..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, June 12, 2010

෴ කුඩේ යටට තෙමෙන්න එන්න ෴



 

ගිනි ගහන අවුවටත්
නා කපන වැස්සටත්
මා සදා සුරකිනා
 නුඹේ සිත මේ වගෙයි

නපුරු මා සිත සදා
නුඹට හිරි හැර කරත්
සදා ආදරෙන් ඉන්න
නුඹේ සිත මේ වගෙයි


ආදරෙන් වහන් වී
ගුහාවේ සැගවුනත්
සුවඳ දොර නොවසනා
නුඹේ සිත මේ වගෙයි

කොහේ මා සැඟවුනත්
යළිත් මා කැඳවනා
නුඹේ ආදර වැස්ස
කුඩේ යට අපි තෙමයි



කුඩේ යටට යන්න බැරිව තැවෙන 
මම
෴  වත් ෴ 

12 ප්‍රතිචාර:

රවා said...

කුඩෙ යටට යන්න බැරි වුන එකට තැවෙන්න එපා.. ඔකට ගියොත් එලියට එන්නත් අමාරුයි අක්කෙ.. කො සද්ද බද්ද මුකුත් නැහැ... දැන් ඉතින් ලොකු අයනෙ.. නෙ අපිව මතක නැහැ ... හරි හරි... කමක් නැහැ.. ඔයාලට ගොඩාක් වෙලාවට අමතක වෙනවා අපිව.. නමුත් කරුමෙ කියන්නෙ අපිට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාලව.. කො කට්ටිය... තාම කට්ටිය එකතු වෙන්න තැනක් හදාගත්තෙ නැද්ද...?

හසී said...

ලස්සන පද පෙලක් අක්කේ

sampathjt said...

ලස්සන පද ටිකක්...
කුඩේ යටට යන්න දවසක් උදාවේවි...ඉවසන් ඉන්න..
ජයවේවා!!!

මින්දද said...

යන්න ඔබ කුඩේ යටට
සොඳුරුයි.. ලෙංගතුයි එය
රැක ගනිවී ඔබව නිති
අව්වෙනුත් වැස්සෙනුත්...

Siribiris said...

මම සාමාන්‍යයෙන් කොමෙන්ට් කරන්න හොරයි. ඒත් නොවැරදීම මේ බ්ලොග් එක නං බලනවා. පහුගිය දවස් ටිකේම තිබුනු කයි කතන්දර දිහා බැලුවාම නං හිතුනෙ, හරියටම හේතුව නොදන්නවා උනත් කාලෙ නං එච්චර හොද නෑ කියලයි. අපට වඩා ප්‍රශ්ණ තිබිලත් හිනාවෙලා ඉන්න දිරිමත් මිනිසුන් ඉන්නවා, මම මානසිකව වැ‍ටුනාම ඒ වගේ අයගෙ කථා බලලා හිත හදා ගන්නවා.

http://www.youtube.com/watch?v=wOlTdkYXuzE

මම වැරදි වෙන්නත් පුළුවන්, එහෙම නං සමාවෙන්න.

හසියා said...

හෆ්ෆේ පික්සු කාතාකරන්න එපා අක්කියෝ....ඕකේ යටට ඇවිත් තෙමිල හෙම්බිරිස්සාවක් වත් හැදුනොත් මට මගේ අම්මිගෙන් හොදටම බැනුම් අහගන්න තමයි වෙන්නේ.....

කුඩේ යටට යන්න බැරිවුනාට ඔය කුඩේ ඇතුලේ ලස්සනයි සුන්දරයි හැබැයි භයානකයි කියල නම් දන්නවා.....

ලස්සනයි පද පෙළ අක්කියෝ......

ඉලංදාරියා said...

හිරි පොද වැස්ස වැටෙනකොට
කුඩයක් යට ආදරේන්
ආදර වැස්සේ තෙමෙද්දී
අනේ එවගේ සැපක්
තව කොඉන්ද මට...

අක්කී ලස්සනම ලස්සන පද ටිකක්....

දුකා said...

කුඩේ යටට යන්න බැරුව ළත වෙන්නේ කුඩේ සවි ශක්තිය ගැන අවිස්වාසෙන්ද . .

නැති නම් කුඩේ යට තමන් හිතන තරම් ආරක්ෂාවක් තියෙයි කියලා හිත හිත ඉන්න නිසාද . . .

පිලිසරණක් පතාගෙන නම් කුඩේ යටට යන්නේ . . .

යන්න කලින් පතණ පිලිසරන ලැබෙයිද කියලා හිතා බලන එක හොඳ දෙයක් . ..

wath said...

@ රවා
අනේ මන්ද

@ හසී
ස්තූතියි නංගෝ

@ sampathjt
ඉවසමි ඉවසමි...... ස්තූතියි

@ මින්දද
හ්ම් ඒකත් ඇත්ත තමයි

wath said...

@ Siribiris
ඔයා හරි සිරිබිරිස් . මේ දවස් වල හිත නම් කැලෑ වැදිල මගේ.... කොමෙන්ට් නොකරන කෙනෙක් මා වෙනුවෙන් කමෙන්ට් කර එකත් ලොකු දෙයක්. ස්තූතියි ඔබට.

wath said...

@ හසියා
හසී පැටියෝ... ඔයාට තව කල් තියෙනවා....

@ ඉලංදාරියා
සැප තමයි දුක වෙන්නෙත් ඉලංදාරියෝ....

@ දුකා
හ්ම් ... හිතේ දෙගිඩියාව තමයි .. වෙන මොනාද ....

හසී රන් said...

මේ වැස්සෙන් බේරෙන්නට
ගියත් අනේ කුඩේ යටට
දුක් වැස්සෙන් බේරෙන්නට
යන්නේ කොහේද කියන්න මට

අව්ව වැස්ස ඉවසතෑකි
කදුලු වැස්ස ඉවසනු බෑ
කිඹුලා කාපි ඉවසතෑකි
කොහිල කටුව ඉවසනු බෑ

සීතලේ ගුලි වෙලා උණුසුමක් හොයන්නට
සැනසිම දෝතට ගෙන සතුටින් සිනාසෙන්නට
වත් අක්කා කියන ලෙස ආදර වැස්සේ තෙමෙන්ට
වරම් ලැබේවා හොද ආදර හිත් වලට . . .

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...