..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, June 13, 2010

,෴ ආදරේ පාන් වගේ කියල අහල තියද....."love is like bread, ෴

 do you love me yes or no Pictures, Images and Photos
තමන් ගොඩක් ප්‍රිය කරන කෙනෙක්ගෙන් SMS එකක්, කෝල් එකක්, තෑග්ගක් ලැබුනම හිතට දැනෙන හැඟීම විස්තර කරන්න කීවොත්.....

ඔන්න ඔන්න..... හීන් හිනාවක් ගියා නේද.......... ඒ මතකය වුනත් සතුටක් ගේනව............

තවත් කෙනෙක් ගේ හදවතේ ඉන්න විශේෂ කෙනෙක් වෙන්න අපි කවුරුත් කැමති.....ඒ විශේෂ බව අපට දැනෙන්නේ හැඟෙන්නේ ඒ බව අපට පෙන්නුවොත් විතරයි.....

නැත්තම් එයාට ඔබව කෙතරම් විශේෂ වුවත්, ඒ බව ඔබ දන්නෙ නැහැ....හරියට අඟුළුදාලා තිබ්බ ,කවුරුවත් යන්නෙ නැති නිවසක මලක් පිපුන වගේ... අඩු ගානේ මලේ සුවඳවත් දැනෙනව නම් අපි දන්නව අඟුළු ලා තිබ්බත් දකින්න බැරි වුනත් මලක් පිපිල තියෙනව කියල....
  
අනික මේ විශේෂ ස්ථානය බලෙන් වෙන් කරවා ගන්න බැහැනේ.... සල්ලි දීල වෙන් කරවා ගන්නත් බැහැ.... අල්ලස් දීල , පගාව දීල වෙන් කර ගන්නත් බැහැ.....
විවාහක යුවලක් වුනත් සහකරු සහකාරිය තමන්ට කොතරම් විශේෂිතද කියල ඉඳල හිටල හරි කියනව නම් ,ඔය තියන ඈල් මැරුණ ආදරේට නව පණක් ඒවි..... අපි කරන ලොකු ලොකු දේවල් වලට වඩා, පුංචි දේවල් වල ලොකු වටිනාකමක් තියෙනව....( Little things mean a lot )

ආදරේ පාන් වගේ කියල අහල තියද."love is like bread, it must be baked fresh daily........." පාන් හැමදාම අලුතින් හැදුවෙ නැත්තම් පරණ වෙනව නෙ.... (ඒකෙන් මම අදහස් කරන්නෙ නැහැ ආදරේ දිනෙන් දින වෙන වෙන අයට දෙන්න කියල හරිද......)

කොහොම නමුත් මට කියන්න වුවමනා වුනේ...... ඔබේ සිතේ යමි විශේෂ කෙනෙක් විශේෂයක් අයත් කරන් ඉන්නව නම් ඒ ගැන ඒ තැනැත්තට හඟවන්න.... විශේෂයි කියන්නේ අයිතිකර ගන්න එකම නෙමෙයි නෙ නේද......
Blow me a kiss from across the room

Say I look nice when I'm not

Touch my hair as you pass my chair

Little things mean a lot


Give me your arm as we cross the street

Call me at six on the dot

A line a day when you're far away

Little things mean a lot


Don't have to buy me diamonds or pearls

Champagne, sables, and such

I never cared much for diamonds and pearls

'cause honestly, honey, they just cost money


Give me a hand when I've lost the way

Give me your shoulder to cry on

Whether the day is bright or gray

Give me your heart to rely on 



Send me the warmth of a secret smile

To show me you haven't forgot

For now and forever, that's always and ever

Honey, little things mean a lot
(Kallen Kitty)

ඔබ මම මේ ලියන දේවල් බලන්න නිකමට හරි ගොඩවන්නේ .... මාත් නුඹට ටිකක් හරි විශේෂ නිස​ෙ නේද.................ඔබට ස්තූතියි

ඔබේ හදේ විශේෂ තැනක ඉන්නා
මම
෴වත්෴

17 ප්‍රතිචාර:

කරුමක්කාරයා said...

ඔව්ව කොරන්න ගොහින් තමා ඉල්ලන් කන්න වෙන්නෙ... හික්..

රවා said...

ඔයා ටිකක් නෙමෙ විශේෂ. කට්ටියව දැක්කෙ නැහැ කාලෙකින් එක තැනක.

මමත් හැමදාම ඇවිත් යනවා.. හැමොවම එකතැනක දකින්න බලාපොරොත්තුවෙන්. අක්කෙ කො තිස්ස අයියා, මාරයා..

Hasitha ජයසූරිය said...

බලන්නකො අප්පා ඒකෙත් හැටි....

ජීවිතේමල් said...
This comment has been removed by the author.
හසී said...

එකත් ඇත්ත තමා

ජීවිතේමල් said...
This comment has been removed by the author.
ඉලංදාරියා said...

අක්කී කියන්නේ ආදරේ "පාන්" එක එක විදිහට කන්න කියලා නෙද?...

Bunny ! said...

අරම SMS එකක් මටත් අවෝ.....ඒ විතරක් නෙවේ කොල් කරා.....අම්මේ හැපී හැපී :-D

හසියා said...

ගිය කෙනාට කෙතරම් ආදරේ කීවත් එන්නෙත් නෑ...
ඊළගට හිත ගිය කෙනා අන්සතු වෙලා....ඉතිං එයාට කියල වැඩකුත් නෑ.......
ඉදිරියට කෙනෙක් පතන්නෙත් නෑ...ඉතිං මේක වැඩකුත් නෑ‍‍‍.....
නිකන් කිව්වේ අක්කියෝ....ලිපිය හොදයි...
ආදරේ කරන අයට ඒ වගේම කරන්න ඉන්න අයටත් වැදගත් වෙයි ගොඩක්‍......

roylyfernando said...

ඔයා කියයි. අපිනෙ කරන්න ඕනා :)

Yasela Sumanasinghe said...

To make a woman happy ..... A man only needs to be:
1. A friend
2. A companion
3. A lover
4. A brother
5. A father
6. A master
7. A chef
8. An electrician
9. A carpenter
10. A plumber
11. A mechanic
12. A decorator
13. A stylist
16. A psychologist
17. A pest exterminator
18. A psychiatrist
19. A healer
20. A good listener
21. An organizer
22. A good father
23. Very clean
24. Sympathetic
25. Athletic
26. Warm
27. Attentive
28. Gallant
29. Intelligent
30. Funny
31. Creative
32. Tender
33. Strong
34. Understanding
35. Tolerant
36. Prudent
37. Ambitious
38. Capable
39. Courageous
40. Determined
41. True
42. Dependable
43. Passionate
WITHOUT FORGETTING TO:
44. Give her compliments regularly
45. Love shopping
46. be honest
47. be very rich
48. Not stress her out
49. Not look at other girls
AND AT THE SAME TIME, YOU MUST ALSO:
50. Give her lots of attention, but expect little yourself
51. Give her lots of time, especially time for herself
52. Give her lots of space, never worrying about where she goes
IT IS VERY IMPORTANT:
53. Never to forget:
* Birthdays
* Anniversaries
* Arrangements she makes


&
HOW TO MAKE A MAN HAPPY:

1. Just Leave him alone...Please

මින්දද said...

ආයෙත් අහලා... පහුගිය දවස් ටිකේ සෑහෙන්න අප්සෙට් එකේ හිටියේ මේ පැතිවල රවුම් ගහන්න විදිහක් නැතිව...

හා පැටික්කි (MS) said...

හැමදාමත් කියවල යනව විතරනේ...... මොනව හරි ලියන්න හිතුන... ඒත් ලියන්න හිතේ කිසිම දෙයක් නෑ.............

ආහ් නෑ මතක් උනා පාන් කෑවම වගේම මේකත් අන්තිමට ලෙඩ ගොඩකට මූලාරම්භය වෙන්න පුලුවන්......... :) :) :) :)

ලිපිය නම් වැදගත් අක්කියෝ........

@ හසිය
අයිය කියපු කතාව නම් ගොඩක් හිතට දැනුන........

wath said...

@ කරුමක්කාරයා
අත්දැකීම් තියෙයි වගේ....

@ රවා
කට්ටිය ?

@ Hasitha ජයසූරිය
හ්ම් හ්ම්....

@ හසී
හ්ම්
@ ඉලංදාරියා
පාන් කන්න. ආදරේ මොනාව කන්නද. ආදරේ කන්නෙ අපිව තමයි...

@ Bunny !
හා පැටියෝ... අමාරුවෙ වැටෙන්න වගේ නේද?
@ හසියා
හ්ම්

@ roylyfernando
අමාරුවන් හරි කරගත්තොත් කාටද...

@ Yasela Sumanasinghe
පාඩුවෙ ඉන්න දුන්නම හරිද ආහ්..

@ මින්දද
මෙන්න මින්දද ඇවිල්ලෝ....

@ හා පැටික්කි (MS)
හ්ම් හ්ම් ... ස්තූතියි හාවියේ...

wath said...

මට දන්න කෙනෙක් කියනවද මේ හසී පවුල ගැන...
හසී
හසියා
හසිත ජයසුරිය
අනේ මගේ ඔළුවත් තැරකැවෙනවා....

හසියා said...

හරි හරි මේ පැත්තේ එන්න එපා කීවනම් හරිනේ....එන්නෑ අයේ.... :\
(ඒත් ඉතිං නෑවිත් කොමැයි අක්කිගේ ලිපි කියවන්නේ....)

එක දෙයක් කියන්න පුළුවන් අක්කියෝ සාඩම්බර හසී පවුලේ කෙනෙක් විදියට මට....

අපි තුන්දෙනාගෙම නමේ "හසි" තියෙනවා‍‍‍....
අපි ඇවිත් "ත්‍රී හසීස්" ;-)

නාට්‍යකාරයා said...

නියමයි ඇත්තම ඇත්ත.....................

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...