..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, June 21, 2010

෴ ආදර හැඟුම් ෴

Fantasy girl Pictures, Images and Photos

ඉස්සලාම ආදර හැගීමක් දැනුන දවසෙ මට ඒ බව දැනුනෙ මගේ බඩේ සමණළයො පියාඹනව වගේ . ඒත් දුකක් ඉතිරි කරල ඒ හැගිම කෙමෙන් කෙමෙන් වියකිලා වියලිලාම ගියා........ සමහරු මම දැකල තියෙනව නැතිවූ දේ ගැනම හිතල තැවි තැවි දුක් විඳිනව. ජීවිතේ කාලකණ්නිකර ගන්නව... ඒත් කාලයත් එක්ක ඒ හැම කඳුළක්ම වියකෙනවා.....
මාත් ඒ කාලේ අර මගේ බඩේ හිටිය සමණල්ලු ටික අල්ලල කූඩුවක දාලා දූර වනාන්තරයක ගිහින් දැම්ම. මට මා සමඟත් සමණල්ලු සමගත් තිබ්බේ පුදුමාකාර තරහක්.....
ඒත් ඒ සමණල්ලු ආයෙත් මුදා හරින්න කා‍ලය ඇවිත්......
මල් වල සියුම් සුවඳ විදින්න , මල් ගොමු අතර සැරිසරන්න ආයෙත් කාලය ඇවිත්......
සමණළ හැඟිම් වලින් තොරව නියම ආදරේ දකින්න පුලුවන් වයසට මම දැන් ඇවිත්..... ඒ නිසා සමණල්ලුත් එක්ක දැන් මම තරහ නැහැ....
මට එදවස ආදරේ කියා දුන්න ඒ වගේම වෙන්වීමේ දුක කියා දුන්න නුඹ එක්කවත් මම කවදාවත් තරහ නැහැ.....
හැමදාම නුඹට ස්තූතියි
ආදරේ කියන්නේ ආදරේ මිසක් වෙන මුකුත් නෙමෙයි
ආදරේට දුක සුසුම කඳුළ එකතු කරන්නෙ අපිමයි...
ඒක අපේ වැරුද්ද මිසක් ආදරේට දොස් කියන්න නරකයි
ඉතින්
 ආදරේට ආදරේ කරමු

ආදරේට ආදරේ කරන
මම
෴වත්෴

32 comments:

  1. අලුත් concept එකක්... බඩේ සමනල්ලු....... හ්ම්ම්ම්ම්ම්ම... ඒකත් නරකම නෑ...

    පරිස්සමින් සමනල්ලු අතඅරින්න වැරිදි මලක වැහෙව්වොත් එහෙම ඒ නිසා හොදින් බලා ගන්න වෙනව.....

    හරි මලකම වහන්න ලැබෙන්න කියල සුභ පතනව......:D :D

    ReplyDelete
  2. මටනම් හරියටම මතකනෑ සමණළයොද නැතනම් මාළුද දැගලුවේ කියලා... ;)
    ඒත් එදා එයාගේ කැමැත්ත ලැබුණු දවසේ නම් රෑ නින්ද ගියේම නෑ මට.... :)
    ඒ දැනුනු සතුටට වෙන්න ඇති....
    දැනුත් සමහර දවස් වලට මුලු රෑම නින්ද නොයන දවස් තියේ...ඒ සතුටකටනම් නෙවේ...එයා මගෙන් ඇත් වුන දුකට.... :'(

    ReplyDelete
  3. ම් ම් ම් ම් දුක සතුට මිශ්‍ර හැඟීමක් දැනුනේ මට නම් . . ..

    ReplyDelete
  4. සමණල්ලු......
    නොපෙනෙන තුරු ඉගිල යන්න
    නො එන්න මාවෙතට නැවත
    ඔබට පියාඹන්න දසත
    නැතේ කිසි ඉඩක් මා හිත......

    ReplyDelete
  5. සන්තෝසයි සන්තෝසයි

    ReplyDelete
  6. අඩේ මට නම් මුලින්ම ආදරය දැනුනම , මට දැනුනේ ම්ගේ බඩේ පණුවෝ පිනුම් ගහනවා , මොකද මට ඔහොම ආඩරයක් මුලින්ම එන්නේ කැම දැක්කාම ~(* විහිලුවක් හහොඳේ කලේ , දැන් කට්ටයම කියන්න එපා මෙතැන ඉන්න එකම බඩජාරියා මම කියලා !!! :P) ; අනේ ඉතින් අපිට අක්කට දැනිලා තියන ආදරයක් තාම නම් දැනිලා නෑ , ඒක නිසා ඒක කොයි වගේද දන්නේ නෑ !!

    ReplyDelete
  7. හ්ම්ම් ලස්සන අදහසක්...

    ආදරේ කියන්නේ ආදරේ මිසක් වෙන මුකුත් නෙමෙයි
    ආදරේට දුක සුසුම කඳුළ එකතු කරන්නෙ අපිමයි...
    ඒක අපේ වැරුද්ද මිසක් ආදරේට දොස් කියන්න නරකයි

    ReplyDelete
  8. හ්ම්ම් ආදරේට ආදරේ කරමු... අහලා හුරු වචන ටිකක්...

    ReplyDelete
  9. ඔය සමණල්ලූ effect එක නම් මටත් උන වගේ මතකයි. වැටිල නැගිටින්න හදන අයට නම් වටින නිර්මාණයක්

    ReplyDelete
  10. අහ් සමනළ්ලු කතාවනම් කොහෙන්හරි අහල පුරුදු සීන්ස් එකක් තමා තියෙන්නෙ......... ඒක අමුතුම හැඟීමක් නොවෑ. මගේ ලෝකෙන්නම් ඔය සමනළ්ලු දැන් පේන්නවත් නෑ :(

    ReplyDelete
  11. ම්ම් ටැස්ටින් එකක් කරලා බලන්ට ඔනේ... නමුත් ඉතින් කෝ මෙවට ආම්පන්න ?

    ReplyDelete
  12. ආදරේ හරිම අමුතුයි....

    මම දකින්නේ ලක්ශදෙකක් එක්කල රෙකාවක් විදිහට...ආදරේ රේකාවක්නම්......එක් ලක්ශයක් නැතිවුනොත් රේකාවකට පවතින්න බැහැ.....

    අක්කී ඉක්ම්ම්නටම රේකාවක් අදින්න... අලුත් ලක්ශයක් තියන්වානේ

    ReplyDelete
  13. දුකත් සැපත් නො අඩුව නිරතුරු බෙදන
    ඇවිත් ගියත් සමහරෙකුට නොම හැ‍ඟෙන
    අඬත් බොහො දෙනා නොලබී ගිය බැවින
    නුඹත් ආදරේටම ආදරේ කරන

    ReplyDelete
  14. පෙර පෙම් පුවත් හද තුල සිහිනයන් රකී
    ඒ පෙම් සිහින දිවි මග සුදු මල් වැලකී
    පෙම් සිත වෙනස් වන එක නම් සුලු දෙයකී
    පෙමකට බැඳුන පෙම නොමියෙනු ඇත වියැකී

    (ඉතාම රසවත් අදහස් ටිකක් වත්)

    ReplyDelete
  15. මෙය ලස්සන සමණල කතාවක්. සමණල්ලු සැමදා ම අප සමඟ ඉන්නවා නේ...

    ReplyDelete
  16. @ Pasan
    සමණලයන් ඉතින් හැම මලේම හැඩ බලනවනේ..

    @ ෴ හසියා ෴
    හසියෝ... නින්ද යන්නෙ නැත්තම් ඒ වෙලාවට පොතක් පත්තරයක් බලන්න.. එතකොට දඩින් බිඩින් ගාලා නින්ද එනවා... අතහැර ගිය අය ගැන සිතලා කුමන පලක් ද?

    @ දුකා
    හරි. මටත් එහෙමයි. දැනුන දුකත් සතුටක්ම තමයි.

    @ හා පැටික්කි(MS)
    හා පැටික්කිට නම් සමණලයන් නිතරම මුණ ගැහෙනව නේද

    ReplyDelete
  17. @ Hasitha ජයසූරිය
    අප්‍රමාණ සන්තෝශයි... සුබ උපන් දිනයක් හසියෝ..

    ReplyDelete
  18. @ හිඟන්නා
    ආදරේ හිඟලා නැද්ද හිඟන්නෝ... පනු බේත් බොන්න....

    ReplyDelete
  19. @ පබලු
    ස්තූතියි පබලු

    @ හසී
    මම හිතන්නේ හසී අපි වැඩිපුරම අහන වචනෙත් ආදරේ වෙන්න ඇති.

    @ කොඩී
    සමණල්ලු ඉපෙකට් එක... අමුතු අදහස්...

    ReplyDelete
  20. @ පබලු
    ස්තූතියි පබලු

    @ හසී
    මම හිතන්නේ හසී අපි වැඩිපුරම අහන වචනෙත් ආදරේ වෙන්න ඇති.

    @ කොඩී
    සමණල්ලු ඉපෙකට් එක... අමුතු අදහස්...

    ReplyDelete
  21. Let them free,
    all those butterflies,
    You thought that you left them caged in a jungle afar,
    But actually they were imprisoned,
    In your own mind.... all this time,
    So..... let's release them,
    All of them, every single one,
    Forever,

    Remember,
    Starting afresh,
    Is the most important of all,

    And,

    Best wishes,

    May shining,flutteing butterflies,
    Be with you...... always

    ReplyDelete
  22. @ ජංජාල චාමර
    ස්තූතියි.....

    @ ජේ.ඩී
    සමණල්ලු අවාරේ එන්නෙ නැතිව ඇති මල්ලියො..ආයෙත් දවසක ඒවි...

    ReplyDelete
  23. @ Bunny !
    බඩ කපල සමණල්ලු අල්ලන්නද හදන්නේ... අනේ හා පැටියෝ.. ඔයා පැටිය කාලේ ටිවී එක කැඩුවලු නේද ඒකේ ඇතුලෙ ඉන්න මිනිස්සු හොයන්න ගිහින්...

    @ ඉලංදාරියා
    ආදරේ රේඛාවක් නොවී වෘත්තයක් වෙනව නම් හොඳයි.. එතකොට ආදරේ ඉවර වෙන්නෙ නැහැ නෙ

    ReplyDelete
  24. @ Bunny !
    බඩ කපල සමණල්ලු අල්ලන්නද හදන්නේ... අනේ හා පැටියෝ.. ඔයා පැටිය කාලේ ටිවී එක කැඩුවලු නේද ඒකේ ඇතුලෙ ඉන්න මිනිස්සු හොයන්න ගිහින්...

    @ ඉලංදාරියා
    ආදරේ රේඛාවක් නොවී වෘත්තයක් වෙනව නම් හොඳයි.. එතකොට ආදරේ ඉවර වෙන්නෙ නැහැ නෙ

    ReplyDelete
  25. @ විහඟ ගීතය
    බිසී නිසා හමුවනු නොහැකිව තැවෙන
    වරක් දෙකක් නොව සැමවිට සිහි නැගෙන
    නැතත් ලඟින් උණූසුම නිතරම දැනෙන
    ඇවිත් යන්න නොහැකිද සුවඳත් රැගෙන

    ReplyDelete
  26. @ SRI MANJULA
    පෙමට පෙමින් ඉන්නා
    කෙනෙක් මට හමුවෙන්නා
    සිනා මල් සුපිපෙන්නා
    දිනක් ලඟදිම උදා වෙන්නා

    ReplyDelete
  27. @ Ravin Caldera
    ඉතින් අපෙ අයියා, අර කමිසෙත් ඇදන් ගියපු වැඩේ ගොඩ ලු නේද... හරිම සතුටුයි... කේක් දෙනවද අපිටත්

    @ Ravi
    තැනක්යූ රවී.ඔයා හරි ලස්සන දේවල් ගොඩක් ලියල.. මගේ කලින් පෝස්ට් එකකටත් ලියල තිබ්බ ඔයා... ස්තූතියි ගොඩක්...

    ReplyDelete
  28. සමනල්ලු හැඟීම නම් මාරම මාර එකක්

    ReplyDelete
  29. බඩෙ සමණල්ලු ටික අල්ලන් ඉක්මනට හදවතට කිට්ටු කරගන්න. නැත්නම් උන් ටික ආපහු එන එකක් නැහැ.

    ReplyDelete
  30. නගා ගේ අළුත් බලාපොරොත්තු වලට මගේ සුබ පැතුම්..අර ඉලOදාරියගේ රෙඛා වයි ආදරෙයි සමාන කරපු එකනම් මට හරි ගියෙ නැ..මොකද රෙඛාවක් කියන්න්නේ ලක්ෂ ගොඩක එකතුවක්..එතකොට ලක්ෂයක් කියන්නේ මොකක්ද කියලා අහන්න එපා..මොකද ලක්ෂයක් කියන්නේ රේඛා දෙකක් කැපෙන තැනක් නිසා..ආදරේට difinition නැ වගේ..ගණිතයෙත් ලක්ෂයටයි, බින්දුවටයි difinition නැ..තිබ්බත් එවා සාර්ථක නැ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...