..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, June 16, 2010

෴ වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී ෴


මුලින්ම කියන්න ඕනි මේ මගේ නිර්මාණයක් නම් නෙමෙයි.... රොහාන් ශාන්ත බුලේගොඩ මහත්මයා ගායනා කරන සුමිහිරි ගීතයක්....මේ දවස් වල මගේ හිතට හරිම සමීප බවක් මේ ගීතයේ දැනුන..ඉතින් මට ඒ සමීපබව ඔයාලත් එක්කල බෙදා ගන්න හිතුන... MP 3 එකක් සොයා ගන්නත් බාගන්නත් හිතන් හැමතැනම සෙවුවවත් සොයා ගන්න බැරි වුනා....දන්න කියන කෙනෙක් ඉන්නව නම් ලින්ක් එකක් දෙන්න....ගොඩක් ස්තූතියි .....ආදරේ කරන එක වගේම ආදරේ නිසා හිතට දැනෙන දුකෙත් සියුම් මිහිරක් තියෙනව නේද ..........



මලට මුව තියා
මල් මත බඹරුනුත් ගියා 
විලට මුව පොවා 
දිය බිවු සාවුනුත් ගියා
සුමුදු බස් කියා
තොල් මත හාදුවක් තියා
දුරක නුඹ ගියා
මේ හැටි මටම දුක තියා
අහස නුඹ වගෙයි
මා හා ආදරෙන් සිටියි
පොළව මා වගෙයි
ලතැවුල් දරාගෙන ඇතී
නියං සැර වැදී 
හද මිහි මඩල ගිනි වදී
වැස්ස වී වඩින් 
මා වෙත තවත් දුක නොදී

නියං සැර පොළවට වැස්සක් වී නුඹ වඩිනකම්
බලා සිටින 
මම
වත්෴

6 comments:

  1. හරිම ලස්සන පද කැටි උන ගීතයක් වත්. මම හුගාක්ම ආස බුලේගොඩගේ හඬට...ඒ හඬ වචනත් එක්ක එකතු උනාම හදවත් අවදි කරනවා...

    ස්තුතියි ඔයාට අපිත් එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  2. මමත් බොහොම කැමතියි මේකට! මෙන්න ලින්ක් එක


    http://www.lktunes.com/catalog/rohan_shantha_bulegoda/Malata%20Muwa%20Thiya.mp3

    ReplyDelete
  3. @ දිල්
    ස්තූතියි දිල්

    @ වැම්පයර්
    ස්තූතියි වෑම්පයර්.... ඒකනෙමෛයි... ඩ්‍රැකියුලා කියන්නෙත් වැම්පයර්ස් ලාටමද.....

    ReplyDelete
  4. ලස්සන සින්දුවක් මමට ඕක ඇහුවා මතකයි.....ආයේ කවදාකවත් ඔය සින්දුව මම අහන්නේ නැතිවෙයි.....කවදාකවත්ම.....

    ReplyDelete
  5. හ්ම්..ඇත්තටම වැම්පයර්ස් ලාගේ ප්‍රධානියෙක් තමා ද්‍රැකූල් එහෙම නැත්නම් ඩ්‍රැකියුලා කියන්නේ. ඇත්තටම ඩ්‍රැකියුලා කියන්නේ හාෆ් ‍ෆික්ශන් ගණයේ කතාවක්. ට්‍රාන්සිල්වේනියාවේ හිටපු "ව්ලඩ් ද ඉම්පලෙර්", එහෙම නැත්නම් ව්ලඩ් III (15 ශතවර්ශය) සි‍ටුවරයා තමා කතාවට මුල. මිනිහා මිනිස්සු 80,000 ක් විතර උල තියලා මරලා තියනටා කියලයි ආරංචිය!

    ඩ්‍රැකියුලා කියන නමේ තේරුම තමා "මකරා ගේ අණ" කියන එක. මුලින්ම ඩ්‍රැකියුලා හිට් වුණේ බ්‍රැම් ස්ටෝකර් මහත්තයගෙ පොතකින්, පුළුවන් නම් ඒක හොයාගෙන කියවන්න, චන්දන මෙන්ඩිස් මහත්තයා සිංහලට පරිවර්තනය කරලා තියනවා, ඒකත් ඉතින් නරකම නෑ, කඩ්ඩ පොත හොයාගන්න බැරි නම්!

    ReplyDelete
  6. ලස්සනයි අක්කියෝ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...