..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, June 17, 2010

෴ කවදා නුඹ ඒවිද මන්දා ෴



දෙමලිච්චන් රංචු ගැසී ගීත ගයනවා
නුඹයි මමයි ගැනදෝ මන්දා
සුවඳ හමන රෝස කුසුම් පිපී දිලෙනවා
වෙදාටත් තිබුනිද මන්දා

සෝක සුසුමු දුක් කඳුළැල් තිබුනිද මන්දා
සතුටින් සිත ඉපිලී යනවා
මේ හසරැල් නුඹ ගෙනාවේ කවද ද මන්දා
මගේ ලොවම සුවඳ හමනවා

අද වගේම සුවඳ හෙටක් නුඹෙන් පතනවා
නුඹ මට හිමි වේවි ද මන්දා
සිතට සිතින් නුඹයි මමයි කතා කරනවා
අත්වැල් පැටලේවි ද මන්දා

අනේ මන්ද කිය කිය ඉන්න 
මම
෴වත්෴

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දෙමලිච්චන් ගිත ගයන අතරේ..
    සුවද හමන රොස මල් අතරේ

    පියබන සමනලුන් ‍රැන් අතරේ...
    නුබ සෙනෙහස අයදිනවා මිතුරේ

    ReplyDelete
  3. ආව් අම්මා......ලස්සන පද ගැලපීමක්. මල් 7 යි

    ReplyDelete
  4. ගී ගයන්නේ දෙමලිච්චි
    වැටෙන්න එපා අතු වේලිච්චි
    තනි ඇයි තංගච්චි
    ඉවසාපන් බැඳෙන තුරු රන්හූයක් යා වෙච්චි

    ReplyDelete
  5. මල් 7යි තමා..මැක්සා...ඒත් අක්කෙ ඔය බර කේස් නම් තේරෙන් නැතුවා

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...