..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 15, 2010

෴ බැස නොයන්න මා සිත් අහසෙන්෴


යන්නට ඕන මම දැන් ආපසු ගමන
හෙට හමුවෙන්න සමුගමුදෝ අප සබඳ
 
සුවඳයි නුඹේ විසිරී ගිය කෙස් කළඹ
ගුලි වී ඉන්න තව මොහොතක් මට දෙන්න
  
තුරුලෙන් මිදෙන්නට  මට අවසර දෙන්න
උණූසුම සිතේ දවටාගෙන නුඹ යන්න

පෙර ඉම පෙනෙන හිරු සේ නුඹ සමුගන්න
ඒ හිරු මෙන්ම හෙට දිනයෙත් යළි එන්න


බැස යන හිරු දෙස තනිව බලා සිටින 
මම
෴වත්෴

8 ප්‍රතිචාර:

හසියා said...

මේ පද පෙලයි...දාලා තියෙන පංතූරයයි දැක්කකාම, මාව අවු.3ක් විතර පරණ මතකයකට ගෙන ගියා කියලා දැනුනා.අක්කියා මගේ හිත කියෙව්වද මන්ද?

ජංජාල චාමර said...

බැස යන හිරු යළි එනතුරු ඉවසන්න
හෙට අයෙමත් හමුවෙමු මේ විලසින්ම

ලස්සනයි කවිපෙළ...

ඉලංදාරියා said...

බැසයන හිරුත් එක්ක
දිය‍රැලි ගන්නින්න ඔබත් එක්ක

හිතේ උනුසුමත් අරගෙන
ඔය ගතට ගුලිවෙන්න

දොරේ ගලන සෙනේහසින්
නුබේ සිතල වත නාවන්න

මම බලන් උන්නා
හිරු ආයේත් නැග ඇවිත්
ඒ මොහොත මට දෙන්න....


ලස්සනම ලස්සන පද ටිකක්...අක්කියො...මම කොහේදෝ පාවෙනවා වාගේ...

wath said...

@ හසියා
කාගෙත් හිත් වල කොහේ හරි කොනක තියෙන/ හෝ තිබුන දෙයක් තමයි හසී පැටියෝ මම ලීවේ..
ස්තූතියි හසී ....

wath said...

@ ජංජාල චාමර
ම්ම්.... ජංජාල චාමර ..ජංජාලේ ඔයා මුකුත් ලියන්නෙ නැද්ද.... මේ මම ඇහුවේ ජංජාල චාමරට ජංජාලේ ඉඩක් නැත්තම් වැඩක් නැහැනේ...
බ්ලොග් එකක් ලියනව නම් ලින්ක් එක දෙන්න..

wath said...

@ ඉලංදාරියා
හෝව් හෝව් හෝව්.... බිමට අඩිය තියන්න මල්ලියා... නැත්තම් පාවෙලා ගිහින් කොහෙ නවතීවිද දන්නෙ නැහැ ....

මින්දද said...

ලස්සනයි... හුඟ දෙන්ක් විදලා තියෙන අත්දැකීමක් අක්කා අකුරු කරලා තියෙන්නෙ. මටනම් ඔතනට මදි අන්නාසී කාරයොයි, බැලුන් වෙලෙන්දොයි විතරයි..

roylyfernando said...

හ්ම්ම් අනේ මන්දා :)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...