..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, June 10, 2010

෴ නෙගටිව් කවිය ෴



දුක දරණ හිත
තෙත බරිත නෙත
නුඹ නැතිව අද
මම තනිව
ඇත

රාත්‍රිය මගෙ
හීන පරවුන
හෙට අළුයමද
සිනා බොඳ වුන

ලැබී ඇති නුඹෙ
රෝස රතු මල
පෙති එකින් එක 
සුවඳ ගෙන ගිය

නුඹ නොමැති මගෙ
 මාලිගය හෙට
 කනත්තක් මිස
නොවේ සුර පුර

නුඹෙන් අද දින සමුගන්න
 මම
෴වත්෴

7 comments:

  1. හිතක් ලග තව හිතක් නතරවී
    හෙටක් ගැන සිතුවිලි උපදී

    ලොවක් වටින හිත ගියොත් දුර ඈත
    හැඩුම මහා සොහොනක තනිවී

    ReplyDelete
  2. සමුගන්නේ අදට විතරනේ...ආදරේ ඉතිරෙන කවි පදත් එක්ක හෙටත් ආයේ ඒවී....එහෙම නේද...

    හීන දළුලන
    නුබේ රාත්‍රිය
    ඔහුගෙ සුසුමින්
    තෙමෙයි රහසින්

    ReplyDelete
  3. මොකද වත් අක්කෙ දුකෙන් වගෙ... දුකෙ දි සිනාසෙන්න සැපෙදි අඬන්න මෙන්න මගෙ උපදෙස්.. ඉල්ලුවෙ නැති වුනත් දෙනවා.. මල්ලි හැමදාම මෙක දිහැ බලන් ඉන්නෙ.

    මතකය ඉතාම ශක්තිමත් එකක් කරගන්න.. දකින දකින හැමදෙ ගැනම හොදින් අවධානය දක්වන්න.. මට වැඩක් නැහැනෙ කියලා අවත්ක්සෙරු කරන්න එපා..

    ReplyDelete
  4. මට නම් කවි එච්චර දිරවන්නේ නෑ , නමුත් කියාන්න හෑදු දේ සරලව , හිතට වදින්න කියන්න කවිය ඇර වෙන කුමන මගක්ද ; දුක සැම අයෙකුටම පොදුයි , එය දරාගෑනිම තමා අවශ‍ය වන්නේ !!!

    ReplyDelete
  5. මේක මේ හෙට ඊලග කවිය දානකන් විතරක් තියෙන දුකක්...දිල් කියලා තියෙනවා හරි..

    ReplyDelete
  6. තනිය රජයන
    සිතක ගිනියම
    කියන පදවැල
    අගෙයි සොයුරිය

    ReplyDelete
  7. @ ඉලංදාරියා
    @ දිල්
    @ රවා
    @ හිඟන්නා
    @ Yasela Sumanasinghe
    @ මින්දද

    සියළු දෙනාටම හද පිරි ස්තූතිය.....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...