..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, June 14, 2010

෴ දොර අරින්න ෴


 මල් පොකුරක් තුරුල් වෙන්න බලන්න ඉන්නවා
ඒ වගේම සොඳුරු නෙතක් දුකින් සැලෙනවා
දොර අරින්න මැ‍ණිකේ මම සොවින් තැවෙනවා
සුවඳ හමන ආදරයක් කතා කරනවා

මල් පොකුරේ අයිතිකාරිය
හෙවත්
දොර අරින්නෙ නැති
මම
෴වත්෴

14 comments:

  1. දොරෙ අරින්න ආසයි මගෙ
    දෙනෙත හඩනවා
    නුඹ දකින්න පෙරුම් පිරූ
    සිත නළියනවා
    තව මොහොතක් පමා වෙයන්
    මම දුව එනවා
    මල් පොකුරම තුරුලු කරන්
    මා නුඹෙ වෙනවා

    දොර අරින්නට ආස උවත් හිතුවක්කාරකම නිසාවෙන් දොර වහගෙන ඉන්න වත්ගේ සිත කියවු

    මම
    පසන්

    ReplyDelete
  2. අනේ ඉතින් මට ඔය ලව් සීන් තාම නෑ නොවෑ , ඉතින් ඕවා ගැන වැඩි යමක්......????

    ReplyDelete
  3. හෆොයි මටත් ඔහොම වෙවිද කියලා දැන්නම් බයක් දැනෙනවා වත් අක්කෙ :-(

    ReplyDelete
  4. මට දැන් හොදටම පිස්සු හැදෙනවා අක්කා ගැන කල්පණා කරන්න ගිහින්, මල්ලි කෙනෙක් වුනාම අක්කා ගැන හොයන්න ඔනා, බලන්න ඔනා, දුකෙ දිත් සැපෙදිත් ලඟ ඉන්න ඔනා, අක්කව ආරක්ෂා කරගන්න ඔනා.. එව්වා යුතුකම් නෙ.. එත් ඉතින් බ්ලොග් එකෙ දාන එවා දැක්කහම මෙ මල්ලිට හිතා ගන්නත් අමාරුයි.. අක්කා මොනවා ගැනද මෙ ලියන්නෙ කියලා
    ..

    හරි හරි.. අක්කා ජිවත් වෙලා ඉන්නවා කියලා දැනගත්තු එකත් ඇති.. අපි ගියා...

    ReplyDelete
  5. හෆෝයි එක පාරක් දොර ඇරල කරගත්ත දේ හොදටම මතකයි....ආයේ දොර අරින්න ගිහින් මොන මොන පරිප්පු කන්න වෙයිද දන්නෑ....
    ඒ හින්ද ඕනිම නෑ....

    වත් අක්කිට දොර අරින්න සීතේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......මුරණ්ඩුකම පොඩ්ඩක් අඩු කරගත්තනම් චෝයි අක්කි බබා.....
    :DDDDD

    ReplyDelete
  6. අයියෝ අක්කෙ ඒක කැත වැඩේ...එයා පව්නේ :D:D

    ReplyDelete
  7. දොර අරින්න දැන්....
    මල් පොකුර පරවෙන්න කලියෙන්
    නුබ වෙනුවෙන් බලන් ඉන්න
    සොදුරු සිතට ඉඩ දෙන්න...
    ඔය සුවද නිමෙන්නට කලියෙන්......

    ReplyDelete
  8. බලන් ඉන්නකෝ.. කවදා හරි ඔයාම දොර අරීවී අක්කේ...

    ReplyDelete
  9. ඔබ නිසා
    වහපු දොර
    කිමට අරිනෙම්ද මම???
    ඔබ අතැති මල් පොකුර
    මගේ නොවෙයි අන්සතුය.......

    ඔය කිව්වට අක්ක දොර අරිනවා............ මල් පොකුරත් ගන්නව නේද අක්කියෝ.......

    ReplyDelete
  10. බලාපොරොත්තුවෙන් සිටින,හිතේ ඉන්න කෙනා නෙවිද ඇවිත්තියෙන්නෙ??අනේ මන්දා මට නම් ඔයාගේ හිත තේරුම්ගන්න බෑ..
    ආ ඒක එහෙ ම වෙන්න එපැයි...මොකද මම කව්ද කියලාවත් තවම මම නොදන්න එකේ...ලස්සන කවිය..
    ජයවේවා!!!

    ReplyDelete
  11. හා.... දැන් නම් දොර අරින්නම වෙනව. කට්ටිය ගොඩයි. තේ හදන්න සීනිත් නැහැ ද කොහෙද..

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. O n the threshold of your heart,
    P ersonifying your endless dreams,
    E ternally waiting, I would be
    N othing would make me go away,

    P erhaps one of these days,your
    L onely heart would feel my
    E ndless, fragrant love,
    A nd
    S ure as the sunrise tomorrow,
    would blossom
    E nding this solitude, forever,as
    destined to be ...... always

    ReplyDelete
  14. Send me the warmth of a secret smile

    To show me you haven't forgot

    For now and forever, that's always and ever

    Honey, little things mean a ලොට්

    ඈත්තටම ඔයා කියන කතාව ඈත්ත

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...