops/booksStore/SrilankaBooks_Preview.jsp?id=book00462&authorName=Priyanga

දුකා said...

සමාවෙන්න කතෘගේ නම ප්‍රියංග ඩී සොයිසා වෙන්න ඕන . .

දුකා said...

සමාවෙන්න කතෘගේ නම ප්‍රියංග ඩී සොයිසා වෙන්න ඕන . .

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

මේ ගැන කියන්න වෙනම හම්බෙන්න වෙනවා... මේක තනිකර පාඩමක්.. බ්ලොග් පෝස්ට් එකකින් මේක පැහැදිලි කරන්න නම් බැරි වෙයි..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...